Thursday, September 10, 2009

ඡුලයෙන් ති‍්‍රමාණ ප්‍රොසෙසර සිසිල් කිරීම



ඡුලයෙන් ති‍්‍රමාණ ප්‍රොසෙසර සිසිල් කිරීම

වාහනයක වැඩියෙන්ම උණුසුම් වන උපකරණය වන්නේ එහි එන්ýමයි. එසේම පරිගණකයක ද වැඩියෙන්ම උණුසුම් වන උපාංගය වන්නේ එහි ප්‍රොසෙසරයයි. වාහනයක රත්වන එන්ýම සිසිල් කිරීම සදහා යොදාගන්නේ ඡුලය බව ඔබත් දන්නවා. නමුත් පරිගණකයක ප්‍රොසෙසරය සිසිල් කිරීම සදහාත් මෙම තාඏණය යොදාගැනීමේ නවතම ක‍්‍රමයක් පිළිබදව පසුගිය මාසයේ ලෝකයේම කතාබහට ලක්වූවා. ඒ අයි.බී.එම් සමාගම විසින් මුල්වරට සොයාගත් ති‍්‍රමාණ ප්‍රොසෙසර සිසිල් කිරීම සදහා ඡුලය යොදාගැනීමයි.
සාමාන්‍ය ප්‍රොසෙසර නිෂ්පාදනය කරන්නේ ද්වීමාන ආකාරයෙන්. එනම් මේවායේ තිබෙන්නේ දිගක් හා පළලක් පමණක් වනබව අමුතුවෙන් ඔබට සදහන් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එසේනම් මේ ති‍්‍රමාණ ප්‍රොසෙසර හෙවත් තී‍්‍රඞී. ප්‍රොසෙසර යනුවෙන් හදුන්වන්නේ මොනවාද?. එනම් මෙම ප්‍රොසෙසරවල ඇත්තේ දිගක්, පළලක් පමණක්ම නොවේ. මේවායේ උසක් හෙවත් ඝනකමක් ද තිබෙනවා.
මෙම ප්‍රොසෙසර නිපදවන්නේ සාමාන්‍ය ප්‍රොසෙසර ආකාරයෙන් නොවන අතර මෙහි ස්තර කිහිපයක් දක්නට ලැබෙනවා. ඡුලය ගෙනයාම සදහා සියුම් නාළ පද්ධතිය නිර්මාණය කරන්නේ මෙම ස්තර අතරිනුයි. මෙවන් තාක්ෂණයක් හදුන්වාදීමට හේතුවූයේ මෙම ප්‍රොසෙසර කි‍්‍රයාත්මක වීමේදී සාමාන්‍ය සිසිලන පංකාවකින් සිසිල් කිරීම ප‍්‍රමාණවත් නොවන නිසයි. මෙම තාඏණය මේවන විටත් ඇමරිකාවේ ෆ‍්‍රැන්හෝෆර් හා බිග් බ්ලූ නමින් හදුන්වන පර්යේෂණාගාරවල පර්යේෂණයන්ට ලක්වෙමින් තිබෙනවා. මෙහි දැක්වෙන්නේ මෙවන් ප්‍රොසෙසරයක නිර්මාණ ව්‍යුහයයි. මේ සදහා ඔවුන් යොදාගෙන ඇති තාක්ෂණය හදුන්වන්නේ එස්.ටී.වී නමිනුයි.
පර්යේෂකයන් සදහන් කරන්නේ සී.පී.යූ එකක් ඇතුළත ඇති සියුම් රැුහැන්වලින් දත්ත ගලායාමේ දී සිදුවන ප‍්‍රමාදය මෙම නව ප්‍රොසෙසරවල දක්නට නොලැබෙන බවයි. එනම් මේ ප්‍රොසෙසර වේගයෙන් කි‍්‍රයාත්මක වනවා. මේ නිසා පරිගණකයේ වේගය ද වැඩිවීමක් සිදුවනවා. එසේම අඩු විදුලියක් පරිහරණය කරමින් මේවා කි‍්‍රයාත්මක වනවා. මේ පිළිබදව ්ඵෘ සමාගම ද මේවන විටත් පර්යේෂණ පවත්වමින් සිටිනවා. මේ සදහා යොදාගැනෙන සිසිලන පද්ධතියේ විශාලත්වය වන්නේ මයික්‍රෝන් 100කි. මයික්‍රෝන එකක් යන්නෙන් අදහස් වන්නේ මීරටයෙන් දශලක්ෂයෙන් එකකි.
ඉහතින්ද සදහන් කළ ආකාරයට මෙම ලේයර්ස් තැන්පත් කර ඇත්තේ ප්‍රොසෙසරයේ ඩයි නමින් හදුන්වන කොටස් අතරයි. පරිගණකයක රත්වන කොටස් සිසිල් කිරීම සදහා ඡුලය යොදාගත්තේ අද ඊයේ නොවේ. අතීතයේ භාවිත වූ මේන්ෆ්රේම් පරිගණක කි‍්‍රයාත්මක වීමේදී ද අධික තාපයක් ඡුනනය වූ අතර ඒවා සිසිල් කිරීම සදහා ද ඡුලය යොදාගත්තේය. මෙම තාක්ෂණයේම තවත් ඉදිරි පිම්මක් ලෙසින් ප්‍රොසෙසර සිසිල් කිරීම සදහා ඡුලය යොදාගැනීම සදහන් කළ හැකිය. කෙසේ වෙතත් ඡුලයෙන් සිසිල් කිරීමට බලාපොරොත්තු වන්නේ පරිගණක ප්‍රොසෙසර පමණක්ම නොවේ. නුදුරු අනාගතයේම රැුම් පරිපථ සිසිල් කිරීම සදහාද මෙම තාක්ෂණය යොදාගැනීමට වර්තමානයේ පර්යේෂණ සිදුකෙරෙමින් පවතී.

No comments:

Post a Comment