Wednesday, September 9, 2009

ඔබගේ පරිගණකයටත් වෝට(ර්* කූලිං සිස්ටම් එකක්



ඔබගේ පරිගණකයටත් වෝට(ර්* කූලිං සිස්ටම් එකක්
මෝටර් රථවල එන්ýමෙහි නිපදවෙන අධික තාපය අඩු කිරීම සදහා විශේෂ වෝට(ර්* කූලිං සිස්ටම් එකක් ඒවායේ කි‍්‍රයාත්මක වන බව අමුතුවෙන් ඔබට කිවයුතු කරුණක් නොවෙයි. ඇතැම් මෝටර් සයිකල්වල ද මෙම තාඏණය තරමක් සරල ආකාරයකින් භාවිත වනවා. නමුත් මෙම ලිපියෙන් මා ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මෝටර් රථවල දක්නට ලැබෙන වෝට(ර්* කූලිං සිස්ටම් ගැන නොවෙයි. අපගේ අවධානය මදකට පරිගණක දෙස යොමුකරමු. ඔබ දන්නවා පරිගණක යනු කි‍්‍රයාත්මක වීමේදී විශාල වශයෙන් උණුසුම් වන උපකරණයක් බව. විශේෂයෙන්ම පරිගණකයේ ප්‍රොසෙසරය මෙසේ වැඩියෙන්ම උණුසුම් වන උපාංග අතර ඉදිරියෙන්ම සිටිනවා. එනිසා කිනම් හෝ ක‍්‍රමයකින් එය සිසිල් කළ යුතුයි.මේ සදහා මෑතක් වන තුරුම භාවිත වූයේ විදුලි පංකාවකි.
ප්‍රොසෙසරය උණුසුම් වන ප‍්‍රමාණයට අනුව මෙහි වේගය ස්වයංකී‍්‍රයවම අඩු වැඩි වනවා. එහෙත් පරිගණක සිසිලනය සදහා යොදාගන්නා නවතම තාඏණය වන්නේ ඡුලය මගින් පරිගණක සිසිල් කිරීමයි. මෙය රථ වාහනවල දක්නට ලැබෙන සිසිලන ක‍්‍රමයට තරමක් සමානයි. විශේෂයෙන්ම අතිනවීන පරිගණක කී‍්‍රඩා සදහා ඇබ්බැහි වූවන් අධිවේගී පරිගණක භාවිත කරනවා. එපමණක් නොවෙයි. වීඩියෝ සංස්කරණය, ති‍්‍රමාණ සඡීවීකරණය ආදී කටයුතු සදහා පරිගණකයේ හොද වේගයක් තිබිය යුතුයි. පරිගණකයේ වේගය වැඩිවනවා යන්නෙන් අදහස් වන්නේ පරිගණකය උණුසුම් වීමේ ප‍්‍රමාණයද වැඩි වන බවයි.
ඒ අධිවේගී පරිගණක උපාංග කි‍්‍රයා කිරීමේදී දැඩි තාපයක් ඡුනනය වීමයි. එනිසා එවන් පරිගණන සිසිල් කිරීම සදහා සාම්ප‍්‍රදායික සිසිලන පංකා භාවිත කිරීම පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැහැ. එවන් පසුබිමක් තුළයි වෝට(ර්* කූලිං සිස්ටම් උපත ලබන්නේ. මෙමගින් ඔබටද අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් ඔබගේ පරිගණකය සදහාද වෝට(ර්* කූලිං සිස්ටම් එකක් එක් කරගන්නා අන්දම දැනගන්න ලැබෙනවා.

වෝට(ර්* කූලිං සිස්ටම් ගැන කතා කිරීමේදී බොහෝදෙනා කළබලයට පත්වන කරුණක් වන්නේ ඒවායේ මිළයි. එහෙත් අධික මුදලක් වියදම් කිරීමකින් තොරව හොද තත්වයේ එකක් ඔබට මිළදී ගන්න පුලූවන්. එසේම මෙවැන්නක් සවිකිරීම සදහා ඔබ පරිගණක දෘඩාංග විශේෂඥයෙක් විය යුතු නැහැ. ඉහතින්ද සදහන් කළ පරිදි පරිගණක කි‍්‍රඩා සදහා ඔබ ඇලූම් කරන්නේ නම් ඒ සදහා ඇති හොදම විකල්පයක් වන්නේ වෝට(ර්* කූලිං සිස්ටම් එකක් පරිගණකයේ සවිකර ගැනීමයි. කිසිදු සිසිලන පංකාවක් මේවායේ කි‍්‍රයාත්මක නොවන බැවින් පරිගණකයෙන් නැගෙන ඝෝෂාවටද ඉතා සාර්ථක පිළියමක් ලෙසින්ද වෝට(ර්* කූලිං සිස්ටම් හදුන්වාදිය හැකියි.
ඊ.එස්.ඒ. පැමිණිමත් සමග මෙම තාඏණය පිළිබදව නිතර නිතර කතා කෙරෙනවා. එනිසා ඔබගේ පරිගණකයේ මව් පුවරුව, පී.සී. කේස් එක ආදිය ඊ.එස්.ඒ. සදහා ගැලපෙන්නේ නම් සී.පී.යූ හා ඡී.පී.යූ එක ඹ්වර්ක්ලොක් කරගැනීමේ හැකියාවක්ද ඔබට ලැබෙනවා.
එසේම සී.පී.යූ හි කි‍්‍රයාකාරීත්වයද ඔබට පාලනය කරන්න පුලූවන්. අප මේ සදහා යොදාගත්තේ සීමෝස් 1000 වර්ගයේ පී.සී කේස් එකක් හා කූලර් මාස්ටර් සමාගමේ ඇක්වාගේට් මැක්ස් ය. දැන් අපි බලමු මෙම උපකරණ පදනම් කරගෙන එකක් සවිකරගන්නා ආකාරය පිළිබදව.

පියවර 01
වෝට(ර්* කූලිං කිට් එකක් සී.පී.යූ වෝට(ර්* බ්ලොක්ල ඉන්ටෙල් හා ඒ.එම්.ඞී ප්‍රොසෙසරවලට ගැලපෙන පරිදි සකස් කළ මවුන්ට්න් බ‍්‍රැකට්ස්, රේඩියේටර්ල ඡුලය තැන්පත් කරගන්නා කුඩා ටැංකියකින් හා පොම්පයකින් සමන්විත වෙයි. එසේම උෂ්ණත්ව සංවේදක හා එයට විදුලිය සැපයීම සදහා යූ.එස්.බී කේබලයක්ද එහි ඇත.



පියවර-02
ඔබ අලූතින්ම පරිගණකයක් එකළස් කරගන්නේ නම් මේ අවස්ථාවේ එහි මව් පුවරුව පරිගණකයේ කේස් එකට සවි නොකළ යුතුයි. එයට හේතුව වෝට(ර්* කූලිං කිට් එකක් සවිකිරීමේදී පරිගණකයේ මව් පුවරුව ගැලවීමට සිදුවන බැවිනි. සී.පී.යූ එක සවිකර එහි තාප සන්නායක මැළියම් ආලේප කරන්න.

පියවර-03
ඔබගේ පරිගණකයේ මව් පුවරුව ඉන්ටෙල් ප්‍රොසෙසරවලට ගැලපෙන්නේ නම් එය අනෙක් අතට හරවා ප්ලේට් එක සී.පී. යූ සොකට් එකට පසුපසින් සවිකරගන්න. පසුව මව්පුවරුවද අනෙක් අතට හරවා සීපීයූ බ්ලොක් එක ඇණවලින් සවිකරගන්න. ඒ.එම්.ඞී ප්‍රොසෙසර සදහා ඒ සමගම ලැබෙන 939/ ඒ.එම් 2 සොකට් එක මේ සදහා යොදාගන්න.

පියවර-04
දැන් පරිගණකයේ කේස් එකෙහි ඉහළ කෙළවරට ආසන්නයේ රේඩියේටරය සවිකරන්න. නමුත් මේ සදහා සුදුසු ස්ථානයක් තෝරාගත හැකිය. ඇතැම් කේසස් මේ සදහා වෙනම ඉඩක් වෙන්කර ඇති අන්දමද හදුනාගන්න පුලූවන්. දැන් රේඩියේටරය එයත් සමග ලැබෙන ඇණ මගින් හොදින් සවිකර ගන්න.

පියවර-05
වෝට(ර්* කූලිං කිට් එකත් සමග ලැබෙන මෙනුවලය කියවා ඡුලය රැුගෙනයන නළවල දිග එහි දැක්වෙන සම්මත මිනුම්වලට අනුව කපාගන්න. දැන් ඡුලය ගබඩා කරගන්නා ටැංකිය හෙවත් වෝට(ර්* රිසවය(ර්* එක හා සී.පී.යූ බ්ලොක් එක ද එම නළ සමග සවිකරගන්න.

පියවර-06
වෝට(ර්* පම්ප් එකෙහි පසුපසින් එයට විදුලිය සැපයෙන ස්ථාන,රේඩියේටර් ෆෑන්ස් දෙකක්, සෙන්සර්ස් 5ක්, යූ.එස්.බී ඉන්ලෙට් හා අවුට්ලෙට් නොසල් හදුනාගත හැකියි. සියලූම වයර් නිසි ලෙස සම්බන්ධ කර ඇත්දැයි නැවත වරක් පරිඏා කරන්න. මෙහි ඇති යූ.එස්.බී කේබලය සවිවන්නේ මව්පුවරුවෙහි ඇති යූ.එස්.බී හෙඩර් එකට වන අතර සෙන්සර් දෙකක් ස්ලොට් 1 හා 2 ට සවිකළ යුතුයි. ඉතිරි ස්ලොට්ස් ඇත්තේ ඔබ ඡී.පී.යූ එක සදහාද වෝට(ර්* කූලිං කිට් එකක් යොදාගන්නේ නම් පමණයි.

පියවර-07
මී ළගට සිසිලන කාරක දියර ගෙනයන නළ වලට වෝට(ර්* පම්ප් එක සවිකරගන්න. මෙයත් සමග ලැබෙන ද්‍රාවණය සාන්ද්‍ර තත්වයේ පවතින අතර අවශ්‍ය නම් ඡුලය 1ථ3 අනුපාතයට එක් කර එය තනුක ද්‍රාවණයක් බවට පත්කරගන්න. පසුව වෝට(ර්* පම්ප් එක පිරෙන තුරු එය මේ ද්‍රාවණයෙන් පුරවන්න.

ඔබගේ පරිගණකයේ ඔප්ටිකල් ඩ‍්‍රයිව් එක ඔබ ම සර්විස් කරගන්න


ඔබගේ පරිගණකයේ ඔප්ටිකල් ඩ‍්‍රයිව් එක ඔබ ම සර්විස් කරගන්න
කලක් ගතවන විට පරිගණකයේ ඩිස්ක ධාවකය විවිධ හේතු සාධක නිසා නිසි පරිදි කි‍්‍රයාත්මක නොවීමට ඉඩ ඇති බව ඔබ දැනටමත් දන්නා කරුණකි. ඩිස්ක් ක්ලීනර් වැනි ඩිස්ක භාවිත කළත් සමහර අවස්ථාවල මෙයට සාර්ථක විසදුම් ලැබුණ ද බොහෝ අවස්ථාවලදී එම ක‍්‍රමය ප‍්‍රමාණවත් නොවෙයි. එවන් අවස්ථාවල දී ඩ‍්‍රයිව් එක සර්විස් කිරීමට ඔබට සිදුවනු ඇත. පහත දැක්වෙන්නේ මෙම කි‍්‍රයාවලිය සිදුකරන අන්දමයි.මේ සදහා ඔබට මෙම උපකරණ අවශ්‍ය වෙයි.
- ඉස්කුරුප්පු නියනක්
- කෙදි ස්වභාවයෙන් තොර පිරිසිදු රෙදි කැබැල්ලක්
- පෙට්‍රෝලියම් ඡෙලි හෝ වැස්ලින් ස්වල්පයක්
- කන් පිරිසිදු කිරීමට යොදාගන්නා ැ්ර ඉමා කිහිපයක්
- සබන් දියර ස්වල්පයක්
පියවර-01
පරිගණකයේ සී.ඞී. ඩ‍්‍රයිව් එක ඉවත් කිරීමට පෙර එහි ටෙ‍්‍රි එක ඉවතට ගන්න. පසුව පරිගණකයේ කේසිං එක ඉවත් කර සී.ඞී. ඩ‍්‍රයිව් එක ප‍්‍රවේශමෙන් ඉවත් කරගන්න.

පියවර-02
මී ළඟට ඩ‍්‍රයිව් එකෙහි ටෙ‍්‍රි එකට සම්බන්ධිත ප්ලාස්ටික් ආවරණය ඉවත් කරගන්න.මේ සදහා ඩ‍්‍රයිව් ඵක මෙහි දැක්වෙන ආකාරයට මුණින් අතට හරවා එහි ඇති ඉස්කුරුප්පු ඇණ ගලවාගන්න. පසුව එම කොටස ඉවත් කරගන්න.

පියවර-03
මී ළඟට ඔබ කළ යුත්තේ ඩ‍්‍රයිව් එක විවෘත කරගැනීමයි. මේ සදහා එහි ඇති ඉස්කුරුප්පු ඇණ ප‍්‍රවේශමෙන් ඉවත් කරගන්න. පසුව ආවරණය ඉවතට ගන්න.

පියවර- 04
දැන් ඇත්තේ කාචය පිරිසිදු කරගැනීම වන අතර ඉතා ප‍්‍රවේශමෙන් සිදු කළ යුත්තේ ද මෙයයිි. එයට හේතුව ඔබගේ සුළු වැරදීමකින් සමස්ත ඩ‍්‍රයිව් එකම ඉවත් කිරීමට සිදුවිය හැකි බැවිනි. ඇල්කොහොල්/ඹ්ඩික්ලෝන්/සර්ýකල් ස්ප‍්‍රීතු ආදී ද්‍රවණයකින් පොගවාගත් ඉයර් බඞ් එකකින් කාචය පිරිසිදු කරගැනෙයි. මෙහිදී කාචය මත ඉයර් බඞ් එක තබා වෘත්තාකාර හැඩයකට එය චලනය කරමින් පිරිසිදු කරගන්න. නමුත් මෙහි දී කාචය මත අනවශ්‍ය පරිදි තෙරපුමක් ඇති නොකළ යුතුය. පසුව ඉයර් බඞ් එකකින් නැවත එය පිරිසිදු කරගන්න.

පියවර-05
පසුව එය පරිගණකයට සම්බන්ධ කරගෙන එහි ඇති කේබල් නිවැරදිව සවිකරගන්න. මී ළඟට හානි නොවූ සී.ඞී ඵකක් භාවිතයෙන් එහි කි‍්‍රයාකාරීත්වය පරීක්‍ෂා කර බලන්න. එය නිවැරදිව කි‍්‍රයාත්මක වනු ඔබට පෙනේවි.

පරිගණකයක ඇති දත්ත බැකප් කරගැනීම



පරිගණකයක ඇති දත්ත බැකප් කරගැනීම
ඔබගේ පරිගණකය හදිසියේ කි‍්‍රයා විරහිත වුව හොත් හෝ නිසියාකාරව කි‍්‍රයාත්මක නොවුණ හොත් ඔබ මහත් වෙහෙසක් දරමින් නිර්මාණය කළ විවිධ ලිපි ලේඛන ආදී වැදගත් දැ යළිත් ඔබට ලබා ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. ඇතැම් අවස්ථාවල ඒවා යළිත් නිර්මාණය කිරීමට ඔබට සිදුවුව හොත්?. නමුත් ඵීන්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළ මේ සඳහා කදිම උපයෝගීතාවයක් දක්නට ලැබෙයි.ඒ බැකප් නම් උපයෝගීතාව යයි.ඔබගේ වටිනා ෆයිල් වර්ග ආදී දැ මෙමගින් වෙනත් ෆ්ලොපි ඩිස්ක්ල පෙන් ඩ‍්‍රයිව්ල සී. ඞී ආදී ද්විතීක ගබඩාකරන මාධ්‍යයක ගබඩාකර තබාගැනීමේ පහසුව මෙමගින් ඔබට ලැබෙයි.තවද ඔබගේ පරිගණකයේ හාඞ් ඩිස්කයේ වෙනමම පාර්ටිෂන් එකක ඒවා සේව් කිරීමේ හැකියාවද ඔබට ලැබෙයි. එසේම ඒවා අවශ්‍ය අවස්ථාවක දී නැවතත් ඒ ආකාරයෙන්ම ප‍්‍රයෝඡුනයට ගැනීමේ අවස්ථාව ඔබට මේ තුළින් හිමිවෙයි. මෙසේ ඔබ බැකප් කරගන්නා ෆයිල් ගඉනෙ යන එක්ස්ටෙන්ෂන් එකෙන් අවසන්වෙයි. නමුත් ඔබට අවශ්‍ය නම් එය වෙනත් එක්ස්ටෙන්ෂන් එකක් ලෙස ද සැකසිය හැකිය. මෙම උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට ද මෙම කි‍්‍රයාකාරකම ඉතා පහසුවෙන් සිදු කළ හැකිවා පමණක් නොව ඔබගේ පරිගණකයේ වටිනා තොරතුරු ආදිය බැකප් කර තබාගෙන හදිසි අවස්ථාවක දී ඒවා යළිත් ප‍්‍රයෝඡුනයට ගැනීමේ අවස්ථාව ඔබට හිමිවෙයි. පරිගණකයේ ඇති සියලූම හෝ තෝරාගන්නා ලද ෆයිල්ස්වල පිටපත් ද්විතීක ගබඩාකරන මාධ්‍යයක තැන්පත් කිරීමේ කි‍්‍රයාවලිය බැකප් ලෙස සරලව හැඳින්විය හැකිය. මෙය සිදු කළ හැකි ආකාර කිහිපයක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සතුව පවතී.

බැකප් සඳහා ෆයිල්, ෆෝල්ඩර්, ඩිවයිසස් තෝරා ගැනීම
ටී‍්‍ර විව් ආකාරයේ හෙවත් එක්තරා ආකාරයක ගැලීම් සටහනක් ආශ‍්‍රයෙන් ඔබගේ පරිගණකයේ ඇති තොරතුරු මේ හරහා ඔබට දැකගත හැකි අතර එ මගින් අදාළ ඩ‍්‍රයිව් එකෙහි ඇති දැ ඉතා පහසුවෙන් ඔබට සොයාගත හැකිවනු ඇත. ඔබ වින්ඩෝස් එක්ස්ප්ලෝරර් භාවිත කර ෆයිල්ස් ආදිය සොයා ඇත්නම් මෙය ඔබට හුරු පුරුදු කාර්යයකි. මී ළගට සිදු කළ යුත්තේ බැකප් කරගත් දත්ත සේව් කර ගැනීම සඳහා ස්ටෝරේඡ් මීඩියා එකක් හෝ ෆයිල් ලොකේෂන් එකක් තෝරා ගැනීමයි.
ස්ටෝරේඡ් මීඩියා එකක් තෝරා ගැනීමේ දී බැකප් මගින් ඔබට විකල්ප දෙකක් සපයනු ලබයි. ස්ටෝරේඡ් මීඩියා එකක ඇත ෆයිල් එකකට ඔබට මෙම බැකප් දත්ත පිටපත් කරගත හැකිය. එය සමහර විට හාඞ් ඩිස්කය හෝ සී.ඞී එකක් විය හැකිය. නැතහොත් පෙන් ඩ‍්‍රයිව් එකක් විය හැකිය. මෙම කි‍්‍රයාවලිය සිදුකරන අන්දම මී ළගට විමසා බලමු. මේ සඳහා පහත දැක්වෙන කි‍්‍රයාමාර්ගය අනුගමනය කරන්න.
Start > All programs > Accessories > System tools > Back up
එවිට ඔබටිවෙල්කම් ටු ද බැකප් ඔි රිස්ටෝ විසාඞ්’ නම් සංවාද කොටුව එක ලැබෙයි. ඒ ඔස්සේ ඔබට ඔබගේ පරිගණකයේ ෆයිල් ආදිය බැකප් කරගැනීම හෝ රීස්ටෝ කරගැනීම කළ හැකිය. එසේම ඔබට පරිගණක පරිශීලනය පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් පවතින්නේ නම් ඇඞ්වාන්ස්ඞ් මෝඞ් ආකාරයෙන් ද මෙම කි‍්‍රයාවලිය සිදු කිරීමේ අවස්ථාව මෙමගින් සපයා දෙයි. පසුව නෙක්ස්ට් බොත්තම ඔබන්න.
එවිට ඔබට බැකප්/ රිස්ටෝ විසාඞ් නම් තවත් සංවාද කොටුවක් ලැබෙයි. මෙහි දී ඔබට විකල්ප දෙකක් ලැබෙන අතර ඔබගේ අවශ්‍යතාවය පරිදි කැමති විකල්පයක් තෝරාගත හැකිය. ඔබට මෙම අවස්ථාවේ දී අවශ්‍ය වන්නෙ ෆයිල් බැකප් කරගැනීමට නිසා පළමු විකල්පය තෝරා නෙක්ස්ට් බොත්තම ඔබන්න. රිස්ටෝ යන්නෙන් අදහස් වන්නේ ඔබ බැකප් කරගන්නා ලද ෆයිල්ස් නැවත පරිගණකයට පිටපත් කර ගැනීමකි. ඉදිරියේ දී මේ පිළිබඳව සාකච්ඡුා කෙරෙයි.
පසුව ඔබට ලැබෙන්නේ වට් ටු බැකප් නම් සංවාද කොටුවයි. මෙහිදී ඔබට බැකප් කරගැනීමට ඇත්තේ කුමක්දැයි තෝරාගැනීමට සිදුවෙයි. උදාහරණ ලෙෂ ඩොකි්‍යුමන්ට් ඇන්ඞ් සෙටින්ස් යන්න තෝරාගත හොත මයි ඩොකියුමන්ට්ස් නම් ෆෝල්ඩරයේ ඇති ෆයිල්ස් හා ඩෙක්ස්ටොප් එකෙහි ඇති ෆයිල්ස් ආදියද බැකප් වෙයි. මෙම අවස්ථාවේ දී සුදුසු වන්නේිලෙට් මී චූස් වට් ටු බැකප්’ යන්න තෝරා ගැනීමයි. එවිට ඔබට අවශ්‍ය ෆයිල්ස් එකින් එක තෝරා ගැනීමේ හැකියාව ඔබට ලැබෙයි. එනිසා එය තෝරා නෙක්ස්ට් බොත්තම ඔබන්න.
පසුව ඔබට ලැබෙන්නේිඅයිටම්ස් ටු බැකප් යන සංවාද කොටුවයි. මෙහි වම්පස ඇති ලැයිස්තුවෙන් ඔබගේ බැකප් කරගැනීමට නියමිත ෆයිල්ස් පවතින ඩ‍්‍රයිව් එක හා අදාළ ෆෝල්ඩර්ස් තෝරා ගත යුතුය. ඒ සදහා අදාළ ඩ‍්‍රයිව් එක ආසන්නයේ ඇති කතිර ලකුණ මත ක්ලික් කර ලැබෙන ලිස්ට් එකෙන් අදාළ සබ් ෆෝල්ඩර්ස් තෝරන්න. එවිට අදාළ ෆෝල්ඩරය තුළ ඇති ෆයිල්ස් සියල්ලම දකුණුපස තීරුවට එක්වෙයි. පසුව නෙක්ස්ට් බොත්තම ඔබන්න.
පසුව ලැබෙන්නේ බැකප් ටයිප්, ඩෙස්ටිනේෂන් ඇන්ඞ් නේම් නම් සංවාද කොටුවයි. මෙහිදී බැකප් කරන ලද ෆයිල්ස් සේව් වීම සදහා ඩ‍්‍රයිව් එකක් තෝරාගත යුතුය. මෙහි සාමාන්‍යයෙන් තේරී ඇත්තේ ෆ්ලොපි ඩ‍්‍රයිව් එකයි. නමුත් බ‍්‍රව්ස් බොත්තම ක්ලික් කිරීමෙන් ඔබට අවශ්‍ය ඩ‍්‍රයිව් එක තෝරාගත හැකිය. පසුව නෙක්ස්ට් බොත්තම ඔබන්න.
ඔබ මේ වනවිට බැකප් කි‍්‍රයාවලිය සදහා අවශ්‍ය මූලික කි‍්‍රයාකාරකම් සියල්ල අවසන් කර ඇත. මී ළගට ලැබෙන්නේිකම්ප්ලීටින් ද බැකප් ඔි රිස්ටෝ විසාඞ්’ නම් සංවාද කොටුවයි. එහිදී ඔබ තෝරාගත් ඩ‍්‍රයිව් එක,ෆෝල්ඩර්ස් ආදිය පිළිබදව විස්තරයක් නිරූපණය කරයි. ඔබට යම් අතපසුවීමක් සිදුවී ඇත්නම් මෙහිදීිබැක්’ බොත්තම ඔබා අවශ්‍ය තොරතුරු නිවැරදිව යළි සැකසිය හැකිය.
මී ළගට ඔබට බැකප් කි‍්‍රයාවලිය සිදුවන අන්දම දැකගත හැකිය. අවසානයේ බැකප් කි‍්‍රයාවලිය අවසන් බව ඔබට දැනුම් දෙයි. ඔබ තෝරාගත් ෆයිල්ස් ආදියේ සම්පූර්ණ තොරතුරු මෙහිදී දර්ශනය වෙයි.
පසුව අදාළ ඩ‍්‍රයිව් එකෙහි මෙහි දැක්වෙන ආකාරයේ අයිකන් එකකින් ඔබ බැකප් කරගත් ෆයිල්ස් සියල්ල නිරූපණය වෙයි. එය මත ඩබල් ක්ලික් කර පසු අවස්ථාවක ඒවා නැවතත් පරිගණකයේ සථාපිත කළ හැකි අතර මෙහිදී පෙර සදහන් කළ සංවාද කොටු සියල්ල ඒ ආකාරයෙන්ම ලැබෙන අතරිබැකප් ඔි රිස්ටෝ’ නම් සංවාද කොටුවේ දී මෙම අවස්ථාවේදී ඔබ තෝරාගත යුත්තේිරිස්ටෝ ෆයිල්ස් ඇන්ඞ් සෙටිංස්’ යන්නයි.
පසුවිවට් ටු රිස්ටො’ නම් සංවාද කොටුවෙන් පෙර පරිදිම එම බැකප් කරගත් ෆයිල්ස් නිරූපණය කරන අතර ඒවා සිලෙක්ට් කර නෙක්ස්ට් බොත්තම ඔබන්න. මීළගට ඒවා කොපි වීම සදහා ඔබගේ පරිගණකයේ යම් පාටිෂන් එකක් තෝරා දීමෙන් ඔබ බැකප් කරගත් ෆයිල්ස් සියල්ල සාර්ථකව නැවත ලැබී ඇති බව දැකගත හැකිය.

සුරඏිත වයර්ලස් නෙට්වර්ක් එකක් සාදාගන්නා අයුරු



සුරඏිත වයර්ලස් නෙට්වර්ක් එකක් සාදාගන්නා අයුරු
රැුහැන් රහිත ආකාරයෙන් තොරතුරු හුවමාරු කරගැනීම අද ලෝකයේ ඉතා ඡුනපි‍්‍රය තාඏණයක් බවට පත්වී තිබෙනවා. මේවායේ පවත්නා වාසිදායක බව හා පරිහරණය කිරීඹට ඇති පහසුව නිසා බොහෝදෙනා තම කාර්යාල මෙන්ම නිවෙස්වලද මේ ආකාරයේ වයර්ලස් නෙට්වර්ක් නිර්මාණය කරගෙන තිබෙන ආකාරය දැකගන්න පුලූවන්. නමුත් මෙම තාඏණයේ අන්තරායදායක පැති ද නැත්තේ නොවේ. මෙයට දින කිහිපයකට පෙර කාගේත් කතාබහට ලක්වූයේ ද එවැන්නකි. එනම් හැකර්කරුවන් හා ත‍්‍රස්තවාදීන් මෙවන් වයර්ලස් නෙට්වර්ක් එකක් හරහා ඔබගේ පරිගණක ඡුාලයට ඇතුලූවී ඔබගේ දත්ත විනාශ කිරීමට මෙන්ම ඔවුන් අතට පත්කරගැනීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වී ඇති බවයි. මේ නිසාම වයර්ලස් නෙට්වර්ක් එකක ආරඏාව තරකිරීම අද අනිවාර්යය අංගයක් බවට පත්වී තිබෙන්නේ යැයි පැවසීමේ වරදක් නැහැ. මෙවන් නීතිවිරෝධී කටයුතු සදහා වයර්ලස් රවුටර් මගින් ද එක්තරා ආකාරයක සහයක් ලැබෙනවා. ඒවායේ පවතින සම්මත සැකසුම් හෙවත් ඩිෆෝල්ට් සෙටින්ස් තුළින් මෙවන් අපරාධකරුවන් නෙට්වර්ක් එකකට පහසුවෙන් ඇතුලුවිමෙි ඉඩකඩ රැුසක් ලැබී තිබෙනවා. එනිසාම ඒ සැකසැමි වඩාත් ප‍්‍රශස්ත තත්වයකට සකසාගත යුතුයි. මෙය සිදුකරන ආකාරය පළමුව අවබෝධ කරගනිමු. මේ සදහා පළමුවෙන්ම කළ යුත්තේ ඔබගේ පරිගණක ඡුාලයේ රවුටරයට ප‍්‍රවේශවීමයි. පරිගණකයේ භාවිත කරන වෙබ් බ‍්‍රව්සරය විවෘත කරගෙන රවුටරයේ අයි.පී. ලිපිනය එඞ්රස්බාරය එක තුළ නිවැරදිව ලබාදෙන්න. රවුටරයත් සමග ලැබෙන උපකාරක අත්පොතෙහි රවුටරයේ අයි.පී. ලිපිනය මෙන්ම යූසර්නේම් හා පාස්වර්ඞ් එක සදහන් වනවා. මා මෙහිදී ඉදිරිපත් කරන ඇතැම් කරුණු ඔබගේ රවුටරයේ නිෂ්පාදක වර්ගය අනුව සුලූ වශයෙන් වෙනස්විය හැකියි. නමුත් මෙහි බොහෝ කරුණු බොහොමයක් රවුටර්ස් සදහා එකසේ අදාළ වනවා. රවුටරයේ තිබෙන මෙම ආරඏක සැකසුම් සෙකි්‍යුරිටි සෙටින්ස් ගැන ද හොද අවබෝධයක් ඔබට තිබිය යුතුයි. එනිසා එකින් එක පරිඏාකරමින් ඒවා පළමුව දැනසිටීමද වැදගත් වනවා.
පියවර -01 -සම්මත අවසරපදය වෙනස් කරගන්න
ඔිනෑම රවුටරයකට සම්මත අවසරපදයක් හා යූසර්නේම් එකක් තිබෙනවා. මේ අවස්ථාවේදී සිදුකරගත යුත්තේ ඒවා වෙනස් කරගැනීමයි. මෙම අවසර පදය වෙනස් නොකරන්නේ නම් හෝ දුර්වල අවසරපදයක් ඔබ යොදාගෙන තිබෙන්නේ නම් බාහිර පුද්ගලයෙකුට ඔබගේ වයර්ලස් නෙට්වර්ක් එකට පහසුවෙන් ඇතුලූවිය හැකියි. සරල ආකාරයේ අවසරපද පහසුවෙන් ක‍්‍රැක් කළ හැකිවීම එයට හේතුවයි. මේ නිසා අඏර, අංක, සංකේත ඇතුළත් කර වඩාත් සංකිර්ණ අවසරපදයක් නිර්මාණය කරගන්න.

පියවර -02 - සම්මත අයි.පී. ලිපිනය වෙනස් කරගන්න
බොහොමයක් රවුටර්වල ඇත්තේ ඉතා සුළභ අයි.පී. ලිපිනයක් වන 192ග168ග1 යන්නයි. මෙය හැකර්කරුවන්ට හොදින් හුරුපුරුදු අයි.පී. ලිපිනයක් වී තිබෙනවා. මෙය වෙනත් අයි.පී. ලිපිනයක් ්බවට පත්කරගන්න. මෙහි අවසන් දශම සංඛ්‍යාවෙන් පසුව ඇති අංක තුන ඔබගේ කැමැත්ත අනුව වෙනස්කරගැනීමට අවස්ථාව තිබෙනවා.

පියවර- 03 -ඞී. එච්.සී.පී. සේවාව අකී‍්‍රය කරගන්න
මෙ මගින් ඔබගේ රවුටරයට සම්බන්ධ කර ඇති දුරස්ථ පරිගණක සකි‍්‍රය කිරීම හා අයි.පී. ලිපිනය මෙන්ම රවුටරයේ තොරතුරු දැනගැනීමකින් තොරව ඔබගේ නෙට්වර්ක් එකට ඔිනෑම අයෙකුට ඇතුලූවීමේ හැකියාවක් ලබාදෙනවා. මේ නිසා පරිගණක ඡුාලයේ ඇති සෑම පරිගණකයක් සදහාම ස්ථීර අයි.පී. ලිපිනය සකස් කිරීමද අතිශයින්ම වැදගත් වනවා. නමුත් ඔබගේ පරිගණක ඡුාලයේ සැකසුම් ඉතා පහසුවෙන් සිදුකර ගැනීමට ඔබ ඞී. එච්.සී.පී. නම් ප්‍රොටෝකෝලය භාවිත කරන්නේ නම් මෙම ඞී. එච්.සී.පී. අයි.පී ලිපිනය ඔබගේ පරිගණක ඡුාලයේ ඇති පරිගණක ගණනට අනුව සකසාගත යුතුයි. එනම් එහි ඇත්තේ ලැප්ටොප් පරිගණක 5 ක් නම් ඞී. එච්.සී.පී. අයි.පී එක සදහා සම්මත ගණන වන 50 වෙනුවට 5 යනුවෙන් එය වෙනස් කරගත යුතුයි.
පියවර -04 – නෙට්වර්ක් මෝඞ් එකට පහසුවෙන් ඇතුලූවීමට ඇති ඉඩකඩ අවහිර කරන්න
ඔබගේ පරිගණක ඡුාලයේ ඇති පරිගණක වයි-ෆයි එන්. හෝ බී/ඡී යන නෙට්වර්ක් මෝඞ් භාවිත කරන්නේ නම් එය වයි-ෆයි සදහා පමණක් සකසාගැනීමෙන් වෙනත් පරිගණකවලට ඔබගේ පරිගණක සමග සම්බන්ධවීමට ඇති අවස්ථාව අහිමි වෙයි. මෙය සම්පූර්ණයෙන්ම ආරඏිත ක‍්‍රමයකි.
පියවර -05 - සම්මත එස්.අයි.ඞී එක වෙනස් කරගන්න
එස්.අයි.ඞී යනුවෙන් හදුන්වන්නේ ඔබගේ පරිගණක ඡුාලය හදුන්වන නාමයයි. ඔබගේ නිවෙසේ හෝ කාර්යාලයේ සකස් කරගෙන ඇති වයර්ලස් පරිගණක ඡුාලයට සංඥා ලැබෙන පෙදෙස මෙයින් අදහස් වේ. මෙමගින් හැකර්කරුවන්ට පරිගණක ඡුාලයේ ඇති පරිගණක පහසුවෙන් හදුනාගැනීමට හැකියාවක් ලැබේ. එනිසා එස්.අයි.ඞී එක පහසුවෙන් අනුකරණය කළ නොහැකි නමක් යොදා සකසාගත යුතුයි. නැතහොත් එස්.අයි.ඞී බ්‍රෝඞ්කාස්ට් පහසුකම සම්පූර්ණයෙන් අකී‍්‍රය කරන්න. මෙමගින් ඔබගේ වයි-ෆයි රවුටරය ලැප්ටෝප් පරිගණකවලට හසුනොවන අතර වයි-ෆයි පහසුකම ඇති ඡුංගම දුරකථන වැනි උපකරණවලට ද ඔබගේ පරිගණක ඡුාලය හසු නොවේ. බොහෝ අවස්ථාවලදී මෙවන් උපකරණ මගින් වයි-ෆයි හොට්ස්පොට් පරිඏා කර බැලීමක් සිදුවන බැවින් ී එස්.අයි.ඞී එක වෙනස් නොකළ හොත් එවන් උපකරණවලට ද ඔබගේ පරිගණක ඡුාලයට ඇතුලූවීමේ හැකියාවක් ඇත.

පියවර -06 – එම්.ඒ.සී. ෆිල්ටර් පහසුකම සකී‍්‍රය කරන්න
මෙනමින් හදුන්වන්නේ පරිගණක ඡුාලයට සමිබන්ධ කරන ඔිනෑම උපකරණයක් සදහා වෙන්වූ සුවිශේෂී ලිපිනයකි. මෙම එම්.ඒ.සී. ෆිල්ටර් එක එක් එක් උපකරණ වෙත ප‍්‍රවෙිශ වීමෙිදී රවුටරය ප‍්‍රයෝඡුනයට ගනී. යම් අවස්ථාවකදී අනවසර උපකරණයක් ඔබගේ නෙට්වර්ක් එකට ඇතුලූවීමට උත්සාහ කරනවිට මෙමගින් ඒ සදහා ඇති ඉඩකඩ අහුරාලීමක් ද සිදුවෙයි.

පියවර -08 - රවුටරයේ ෆයර්වෝලය භාවිත කරන්න
ඔබ භාවිත කරන රවුටරයේ ෆයර්වෝලයක් ඇත්නම් එය සකී‍්‍රය කරගන්න. බොහෝ රවුටර්වල භාවිත වන්නේ එස්.පී.අයි. නම් ක‍්‍රමවේදය අනුගමනය කරමින් පරිගණක ඡුාලය තුළ සැරිසරන දත්ත පැකට්ටු පිළිබදව අවධානයකින් සිටිනවා. රවුටරයේ ඉන්ටර්නෙට් ෆිල්ටර් එකක් තිබෙන්නේ නම් එයද සකී‍්‍රය කරගන්න. නෙට්වර්ක් එකෙහි දැනට සිටින පුද්ගලයන්ගෙන් ඔබගේ පරිගණක ඡුාලය ආරඏා කරගැනීමට ලැප්ටොප් පරිගණකයේ ඇති ෆයර්වෝලය භාවිත කරන්න. මේ නිසා නොමිළේ ලබාගත හැකි ෆයර්වෝලයක් වන කොමෝඩෝ වැන්නක් යොදාගත හැකිය.

පියවර -09 - අන්තර්ඡුාල ප‍්‍රවේශ ප‍්‍රතිපත්ති භාවිත කරන්න
පරිගණක ඡුාලයේ ඇති පරිගණකවලට ප‍්‍රවේශවීමේ සීමාවක් අවශ්‍ය පරිදි සකසාගැනීමට මෙය භාවිත කළ හැකිය. විශේෂිත දිනක හෝ වේලාවක පරිගණක ඡුාලයේ ඇති පරිගණක භාවිත කිරීම මෙමගින් නතර කළ හැකිය. එපමණක් නොව විශේෂිත වෙබ් අඩවිවලට හා ඇප්ලිකේෂන්ස්වලට ප‍්‍රවේශ වීමට ඇති හැකියාව වළක්වයි.
පියවර -10 රිමෝට් ඇඞ්මිනිස්ටේ‍්‍රෂන් පහසුකම සකී‍්‍රය කරගන්න
මෙය කි‍්‍රයාත්මකව පැවතීමෙන්ද හැකර්කරුවන්ට පහසුවෙන් ඔබගේ පරිගණක ඡුාලයට ඇතුලූවිය හැකියි. ඔබ ගමනක යෙදී සිටිනවිට පමණක් පරිගණකයට ඔබගේ පරිගණක ඡුාලයට සම්බන්ධවීමට මෙම පහසුකම කි‍්‍රයාත්මක කර තබන්න.
පියවර -11 - භාවිතයට නොගන්නා අවස්ථාවල රවුටරය ඔිෆ් කර තබන්න
නිවාඩු දිනවල හා ඔබ බැහැරව සිටින අවස්ථාවකදී පරිගණක ඡුාලයේ ඇති රවුටරය අකී‍්‍රය කර තබන්න.
පියවර - 12 අන්තර්ඡුාල සබදතාවය අනවශ්‍ය විට කේබලය ගලවා ඉවත් කරන්න
ඔබ නිතරම භාවිත කරන්නේ වයි-ෆයි තාඏණය මිස අන්තර්ඡුාලය නොවන්නේ නම් අයි.එස්.පී. කේබලය රවුටරයෙන් ගලවා ඉවත් කරන්න. එසේම ඒ.ඞී.එස්.එල් කේබල් මොඩෙමයද අකී‍්‍රය කර තබන්න.
පියවර -13 - රවුටරය මැනවින් ස්ථානගත කරන්න
රවුටරය ඔබගේ පරිගණක ඡුාලයේ මධ්‍යයෙන් තබන්න. එවිට බාහිර සංඥා වලින් පරිගණක ඡුාලයට වන බලපෑම අවම වේ. රවුටරයේ සංඥා පරාසය අඩු- වැඩි කිරීමේ පහසුකම රවුටරයේ පවතීනම් එය ඔබ භාවිත කරන ඉඩකඩට පමණක් ප‍්‍රමාණවත් වන පරිදි සකසාගන්න. එයට බාහිර අයට ප‍්‍රවේශවීමේ හැකියාව එමගින් වැළකෙයි.

පියවර -14 - රවුටරයේ ෆර්ම්වෙයා යාවත්කාලීන කරන්න
නිරතුරුවම රවුටරයේ නිෂ්පාදකයන්ගේ වෙබ් අඩවියෙන් රවුටරයේ ෆර්ම්වෙයා යාවත්කාලීන කරගන්න.
පියවර -15 - වරින්වර ඔබගේ නෙට්වර්ක් එකෙහි සිග්නල් ලීක්්ස් පවතී දැයි සොයාබලන්න
මේ සදහා වයි-ෆයි ස්නයිෆර් එකක් හෝ වයි-ෆයි පහසුකම සහිත ලැප්ටොප් එකක් භාවිත කළ හැකිය. බාහිර ප‍්‍රදේශයක සිට ඔබගේ වයර්ලස් නෙට්වර්ක් එකක ප‍්‍රවේශවිය හැකි නම් එය අනාරඏිත එකකි. මෙවන් අවස්ථා හදුන්වන්නේ සිග්නල් ලීක්්ස් නමිනි. මේ සදහා ඉහත 13 වන පියවරෙහි සදහන් උපදෙස් පිළිපදින්න.
මෙම කිහිපය අනුගමනය කිරීමෙන් ඔබගේ වයර්ලස් නෙට්වර්ක් එකට උපරිම ආරඏාවක් අත්කරගත හැකිය.

විදුලියෙන් පරිගණකය රැුකදෙන සාමාýකයෝ



විදුලියෙන් පරිගණකය රැුකදෙන සාමාýකයෝ
ලෝකයේ කෙතරම් කාර්යඏම, අඩු මිළ පරිගණක තිබුණත් විදුලිබලය නොමැතිනම් ඒවායින් කිසිදු ප‍්‍රයෝඡුනයක් ගත නොහැකියි. මබ අවට පරිසරය දෙස මදක් අවධානය යොමුකර බලන්න. ඔබ අවට විදුලියෙන් කි‍්‍රයාකරන උපකරණ කොතරම් තිබෙනවාද?. වෙනත් උපකරණ මෙන් නොව පරිගණක සදහා අවශ්‍ය වන්නේ වඩාත් ස්ථාවර විදුලි සැපයුමක් බව ඔබත් දන්නවා ඇති.. එනම් ගුවන්විදුලි, රූපවාහිනී යන්ත‍්‍ර, ශීතකරණ වැනි යන්ත‍්‍රවලට විදුලි ධාරාවේ ඇතිවන සුලූ- සුලූ වෙනස්කම් එතරම් බලනොපෑවත් පරිගණකයක විනාශය අත්කරදීමට එය හොදටම ප‍්‍රමාණවත්. ඔබ සතුව තිබෙන්නේ අධික මිළකින් යුත් උපාංග සහිත පරිගණකයක් වුවත් මොහොතකින් එය විනාශයට පත්කිරීමට අක‍්‍රමවත් විදුලි සැපයුමකට ගතවන්නේ සුලූ මොහොතක් පමණයි. එනිසයි විදුලියෙන් ඔබගේ වටිනා පරිගණකය ආරඏා කරගැනීමට උත්සාහ ගතයුත්තේ. ලංකාවේ බොහෝදෙනා තම පරිගණකය රූපවාහිනියක් මෙන් කෙළින්ම ප‍්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධකර භාවිත කරන ආකාරය ඔබත් දැක ඇති. ලෝකයේ දියුණු රටක නම් මේ කාර්යය එක්තරා දුරකට සාධාරණිකරණය කළ හැකි වුවත් දිනකට අවම වශයෙන් එක් වරක්වත් විදුලිය ඇණහිටින ශී‍්‍ර ලංකාව වැනි රටක පරිගණක භාවිත කරන අපට මේ ගැන තවවරක් සිතා බැලීමේ වරදක් නැහැ. ලංකාවේ විදුලි සැපයුමෙහි ක්ඏණිකව සිදුවන ඉහළ-පහළයාම් නිසා දිනකට විදුලි උපකරණ විශාල ප‍්‍රමාණයක් හානියට පත්වනවා. කරුණු මෙසේ වුවත් තවමත් බොහෝදෙනා පරිගනක විදුලියෙන් ආරඏා කරගැනීමට නිසි පියවර නොගැනීම තරමක ගැටලූවක්. යූ. පී. එස්. භාවිත කිරීම මේ සදහා ඇති එක් පිළියමක්. නමුත් මෙම ලිපියෙන් ඔබට දැනගැනීමට ලැබෙන්නේ යූ.පී.එස්. භාවිතයෙන් පරිගණකය ආරඏාකර ගැනීම පිළිබදව පමණක් නොවන අතර මේ සදහා ඇති වෙනත් උපකරණවල සහය ද මේ සදහා යොදාගන්නා ආකාරයයි. පරිගණකයෙහි විදුලිබලය ගැන කතාකිරීමේදී වැදගත්වන ප‍්‍රධාන උපකරණයක් වන්නේ එහි බල සැපයුමයි. මෙය පවර් සප්ලයි යුනිට් යනුවෙන් හදුන්වනවා. යූ.පී.එස් එකකින් සිදුවන මූලික කාර්යය වන්නේ ප‍්‍රධාන විදුලි සැපයුමෙහි ඇති ප‍්‍රත්‍යාවර්ථක ධාරාව (ඒ.සී* සරල ධාරාවක් (ඞී.සී* බවට පත්කර පරිගණක තුළ ඇති හාඞ් ඩිස්කය, සී.ඞී ධාවකය වැනි උපකරණ සදහා බෙදාදීමයි. පරිගණකය තුළ වෝල්ට්3ග3ල 5ල 12 ආදී වශයෙන් විදුලි සැපයුම් කිහිපයක් දැකගත හැකියි. මේවායින් වෝල්ට් 3ග3 හා 5 විදුලි ධාරාවන් බොහෝවිට අවශ්‍ය වන්නේ පරිගණකයේ ඇති විදුලි පරිපථ කි‍්‍රයාත්මක කිරීමටයි. වෝල්ට් 12 විදුලි ධාරාවන් මගින් පරිගණකයේ හාඞ් ඩිස්කය කි‍්‍රයාත්මක කිරීම සිදුවනවා.
මෙවන් යූ.පී.එස්. අළෙවි කරන්නේ ඒවායින් ලබාදෙන නැතහොත් ප‍්‍රතිදානය කරන (අවුට්පුට්* ධාරාවේ ප‍්‍රමාණය සැලකිල්ලට ගනිමිනුයි. මෙම විදුලි ප‍්‍රමාණය වොට් අගයෙන් ගණනය කෙරෙනවා. හොද තත්වයේ යූ.පී.එස්. එකක් මිළදීගැනීම යනු පරිගණකයේ තිබෙන සියලූම උපකරණ සදහා ප‍්‍රමාණවත් විදුලියක් ලබාගත හැකි එකක් නොවේ. එනම් පරිගණකයේ ඇති ඩ‍්‍රයිව්ස්, විදුලි පංකා සදහා නිරවුල් බලසැපයුම් රැුහැන් සහිත ප‍්‍රමාණයෙන් කුඩා බලසැපයුමක් තෝරාගැනීමයි. එපමණක් නොව සීරියල් ඒ ටී ඒ වැනි හාඞ් ඩිස්ක් සදහාද සම්බන්ධක ඒවායේ පැවතීමත් නවීන විඩියෝ කාඞ්ස් සදහා වෙනමම බලසැපයුම් ඒවායේ පැවතීමත් හොද තත්වයේ යූ.පී.එස්. එකක් මිළදීගැනීමේදී ඔබගේ අවධානය අනිවාර්යයෙන්ම යොමුවිය යුතුයි. එසේ නොවුන හොත් පසුදිනෙක නවීන වීඩියෝ කාඞ් පතක් පරිගණකයට සවිකිරිමට ඔබට අවශ්‍ය වුවහොත් අනිවාර්යයෙන්ම යූ.පී.එස්. එක ද ඇතැම් විට පරිගණකයේ මව්පුවරුවද මාරු කිරීමට ඔබට සිදුවනු ඇති. මේ නිසා පරිගණකයක් එකළස් කිරීමේදී වුවද යූ.පී.එස්. එකක කාර්යයභාරය සුලූවෙන් නොතැකිය යුතුයි. ඔබ අපේඏාකරන ප‍්‍රතිදාන ධාරාවට වඩා වැඩි ධාරාවක් එමගින් ලබාදීම ගැටලූවක් නොවේ. යූ.පී.එස්. එකක වොට් 400ල 600ල යන්නෙන් අදහස් වන්නේ එමගින් පරිගණකයේ විවිධ උපකරණ සදහා ලබාදෙන සමස්ත වොට් ප‍්‍රමාණයයි. පරිගණකයක එක් ඵක් උපාංග සදහා අවශ්‍යවන අවම වොට් ප‍්‍රමාණයන් මෙසේ සදහන් කළ හැකියි.
යූ.පී.එස්. එකක සමස්ත වොට් ප‍්‍රමාණය සලකාබැලීමේදී වොට් 3ග3ල 5 හා 12 යන රැුහැන්වල ගලායන ධාරාවේ උපරිම ඇම්පියර් ප‍්‍රමාණය සොයාබැලීම ද වැදගත් වනවා.
වර්තමානයේ විවිධ ප‍්‍රමාණවලින් යුත් යූ.පී.එස්. මබට මිළදීගත හැකියි. නමුත් ඒවායින් බොහොමයක් නිෂ්පාදනය කෙරෙන්නේ ස්ටෑන්ඩර්ඞ් ඒ ටී එක්ස් හා මයික්‍රෝ ඒ ටී එක්ස් යන ෆැක්ටර් කේසස් වලට අනුවය. ඉකෝස්ටාර් වොට් 680 වැනි සාමාන්‍ය ඒ ටී එක්ස් බල සැපයුමිවල විශාලත්වය වන්නේ 3ග25” ං 6” ං 5ග5” ය. මෙිවායේ විදුලි පංකා දෙකක් දක්නට ලැබෙන අතර පවර් සප්ලයි යුනිට් එක පමණක් නොව පරිගණකය තුළ රැුස්වී ඇති උණුසුමි වායුව ඉවත් කිරීමට ද මෙිවා උපකාරී වෙි.
පවර් වොට් 320 වැනි සාමාන්‍ය ඒ. ටී. එක්ස් වර්ගයේ යූ.පී.එස් එකක විශාලත්වය වන්නේ 2ග5” ං 5” ං 4” ය. මෙය ප‍්‍රමාණයෙන් තරමක් කුඩාවට නිෂ්පාදනය කරන අතර මෙහි ඇත්තේ කූලිං ෆෑන් එකක් පමණි. එසේම ප්ඔඞ කේසස් වර්ග සාමාන්‍ය ඒ. ටී. එක්ස් මාදිලිවලට වඩා තරමක් කුඩාවට නිෂ්පාදනය කෙරෙනවා. ඒ නිසා මේවා සදහා ගැලපෙන්නේ ප‍්‍රමාණයෙන් කුඩා, රැුහැන් ප‍්‍රමාණය අඩු යූ.පී.එස්. එකකි.
යූ.පී.එස්. එකක දක්නට ලැබෙන වයර් ගණන පිළිබදව ද ඔබගේ අවධානය ලක්විය යුතුයි. රැුහැන් රැුසකින් යුත් ඉලෙක්ට්‍රොනික බූවල්ලෙකුගේ ස්වරූපයට සමාන පවර් සප්ලයි යුනිට් එකක් ඔබගේ පරිගණකය සදහා බොහෝවිට නොගැලපිය හැකියි. නවීන පවර් සප්ලයි යුනිට් බොහොමයක ඔබට අවශ්‍ය වයර් පසුව සවිකරගැනීමේ පහසුව සලසාදී තිබෙනවා. පරිගණකය තුළ සිසිල් වායුව සංසරණය වීමට මෙම වයර් අධික වීම බාධාවක් වනවා. ඔබගේ පරිගණකයේ ද මෙවන් කිසිදු කාර්යයකට යොදානොගන්නා යූ.පී.එස්. එකින් සැපයෙන් වයර් තිබෙන්නට පුලූවන්.
අල්ට‍්‍රා එක්ස් කනෙක්ට් වොට් 500 නමින් හදුන්වන පවර් සප්ලයි යුනිට් වල දක්නට ලැබෙන්නේ රැුහැන් කිහිපයක් පමණයි. එනිසා මෙවන් පවර් සප්ලයි යුනිට් එකක් පරිගණකයට සවිකිරීම ආධුනිකයෙකුට වුවත් ඉතා පහසුවෙන් කළ හැකියි.

සූරිඡ් ප්‍රොටෙක්ටර්ස්
මී ළගට අපගේ අවධානය යොමුවන්නේ හදිසි විදුලි බැදවැටීම් හා ධාරාවේ ඉහළ- පහළයාම් වලින් ඔබගේ පරිගණකය මෙන්ම සෙසු උපකරණද ආරඏා කරගැනීමට යොදාගත හැකි උපකරණයක් වන සූරිඡ් ප්‍රොටෙක්ටර්ස් වෙතටයි. මේවායින් සිදුවන කාර්යය වන්නේ වැඩි විදුලි ධාරාවක් එයට ඇතුලූ වුවහොත් එම ධාරාව භූගත කිරීම මගින් එයට සම්බන්ධ කර ඇති උපකරණයට වඩාත් ස්ථාවර ධාරාවක් ලබාදීමයි. යම් අවස්ථාවක ඉතා ඉහළ ධාරාවක් මෙම උපකරනයට ඇතුලූ වුවහොත් මෙහි ඇති ෆියුසය දැවීයාම මගින් උපකරණය ආරඏාවීමක් සිදුවනවා. එසේම අඩු විදුලි ධාරාවක් ලැබෙන අවස්ථාවකදී එය සාමාන්‍ය ආකාරයට පත්කිරීමද මෙමගින් සිදුවනවා. මෙම කි‍්‍රයාවලිය ඉතා ඏණිකව සිදුවිය යුතුයි. ඇත්ත වශයෙන්ම මෙය සිදුවන්නේ නැනෝසෙකන්ඞ් එකක් තුළයි. විවිධ මිළ ගණන් හා ප‍්‍රමාණවලින් යුත් සූරිඡ් ප්‍රොටෙක්ටර්ස් අද වෙළදපොළෙහි තිබෙනවා. එසේම මේවාට සම්බන්ධ කළ හැකි උපකරණ ගණනද ඒවායේ වර්ගය අනුව වෙනස්වනවා.

යූ.පී.එස්.
පරිගණක භාවිත කරන බොහෝදෙනා අතර ඡුනපි‍්‍රය උපකරණයක් ලෙසින් මෙය හැදින්විය හැකියි. ප‍්‍රධාන විදුලි සැපයුම විසන්ධි වූ අවස්ථාවක පරිගණකය සදහා තාවකාලික විදුලි සැපයුමක් ලබාදීම මෙහි ප‍්‍රධාන කාර්යයි. මෙයට අමතරව ධාරාවේ ඇතිවන වෝල්ටීයතා වෙනස්කම් බොහෝදුරට ස්ථාවර ආකාරයකට පත්කර උපකරණය වෙත ලබාදීමක් ද මෙමගින් සිදුවනවා. යූ.පී.එස්. එකක් තුළ තිබෙන බැටරිය ප‍්‍රධාන විදුලිය උපකාරයෙන් ආරෝපණය වීම සිදුවන අතර මේ සදහා ප‍්‍රත්‍යාවර්ථක ධාරාව සරල ධාරාවක් බවට පත්කර ගැනීමට අවශ්‍ය උපක‍්‍රම ද යූ.පී.එස්. එකක් තුළ තිබෙනවා. විදුලිය විසන්ධි වූ අවස්ථාවක මෙම බැටරියෙහි ඇති ධාරාව පරිණාමකයක් හෙවත් ට‍්‍රාන්ස්ෆෝමරයක් මගින් වැඩිකර පරිගණකය වෙත ලබාදීම මගින් පරිගණකය කෙටි කාලයක් කි‍්‍රයාත්මක වීම සිදුවනවා. යූ.පී.එස්. වල මාදිලි දෙකක් තිබෙනවා. එනම්
ස්ටෑන්ඞ්බයි
කන්ටිනිවස් වශයෙනි.

මේවායින් ස්ටෑන්ඞ්බයි
ආකාරයේ යූ.පී.එස්. අඩු මිළකට ලබාගත හැකියි. ප‍්‍රධාන විදුලි සැපයුම අකී‍්‍රය වනතෙක් මේවාට සම්බන්ධ කරඇති උපකරණ භාවිත කළ හැකියි. විදුලිය විසන්ධි වූ වහාම (මිලිසෙකන්ඞ් කිහිපයක් තුළ* යූ.පී.එස්. එක එහි බැටරියෙහි ධාරාව ලබාගන්නා ආකාරයට මාරුවනවා. නමුත් කන්ටිනිවස් ආකාරයේ යූ.පී.එස්. වලින් ද ඉහත කාර්යයම සිදුවන අතර යළිත් ස්වයංකී‍්‍රයවම එහි බැටරිය ආරෝපණය වීමක් මේවායේ සිදුවනවා. යූ.පී.එස්. ගැන කතාකරන විට එහි ධාරිතාවය මැන බැලීම සදහා යොදාගන්නා වී.එම්. ඒ. අගය පිළිබදවද සදහන් කළ යුතුයි. යූ.පී.එස්. එකකට සම්බන්ධ කරඇති උපකරණ සදහා එමගින් ලබාදෙන උපරිම ධාරාව මෙමගින් අදහස් වනවා. පි‍්‍රන්ටරයක් වැනි එක් උපකරණයක් පමණක් සම්බන්ධ කර ඇති පරිගණකයක් සදහා ෆෙන්ටොන් 600 වී.ඒ වර්ගයේ යූ.පී.එස්. එකක් සුදුසුවන අතර මෙමගින් පරිගණකය සදහා විනාඩි 15- 23 ක සැපයුමක් ලබාගත හැකියි.

පරිගණකයේ ඇති දේ තැනින් තැනට ගෙනයන රිමූවබල් ස්ටෝරේඡ් උපාංග



පරිගණකයේ ඇති දේ තැනින් තැනට ගෙනයන රිමූවබල් ස්ටෝරේඡ් උපාංග
පරිගණකයක් දිගුකලක් පාවිච්චි කරනවිට ඔිනෑම කෙනෙකුට මුහුණදීමට සිදුවන ගැටලූවක් තමයි පරිගණකයේ හාඞ් ඩිස්ක ක‍්‍රමයෙන් පිරීයාම. මෙයට වසර කිහිපයකට පෙර නිපදවූ හාඞ් ඩිස්කවල තිබුණේ ඉතා සීමිත ඉඩකඩක් බව ඔබ දන්නවා ඇති. නමුත් සෑම සියලූම සීමා-මායිම් බිද දමා ඉහළ ධාරිතාවයකින් යුත් ගිගා බයිට්, ටෙරා බයිට් ප‍්‍රමාණයේ ධාරිතාවලින් යුත් හාඞ් ඩිස්ක වර්තමානයේ නිපදවා තිබෙනවා. නමුත් තවමත් අපගේ ගැටලූවට නිසි විසදුමක් ලැබී නැහැ. ඔබත් ග‍්‍රැෆික් නිර්මාණකරණය, වීඩියෝ සංස්කරණය ආදී කාර්යයන් සදහා පරිගණකය යොදාගන්නා අයෙක් නම් හාඞ් ඩිස්කයේ ඉඩකඩ ඉතා කෙටි කලකින් අඩුවීමේ ගැටලූවට මැදිව ඉන්නා කෙනෙක් විය හැකියි. මේ සදහා ඇති හොදම පිළියම වන්නේ පෙන් ඩ‍්‍රයිව්ස්, සී.ඞී, ඞී.වී.ඞී වැනි රිමූවබල් ස්ටෝරේඡ් උපාංගවල පරිගණකයේ ඇති තොරතුරු පිටපත් කරගැනීමයි. අද වෙළදපොළෙහි විවිධාකාර රිමූවබල් ස්ටෝරේඡ් උපාංග තිබෙනවා. නමුත් මේ රිමූවබල් ස්ටෝරේඡ් උපාංග වල ආරම්භය සිදුවූයේ චුම්භකිත පටි හෙවත් මැග්නටික් ටේප්ස් වලිනි. මෙය සාමාන්‍යයෙන් කැසට් පටයකට සමානව නිෂ්පාදනය වූවා. එයටත් පෙර පැවති පරිගණක මේ සදහා යොදාගත්තේ ප්නැ කාඞ්ස් නම් තාඏණයක්. මෙහිදී සිදුරු සහිත කාඞ්බෝඞ් එකක් පරිගණකයට ඇතුලූ කිරීම සිදුවූ අතර එම සිදුරුවල ඇති රටාව අනුව එහි තැන්පත් කරඇති තොරතුරු පරිගණකය විසින් හදුනාගැනිම හා පරිගණකයේ ඇති තොරතුරුවලට අනුව මෙම කාඞ්බෝඞ් වල සිදුරු නිර්මාණය කිරීම සිදුවූවා. නමුත් අද වනවිට රිමූවබල් ස්ටෝරේඡ් උපාංග දිගු ගමනක් පැමිණ තිබෙනවා. ඒවායේ ධාරිතාවල පවතින වෙනස මේ සදහා හොදම උදාහරණයක් ලෙසින් සදහන් කළ හැකියි. මෙගාබයිට්, ගිගාබයිට් ධාරිතාවයන්ගෙන් පමණක් නොව අප අතර එතරම් ප‍්‍රචලිත නොවුනත් ටෙරාබයිට් ධාරිතාවයන්ගෙන් යුත් රිමූවබල් ස්ටෝරේඡ් උපාංග පවා වර්තමානයේ භාවිත වනවා. දත්ත ගබඩා කිරීම සදහා යොදාගන්නා උපාංග ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි. එනම්,
1. ප‍්‍රයිමරි ස්ටෝරේඡ් ඩිවයිසස්
2. සෙකන්ඞ්රි ස්ටෝරේඡ් ඩිවයිසස් වශයෙනි.
ප‍්‍රයිමරි ස්ටෝරේඡ් ඩිවයිසස් නැතිනම් ප‍්‍රාථමික ගබඩා කිරීමේ උපකරණ යටතට ගැනෙන්නේ පරිගණකයේ රැුම් එකයි. එනම් පරිගණකයේ විදුලිය විසන්ධි කළ වහාම මෙහි පවතින තොරතුරු සම්පූර්ණයෙන්ම මැකී යාම සිදුවනවා. එනිසා මෙවන් මාධ්‍යයන් හදුන්වන්නේ වොලේටයිල් ස්ටෝරේඡ් යන නමින්. මෙය ප‍්‍රධාන අවාසියක් ලෙසින් ද සදහන් කළ හැකියි. නමුත් පරිගණකයේ ඇති තොරතුරු දිගුකාලයක් නොමැකී තබාගැනිමට ඔබට අවශ්‍ය නම් කළ යුත්තේ ඒවා හාඞ් ඩිස්ක්, ෆ්ලොපි ඩිස්ක්, සී.ඞී ආදී ද්විතීක ගබඩාකරණ මාධ්‍යයන්වල තැන්පත් කිරීමයි. මේවායේ ඇති තොරතුරු ඔබ විසින් ඉවත් කරන තුරු මැකී නොයාම මෙයට හේතුවයි. එනිසා මෙවන් මාධ්‍යයන් නන්-වොලේටයිල් ස්ටෝරේඡ් වශයෙන් හදුන්වනවා. මී ළගට අපගේ අවධානය යොමුවන්නේ පෝටබල් මෙමරි භාවිත කරන අවස්ථා පිළිබදවයි. එනම්
x වැදගත් තොරතුරු පරිගණකයෙන් බැකප් කරගැනීමට
x පරිගණක අතර දත්ත රැුගෙන යාමට
x නිතර නිතර ඔබ ප‍්‍රයෝඡුනයට නොගන්නා දත්ත තැන්පත් කර තැබීමට
x වෙනත් අයෙකුට ඔබගේ පරිගණකයේ ඇති තොරතුරු ලබාදීමට
x පරිගණකයේ ඇති පෞද්ගලික තොරතුරුවලට අන් අය ප‍්‍රවේශ වීම වළක්වාගැනීමට ආදිය සදහා මෙම උපාංග භාවිත කළ හැකියි.
මෙම පෝටබල් ඩිවයිසස් ද ප‍්‍රධාන වශයෙන්ම කොටස් 3 කට බෙදිය හැකියි. ඒ මෙම උපකරණවල දත්ත ගබඩා කරගැනීම සදහා යොදාගන්නා තාඏණය අනුවයි.
1. මැග්නටික් ස්ටෝරේඡ්
2. ඔප්ටිකල් ස්ටෝරේඡ්
3. සොලිඞ් ස්ටේට් ස්ටෝරේඡ් වශයෙනි.



මැග්නටික් ස්ටෝරේඡ්
මේ සදහා දියහැකි හොදම උදාහරණයක් වන්නේ ෆ්ලොපි ඩිස්කයයි. මේවායේ තොරතුරු ගබඩාවීම සිදුවන්නේ මයිල(ර්* ප්ලාස්ටික් තැටියක් මත වන අතර එය වටා ප්ලාස්ටික් ආවරණයක් පිහිටා ඇති නිසා අභ්‍යන්තරයේ ඇති ඩිස්කය ආරඏාවීම සිදුවනවා. මේවායේ තොරතුරු ගබඩා වන්නේ විද්‍යුත්- චුම්භක ආරෝපණ වශයෙනි. එනම් ප්ලාස්ටික් ඇති අයන් ඔක්සයිඞ් අංශූ රීඞ්-රයිට් හෙඞ් එකින් ලබාදෙන විද්‍යුත් සංඥාවලට අනුව ප‍්‍රති සැකසීම මගින මේවායේ තොරතුරු තැන්පත් වීම සිදුවනවා. ආරෝපණවල ඇති- නැති බව අනුව තැටිය මත දත්ත තැන්පත්වීමට ඇස්කි හෝ ඉබ්සිඩික් යන ද්වීමය කේත ක‍්‍රමය යොදාගැනෙනවා. මෙම ෆ්ලොපි ඩිස්ක නම්‍ය තැටිති වශයෙන්ද හදුන්වන අතර එයට හේතුව වන්නේ මේ සදහා භාවිත වන තැටිය ඝනකමින් ඉතා අවම වීමයි. මෑතක් වන තුරුම භාවිත වූයේ මෙගාබයිට් 1.44 ධාරිතාවයකින් යුත් අගල් 3 ඃ ප‍්‍රමාණයක ෆ්ලොපි ඩිස්ක පමණයි. මෙම ඩිස්කවල 2 එච්.ඞී. යනුවෙන් සදහන් කර ඇති අන්දම ඔබත් දැක ඇති. එයින් අදහස් වන්නේ ටූ සයිඩඞ්- හයි ඩෙන්සිටි යන්නයි. මේවායේ දත්ත ගබඩාවීම සිදුවන්නේ ඒක කේන්දී‍්‍රය මනඃකල්පිත පථ හෙවත් ට‍්‍රැක්ස් වලයි. එක් එක් ට‍්‍රැක්ස් පසුව කූඤ්ඤ හැඩැති මනඃකල්පිත කොටස් හෙවත් සෙක්ටර්ස් වලට බෙදෙනවා. සමහර ෆ්ලොපි ඩිස්ක නිෂ්පාදකයන් තම ඩිස්ක නිර්මාණය කිරීමේදී මෙසේ සෙක්ටර්ස් හා ට‍්‍රැක්ස් එය මත නිර්මාණය කරන්නේ නැහැ. එවන් අවස්ථාවකදී අපට ඩිස්කය භාවිත කිරීමට පෙර මේවා පරිගණකයක් මගින් නිර්මාණය කරගැනීමට සිදුවන අතර මෙම කි‍්‍රයාවලිය අප හදුන්වන්නේ ඉනීටියලයිසිං නැතිනම් ෆෝමැට් කිරීම නමින්. මෙම වර්ගයේ ඩිස්ක කියැවීම සදහා එය පරිගණකයේ තිබෙන ෆ්ලොපි ඩිස්ක් ඩ‍්‍රයිව් නම් උපකරණයට ඇතුළත් කළ යුතුයි. එසේම මැග්නටික් සිටෝරේඡ් ඩිවයිසස් වල හදුනාගත හැකි පොදු ලඏණ කිහිපයක් ද තිබෙනවා. එනම්
1. අයන් ඔක්සයිඩි ආලේප කරන ලද තුනී ප්ලාස්ටික් හෝ ලෝහ තැටියක් භාවිත වීම
2. ස්ථිරව තොරතුරු තැන්පත් කරගැනීම
3. පවතින දත්ත මකා දමමින් නැවත නැවතත් තොරතුරු තැන්පත් කළ හැකිවීම
4. අඩු මිළ
5. භාවිතය පහසුවීම ආදියයි.
මෙවන් මාධ්‍යයක තැන්පත් කර ඇති දත්ත රීඞ්-රයට් හෙඞ් එක මගින් නැවතත් කියවා බැලීමේදී පරිගණකය වෙත ඩිස්කයේ ඇති සංඥා ද්වීමය කේත ආකාරයෙන් ලබාදීම සිදුවන අතර පරිගණකය මගින් ඩිස්කයේ ඇති තොරතුරු මොනවාදැයි පසුව හදුනාගැනීම සිදුවනවා.

මැග්නටික් ඩිරෙක්ට් ඇක්සෙස්
බොහෝ චුම්භකිත තැටිවල ද පොදු ලඏණ කිහිපයක් තිබෙනවා. එනම්
1. අයන් ඔක්සයිඩි ආලේප කරන ලද තුනී ප්ලාස්ටික් හෝ ලෝහ තැටියක් භාවිත වීම
2. ඒවායේ ක්ෂණිකව තොරතුරු තැන්පත් කිරීමට හැකිවීම
3. පවතින දත්ත මකා දමමින් නැවත නැවතත් තොරතුරු තැන්පත් කළ හැකිවීම ආදී ලඏණයි.
ඔබ භාවිත කරන කැසට් පටවල පවතින ප‍්‍රධානතම අවාසියක් වන්නේ ඔබට අවශ්‍ය ගීතයක් ධාවනය කිරීමට නම් ෆාස්ට් ෆෝවර්ඞ් හෝ රිවයින්ඞ් කිරීමට සිදුවීමයි. එනම් අවශ්‍ය ගීතය පවතින ස්ථානය වෙතට කැසට් රෙකෝඩරයේ හෙඞ් එක ගමන් නොකරන නිසා එම ස්ථානයට කැසට් පටය රැුගෙන ඒම මෙමගින් සිදුවනවා. කැසට් පටයක තොරතුරු ගබඩාවීම සිදුවන්නේ ද අයන් ඔක්සයිඞ් ආවරණයක් මතයි. මෙම අවස්ථාවේදී ෆ්ලොපි ඩිස්ක ධාවකයක මෙන් රීඞ්-රයිට් හෙඞ් එක විද්‍යුත් චුම්භකයක් ලෙසින් කි‍්‍රයාත්මක වෙමින් කැසට් පටයේ ඇති තොරතුරු කියැවීම හා එය මත අවශ්‍ය අවස්ථාවලදී තොරතුරු තැන්පත් කිරීම සිදුවනවා. නමුත් සී.ඞී එකක මෙම අවාසිය දක්නට ලැබෙන්නේ නැහැ. එයට හේතුව වන්නේ සී.ඞී ධාවකයක ලේසර් කිරණය නිකුත් කරන උපකරණයට එහා මෙහා චලනය විය හැකි වීමයි. මේ නිසා ඔබ තෝරාගන්නා ගීතය පවතින ට‍්‍රැක් එකට විශේෂ ක‍්‍රමයක් මගින් ලේසර් කිරණ නිකුත් කරන උපකරණය ස්ථානගත වීම සිදුවනවා. මෙම තාඏණය මැග්නටික් ඩිරෙක්ට් ඇක්සෙස් යනුවෙන් හදුන්වනවා. .
කැසට් පටයක් ධාවනය වීමේදී කැසට් රෙකෝඩරයේ ඇති හෙඞ් එක කැසට් පටය මත ස්පර්ශවීම සිදුවුවත් සී.ඞී එකක් කියැවීමේදී රීඞ්-එයිට් හෙඞ් එක එය මත ස්පර්ශවීමක් සිදුවන්නේ නැහැ.

මැග්නටික් සිප්
පසුගිය වසර කිහිපය තුළ දත්ත ගබඩා කිරිම සදහා යොදාගන්නා චුම්භක මාධ්‍යයන්වල කැපී පෙනෙන දියුණුවක් ඇතිවි තිබෙන ආකාරය දැකගත හැකියි. මේ නිසාම අතීතයේ භාවිත වූ ෆ්ලොපි ඩිස්ක හා එම ධාවක අප අතරින් සම්පූර්ණයෙන්ම තවමත් ඉවත් වී නැහැ. ෆ්ලොපි ඩිස්කයක තැන්පත් කළ හැක්කේ මෙගාබයිට් 1.44ක් තරම් අඩු දත්ත ප‍්‍රමාණයක් වුවත් මෙවන් ’ සිප් ඩිස්කයක මෙගාබයිට් 750 ක පමණ දත්ත ගබඩා කළ හැකියි. මෙහි දැක්වෙන්නේ ඇස්කි, පැරලල් පෝර්ට්, යූ.එස්.බී යන වින්‍යාස වලට අනුව නිර්මාණය කළ සිප් ඩිස්කයකි. මෙම ඩිස්කවල ආලේප කරන චුම්භක අංශු ස්තරයේද ප‍්‍රධාන වෙනසක් තිබෙනවා. එනම් ඉතා තුනී චුම්භක අංශු හෙවත් අයන් ඔක්සයිඞ් ස්තරයක් මේවායේ ආලේප කිරීමයි. මේ නිසා සිප් ඩිස්ක ධාවකවල යොදාගැනෙන්නේ ප‍්‍රමාණයෙන් කුඩා රීඞ්- රයිට් හෙඞ් බව පෙනීයනවා. මෙයින් සිදුවන වාසිය වන්නේ අඩු ඉඩකඩක් තුළ වැඩි තොරතුරු ප‍්‍රමාණයක් තැන්පත් කිරීමේ හැකියාවක් ලැබීමයි. හාඞ් ඩිස්කවල ද රීඞ්-රයිට් හෙඞ්ස් ඉතා කුඩාවට නිර්මාණය කර ඇති නිසා අඩු ඉඩක් තුළ වැඩි තොරතුරු ප‍්‍රමාණයක් තැන්පත් කිරීමේ හැකියාවක් ලැබී තිබෙනවා.

මැග්නටික් කාට්රිඡ්
මේවා ද එක්තරා ආකාරයක හාඞ් ඩිස්ක විශේෂයක් වශයෙන් හැදින්විය හැකි අතර රීඞ්-රයිට් හෙඞ්ස්, ඩිස්ක ධාවනය කිරීම සදහා මෝටරයක් ආදී උපකරණ සියල්ලම මෙම තනි ඒකකයක් තුළ තිබෙනවා. නමුත් හාඞ් ඩිස්කයක තරම් මේවායේ තොරතුරු තැන්පත් කළ නොහැකියි. නමුත් අඩු මිලකට ලබාගත හැකිවීම, පහසුවෙන් පරිගණකයට සම්බන්ධ කරගත හැකිවීම, ගිගාබයිට් 1 ක පමණ තොරතුරු ප‍්‍රමාණයක් තැන්පත් කළ හැකිවීම, නැවත නැවතත් භාවිතයට ගත හැකිවීම ආදී ලඏණ නිසා වර්තමානයේ මේවා ඡුනපි‍්‍රය වී තිබෙනවා.