Wednesday, September 9, 2009

ඔබගේ පරිගණකයටත් වෝට(ර්* කූලිං සිස්ටම් එකක්



ඔබගේ පරිගණකයටත් වෝට(ර්* කූලිං සිස්ටම් එකක්
මෝටර් රථවල එන්ýමෙහි නිපදවෙන අධික තාපය අඩු කිරීම සදහා විශේෂ වෝට(ර්* කූලිං සිස්ටම් එකක් ඒවායේ කි‍්‍රයාත්මක වන බව අමුතුවෙන් ඔබට කිවයුතු කරුණක් නොවෙයි. ඇතැම් මෝටර් සයිකල්වල ද මෙම තාඏණය තරමක් සරල ආකාරයකින් භාවිත වනවා. නමුත් මෙම ලිපියෙන් මා ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මෝටර් රථවල දක්නට ලැබෙන වෝට(ර්* කූලිං සිස්ටම් ගැන නොවෙයි. අපගේ අවධානය මදකට පරිගණක දෙස යොමුකරමු. ඔබ දන්නවා පරිගණක යනු කි‍්‍රයාත්මක වීමේදී විශාල වශයෙන් උණුසුම් වන උපකරණයක් බව. විශේෂයෙන්ම පරිගණකයේ ප්‍රොසෙසරය මෙසේ වැඩියෙන්ම උණුසුම් වන උපාංග අතර ඉදිරියෙන්ම සිටිනවා. එනිසා කිනම් හෝ ක‍්‍රමයකින් එය සිසිල් කළ යුතුයි.මේ සදහා මෑතක් වන තුරුම භාවිත වූයේ විදුලි පංකාවකි.
ප්‍රොසෙසරය උණුසුම් වන ප‍්‍රමාණයට අනුව මෙහි වේගය ස්වයංකී‍්‍රයවම අඩු වැඩි වනවා. එහෙත් පරිගණක සිසිලනය සදහා යොදාගන්නා නවතම තාඏණය වන්නේ ඡුලය මගින් පරිගණක සිසිල් කිරීමයි. මෙය රථ වාහනවල දක්නට ලැබෙන සිසිලන ක‍්‍රමයට තරමක් සමානයි. විශේෂයෙන්ම අතිනවීන පරිගණක කී‍්‍රඩා සදහා ඇබ්බැහි වූවන් අධිවේගී පරිගණක භාවිත කරනවා. එපමණක් නොවෙයි. වීඩියෝ සංස්කරණය, ති‍්‍රමාණ සඡීවීකරණය ආදී කටයුතු සදහා පරිගණකයේ හොද වේගයක් තිබිය යුතුයි. පරිගණකයේ වේගය වැඩිවනවා යන්නෙන් අදහස් වන්නේ පරිගණකය උණුසුම් වීමේ ප‍්‍රමාණයද වැඩි වන බවයි.
ඒ අධිවේගී පරිගණක උපාංග කි‍්‍රයා කිරීමේදී දැඩි තාපයක් ඡුනනය වීමයි. එනිසා එවන් පරිගණන සිසිල් කිරීම සදහා සාම්ප‍්‍රදායික සිසිලන පංකා භාවිත කිරීම පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැහැ. එවන් පසුබිමක් තුළයි වෝට(ර්* කූලිං සිස්ටම් උපත ලබන්නේ. මෙමගින් ඔබටද අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් ඔබගේ පරිගණකය සදහාද වෝට(ර්* කූලිං සිස්ටම් එකක් එක් කරගන්නා අන්දම දැනගන්න ලැබෙනවා.

වෝට(ර්* කූලිං සිස්ටම් ගැන කතා කිරීමේදී බොහෝදෙනා කළබලයට පත්වන කරුණක් වන්නේ ඒවායේ මිළයි. එහෙත් අධික මුදලක් වියදම් කිරීමකින් තොරව හොද තත්වයේ එකක් ඔබට මිළදී ගන්න පුලූවන්. එසේම මෙවැන්නක් සවිකිරීම සදහා ඔබ පරිගණක දෘඩාංග විශේෂඥයෙක් විය යුතු නැහැ. ඉහතින්ද සදහන් කළ පරිදි පරිගණක කි‍්‍රඩා සදහා ඔබ ඇලූම් කරන්නේ නම් ඒ සදහා ඇති හොදම විකල්පයක් වන්නේ වෝට(ර්* කූලිං සිස්ටම් එකක් පරිගණකයේ සවිකර ගැනීමයි. කිසිදු සිසිලන පංකාවක් මේවායේ කි‍්‍රයාත්මක නොවන බැවින් පරිගණකයෙන් නැගෙන ඝෝෂාවටද ඉතා සාර්ථක පිළියමක් ලෙසින්ද වෝට(ර්* කූලිං සිස්ටම් හදුන්වාදිය හැකියි.
ඊ.එස්.ඒ. පැමිණිමත් සමග මෙම තාඏණය පිළිබදව නිතර නිතර කතා කෙරෙනවා. එනිසා ඔබගේ පරිගණකයේ මව් පුවරුව, පී.සී. කේස් එක ආදිය ඊ.එස්.ඒ. සදහා ගැලපෙන්නේ නම් සී.පී.යූ හා ඡී.පී.යූ එක ඹ්වර්ක්ලොක් කරගැනීමේ හැකියාවක්ද ඔබට ලැබෙනවා.
එසේම සී.පී.යූ හි කි‍්‍රයාකාරීත්වයද ඔබට පාලනය කරන්න පුලූවන්. අප මේ සදහා යොදාගත්තේ සීමෝස් 1000 වර්ගයේ පී.සී කේස් එකක් හා කූලර් මාස්ටර් සමාගමේ ඇක්වාගේට් මැක්ස් ය. දැන් අපි බලමු මෙම උපකරණ පදනම් කරගෙන එකක් සවිකරගන්නා ආකාරය පිළිබදව.

පියවර 01
වෝට(ර්* කූලිං කිට් එකක් සී.පී.යූ වෝට(ර්* බ්ලොක්ල ඉන්ටෙල් හා ඒ.එම්.ඞී ප්‍රොසෙසරවලට ගැලපෙන පරිදි සකස් කළ මවුන්ට්න් බ‍්‍රැකට්ස්, රේඩියේටර්ල ඡුලය තැන්පත් කරගන්නා කුඩා ටැංකියකින් හා පොම්පයකින් සමන්විත වෙයි. එසේම උෂ්ණත්ව සංවේදක හා එයට විදුලිය සැපයීම සදහා යූ.එස්.බී කේබලයක්ද එහි ඇත.



පියවර-02
ඔබ අලූතින්ම පරිගණකයක් එකළස් කරගන්නේ නම් මේ අවස්ථාවේ එහි මව් පුවරුව පරිගණකයේ කේස් එකට සවි නොකළ යුතුයි. එයට හේතුව වෝට(ර්* කූලිං කිට් එකක් සවිකිරීමේදී පරිගණකයේ මව් පුවරුව ගැලවීමට සිදුවන බැවිනි. සී.පී.යූ එක සවිකර එහි තාප සන්නායක මැළියම් ආලේප කරන්න.

පියවර-03
ඔබගේ පරිගණකයේ මව් පුවරුව ඉන්ටෙල් ප්‍රොසෙසරවලට ගැලපෙන්නේ නම් එය අනෙක් අතට හරවා ප්ලේට් එක සී.පී. යූ සොකට් එකට පසුපසින් සවිකරගන්න. පසුව මව්පුවරුවද අනෙක් අතට හරවා සීපීයූ බ්ලොක් එක ඇණවලින් සවිකරගන්න. ඒ.එම්.ඞී ප්‍රොසෙසර සදහා ඒ සමගම ලැබෙන 939/ ඒ.එම් 2 සොකට් එක මේ සදහා යොදාගන්න.

පියවර-04
දැන් පරිගණකයේ කේස් එකෙහි ඉහළ කෙළවරට ආසන්නයේ රේඩියේටරය සවිකරන්න. නමුත් මේ සදහා සුදුසු ස්ථානයක් තෝරාගත හැකිය. ඇතැම් කේසස් මේ සදහා වෙනම ඉඩක් වෙන්කර ඇති අන්දමද හදුනාගන්න පුලූවන්. දැන් රේඩියේටරය එයත් සමග ලැබෙන ඇණ මගින් හොදින් සවිකර ගන්න.

පියවර-05
වෝට(ර්* කූලිං කිට් එකත් සමග ලැබෙන මෙනුවලය කියවා ඡුලය රැුගෙනයන නළවල දිග එහි දැක්වෙන සම්මත මිනුම්වලට අනුව කපාගන්න. දැන් ඡුලය ගබඩා කරගන්නා ටැංකිය හෙවත් වෝට(ර්* රිසවය(ර්* එක හා සී.පී.යූ බ්ලොක් එක ද එම නළ සමග සවිකරගන්න.

පියවර-06
වෝට(ර්* පම්ප් එකෙහි පසුපසින් එයට විදුලිය සැපයෙන ස්ථාන,රේඩියේටර් ෆෑන්ස් දෙකක්, සෙන්සර්ස් 5ක්, යූ.එස්.බී ඉන්ලෙට් හා අවුට්ලෙට් නොසල් හදුනාගත හැකියි. සියලූම වයර් නිසි ලෙස සම්බන්ධ කර ඇත්දැයි නැවත වරක් පරිඏා කරන්න. මෙහි ඇති යූ.එස්.බී කේබලය සවිවන්නේ මව්පුවරුවෙහි ඇති යූ.එස්.බී හෙඩර් එකට වන අතර සෙන්සර් දෙකක් ස්ලොට් 1 හා 2 ට සවිකළ යුතුයි. ඉතිරි ස්ලොට්ස් ඇත්තේ ඔබ ඡී.පී.යූ එක සදහාද වෝට(ර්* කූලිං කිට් එකක් යොදාගන්නේ නම් පමණයි.

පියවර-07
මී ළගට සිසිලන කාරක දියර ගෙනයන නළ වලට වෝට(ර්* පම්ප් එක සවිකරගන්න. මෙයත් සමග ලැබෙන ද්‍රාවණය සාන්ද්‍ර තත්වයේ පවතින අතර අවශ්‍ය නම් ඡුලය 1ථ3 අනුපාතයට එක් කර එය තනුක ද්‍රාවණයක් බවට පත්කරගන්න. පසුව වෝට(ර්* පම්ප් එක පිරෙන තුරු එය මේ ද්‍රාවණයෙන් පුරවන්න.

1 comment: