Wednesday, September 9, 2009

විදුලියෙන් පරිගණකය රැුකදෙන සාමාýකයෝ



විදුලියෙන් පරිගණකය රැුකදෙන සාමාýකයෝ
ලෝකයේ කෙතරම් කාර්යඏම, අඩු මිළ පරිගණක තිබුණත් විදුලිබලය නොමැතිනම් ඒවායින් කිසිදු ප‍්‍රයෝඡුනයක් ගත නොහැකියි. මබ අවට පරිසරය දෙස මදක් අවධානය යොමුකර බලන්න. ඔබ අවට විදුලියෙන් කි‍්‍රයාකරන උපකරණ කොතරම් තිබෙනවාද?. වෙනත් උපකරණ මෙන් නොව පරිගණක සදහා අවශ්‍ය වන්නේ වඩාත් ස්ථාවර විදුලි සැපයුමක් බව ඔබත් දන්නවා ඇති.. එනම් ගුවන්විදුලි, රූපවාහිනී යන්ත‍්‍ර, ශීතකරණ වැනි යන්ත‍්‍රවලට විදුලි ධාරාවේ ඇතිවන සුලූ- සුලූ වෙනස්කම් එතරම් බලනොපෑවත් පරිගණකයක විනාශය අත්කරදීමට එය හොදටම ප‍්‍රමාණවත්. ඔබ සතුව තිබෙන්නේ අධික මිළකින් යුත් උපාංග සහිත පරිගණකයක් වුවත් මොහොතකින් එය විනාශයට පත්කිරීමට අක‍්‍රමවත් විදුලි සැපයුමකට ගතවන්නේ සුලූ මොහොතක් පමණයි. එනිසයි විදුලියෙන් ඔබගේ වටිනා පරිගණකය ආරඏා කරගැනීමට උත්සාහ ගතයුත්තේ. ලංකාවේ බොහෝදෙනා තම පරිගණකය රූපවාහිනියක් මෙන් කෙළින්ම ප‍්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධකර භාවිත කරන ආකාරය ඔබත් දැක ඇති. ලෝකයේ දියුණු රටක නම් මේ කාර්යය එක්තරා දුරකට සාධාරණිකරණය කළ හැකි වුවත් දිනකට අවම වශයෙන් එක් වරක්වත් විදුලිය ඇණහිටින ශී‍්‍ර ලංකාව වැනි රටක පරිගණක භාවිත කරන අපට මේ ගැන තවවරක් සිතා බැලීමේ වරදක් නැහැ. ලංකාවේ විදුලි සැපයුමෙහි ක්ඏණිකව සිදුවන ඉහළ-පහළයාම් නිසා දිනකට විදුලි උපකරණ විශාල ප‍්‍රමාණයක් හානියට පත්වනවා. කරුණු මෙසේ වුවත් තවමත් බොහෝදෙනා පරිගනක විදුලියෙන් ආරඏා කරගැනීමට නිසි පියවර නොගැනීම තරමක ගැටලූවක්. යූ. පී. එස්. භාවිත කිරීම මේ සදහා ඇති එක් පිළියමක්. නමුත් මෙම ලිපියෙන් ඔබට දැනගැනීමට ලැබෙන්නේ යූ.පී.එස්. භාවිතයෙන් පරිගණකය ආරඏාකර ගැනීම පිළිබදව පමණක් නොවන අතර මේ සදහා ඇති වෙනත් උපකරණවල සහය ද මේ සදහා යොදාගන්නා ආකාරයයි. පරිගණකයෙහි විදුලිබලය ගැන කතාකිරීමේදී වැදගත්වන ප‍්‍රධාන උපකරණයක් වන්නේ එහි බල සැපයුමයි. මෙය පවර් සප්ලයි යුනිට් යනුවෙන් හදුන්වනවා. යූ.පී.එස් එකකින් සිදුවන මූලික කාර්යය වන්නේ ප‍්‍රධාන විදුලි සැපයුමෙහි ඇති ප‍්‍රත්‍යාවර්ථක ධාරාව (ඒ.සී* සරල ධාරාවක් (ඞී.සී* බවට පත්කර පරිගණක තුළ ඇති හාඞ් ඩිස්කය, සී.ඞී ධාවකය වැනි උපකරණ සදහා බෙදාදීමයි. පරිගණකය තුළ වෝල්ට්3ග3ල 5ල 12 ආදී වශයෙන් විදුලි සැපයුම් කිහිපයක් දැකගත හැකියි. මේවායින් වෝල්ට් 3ග3 හා 5 විදුලි ධාරාවන් බොහෝවිට අවශ්‍ය වන්නේ පරිගණකයේ ඇති විදුලි පරිපථ කි‍්‍රයාත්මක කිරීමටයි. වෝල්ට් 12 විදුලි ධාරාවන් මගින් පරිගණකයේ හාඞ් ඩිස්කය කි‍්‍රයාත්මක කිරීම සිදුවනවා.
මෙවන් යූ.පී.එස්. අළෙවි කරන්නේ ඒවායින් ලබාදෙන නැතහොත් ප‍්‍රතිදානය කරන (අවුට්පුට්* ධාරාවේ ප‍්‍රමාණය සැලකිල්ලට ගනිමිනුයි. මෙම විදුලි ප‍්‍රමාණය වොට් අගයෙන් ගණනය කෙරෙනවා. හොද තත්වයේ යූ.පී.එස්. එකක් මිළදීගැනීම යනු පරිගණකයේ තිබෙන සියලූම උපකරණ සදහා ප‍්‍රමාණවත් විදුලියක් ලබාගත හැකි එකක් නොවේ. එනම් පරිගණකයේ ඇති ඩ‍්‍රයිව්ස්, විදුලි පංකා සදහා නිරවුල් බලසැපයුම් රැුහැන් සහිත ප‍්‍රමාණයෙන් කුඩා බලසැපයුමක් තෝරාගැනීමයි. එපමණක් නොව සීරියල් ඒ ටී ඒ වැනි හාඞ් ඩිස්ක් සදහාද සම්බන්ධක ඒවායේ පැවතීමත් නවීන විඩියෝ කාඞ්ස් සදහා වෙනමම බලසැපයුම් ඒවායේ පැවතීමත් හොද තත්වයේ යූ.පී.එස්. එකක් මිළදීගැනීමේදී ඔබගේ අවධානය අනිවාර්යයෙන්ම යොමුවිය යුතුයි. එසේ නොවුන හොත් පසුදිනෙක නවීන වීඩියෝ කාඞ් පතක් පරිගණකයට සවිකිරිමට ඔබට අවශ්‍ය වුවහොත් අනිවාර්යයෙන්ම යූ.පී.එස්. එක ද ඇතැම් විට පරිගණකයේ මව්පුවරුවද මාරු කිරීමට ඔබට සිදුවනු ඇති. මේ නිසා පරිගණකයක් එකළස් කිරීමේදී වුවද යූ.පී.එස්. එකක කාර්යයභාරය සුලූවෙන් නොතැකිය යුතුයි. ඔබ අපේඏාකරන ප‍්‍රතිදාන ධාරාවට වඩා වැඩි ධාරාවක් එමගින් ලබාදීම ගැටලූවක් නොවේ. යූ.පී.එස්. එකක වොට් 400ල 600ල යන්නෙන් අදහස් වන්නේ එමගින් පරිගණකයේ විවිධ උපකරණ සදහා ලබාදෙන සමස්ත වොට් ප‍්‍රමාණයයි. පරිගණකයක එක් ඵක් උපාංග සදහා අවශ්‍යවන අවම වොට් ප‍්‍රමාණයන් මෙසේ සදහන් කළ හැකියි.
යූ.පී.එස්. එකක සමස්ත වොට් ප‍්‍රමාණය සලකාබැලීමේදී වොට් 3ග3ල 5 හා 12 යන රැුහැන්වල ගලායන ධාරාවේ උපරිම ඇම්පියර් ප‍්‍රමාණය සොයාබැලීම ද වැදගත් වනවා.
වර්තමානයේ විවිධ ප‍්‍රමාණවලින් යුත් යූ.පී.එස්. මබට මිළදීගත හැකියි. නමුත් ඒවායින් බොහොමයක් නිෂ්පාදනය කෙරෙන්නේ ස්ටෑන්ඩර්ඞ් ඒ ටී එක්ස් හා මයික්‍රෝ ඒ ටී එක්ස් යන ෆැක්ටර් කේසස් වලට අනුවය. ඉකෝස්ටාර් වොට් 680 වැනි සාමාන්‍ය ඒ ටී එක්ස් බල සැපයුමිවල විශාලත්වය වන්නේ 3ග25” ං 6” ං 5ග5” ය. මෙිවායේ විදුලි පංකා දෙකක් දක්නට ලැබෙන අතර පවර් සප්ලයි යුනිට් එක පමණක් නොව පරිගණකය තුළ රැුස්වී ඇති උණුසුමි වායුව ඉවත් කිරීමට ද මෙිවා උපකාරී වෙි.
පවර් වොට් 320 වැනි සාමාන්‍ය ඒ. ටී. එක්ස් වර්ගයේ යූ.පී.එස් එකක විශාලත්වය වන්නේ 2ග5” ං 5” ං 4” ය. මෙය ප‍්‍රමාණයෙන් තරමක් කුඩාවට නිෂ්පාදනය කරන අතර මෙහි ඇත්තේ කූලිං ෆෑන් එකක් පමණි. එසේම ප්ඔඞ කේසස් වර්ග සාමාන්‍ය ඒ. ටී. එක්ස් මාදිලිවලට වඩා තරමක් කුඩාවට නිෂ්පාදනය කෙරෙනවා. ඒ නිසා මේවා සදහා ගැලපෙන්නේ ප‍්‍රමාණයෙන් කුඩා, රැුහැන් ප‍්‍රමාණය අඩු යූ.පී.එස්. එකකි.
යූ.පී.එස්. එකක දක්නට ලැබෙන වයර් ගණන පිළිබදව ද ඔබගේ අවධානය ලක්විය යුතුයි. රැුහැන් රැුසකින් යුත් ඉලෙක්ට්‍රොනික බූවල්ලෙකුගේ ස්වරූපයට සමාන පවර් සප්ලයි යුනිට් එකක් ඔබගේ පරිගණකය සදහා බොහෝවිට නොගැලපිය හැකියි. නවීන පවර් සප්ලයි යුනිට් බොහොමයක ඔබට අවශ්‍ය වයර් පසුව සවිකරගැනීමේ පහසුව සලසාදී තිබෙනවා. පරිගණකය තුළ සිසිල් වායුව සංසරණය වීමට මෙම වයර් අධික වීම බාධාවක් වනවා. ඔබගේ පරිගණකයේ ද මෙවන් කිසිදු කාර්යයකට යොදානොගන්නා යූ.පී.එස්. එකින් සැපයෙන් වයර් තිබෙන්නට පුලූවන්.
අල්ට‍්‍රා එක්ස් කනෙක්ට් වොට් 500 නමින් හදුන්වන පවර් සප්ලයි යුනිට් වල දක්නට ලැබෙන්නේ රැුහැන් කිහිපයක් පමණයි. එනිසා මෙවන් පවර් සප්ලයි යුනිට් එකක් පරිගණකයට සවිකිරීම ආධුනිකයෙකුට වුවත් ඉතා පහසුවෙන් කළ හැකියි.

සූරිඡ් ප්‍රොටෙක්ටර්ස්
මී ළගට අපගේ අවධානය යොමුවන්නේ හදිසි විදුලි බැදවැටීම් හා ධාරාවේ ඉහළ- පහළයාම් වලින් ඔබගේ පරිගණකය මෙන්ම සෙසු උපකරණද ආරඏා කරගැනීමට යොදාගත හැකි උපකරණයක් වන සූරිඡ් ප්‍රොටෙක්ටර්ස් වෙතටයි. මේවායින් සිදුවන කාර්යය වන්නේ වැඩි විදුලි ධාරාවක් එයට ඇතුලූ වුවහොත් එම ධාරාව භූගත කිරීම මගින් එයට සම්බන්ධ කර ඇති උපකරණයට වඩාත් ස්ථාවර ධාරාවක් ලබාදීමයි. යම් අවස්ථාවක ඉතා ඉහළ ධාරාවක් මෙම උපකරනයට ඇතුලූ වුවහොත් මෙහි ඇති ෆියුසය දැවීයාම මගින් උපකරණය ආරඏාවීමක් සිදුවනවා. එසේම අඩු විදුලි ධාරාවක් ලැබෙන අවස්ථාවකදී එය සාමාන්‍ය ආකාරයට පත්කිරීමද මෙමගින් සිදුවනවා. මෙම කි‍්‍රයාවලිය ඉතා ඏණිකව සිදුවිය යුතුයි. ඇත්ත වශයෙන්ම මෙය සිදුවන්නේ නැනෝසෙකන්ඞ් එකක් තුළයි. විවිධ මිළ ගණන් හා ප‍්‍රමාණවලින් යුත් සූරිඡ් ප්‍රොටෙක්ටර්ස් අද වෙළදපොළෙහි තිබෙනවා. එසේම මේවාට සම්බන්ධ කළ හැකි උපකරණ ගණනද ඒවායේ වර්ගය අනුව වෙනස්වනවා.

යූ.පී.එස්.
පරිගණක භාවිත කරන බොහෝදෙනා අතර ඡුනපි‍්‍රය උපකරණයක් ලෙසින් මෙය හැදින්විය හැකියි. ප‍්‍රධාන විදුලි සැපයුම විසන්ධි වූ අවස්ථාවක පරිගණකය සදහා තාවකාලික විදුලි සැපයුමක් ලබාදීම මෙහි ප‍්‍රධාන කාර්යයි. මෙයට අමතරව ධාරාවේ ඇතිවන වෝල්ටීයතා වෙනස්කම් බොහෝදුරට ස්ථාවර ආකාරයකට පත්කර උපකරණය වෙත ලබාදීමක් ද මෙමගින් සිදුවනවා. යූ.පී.එස්. එකක් තුළ තිබෙන බැටරිය ප‍්‍රධාන විදුලිය උපකාරයෙන් ආරෝපණය වීම සිදුවන අතර මේ සදහා ප‍්‍රත්‍යාවර්ථක ධාරාව සරල ධාරාවක් බවට පත්කර ගැනීමට අවශ්‍ය උපක‍්‍රම ද යූ.පී.එස්. එකක් තුළ තිබෙනවා. විදුලිය විසන්ධි වූ අවස්ථාවක මෙම බැටරියෙහි ඇති ධාරාව පරිණාමකයක් හෙවත් ට‍්‍රාන්ස්ෆෝමරයක් මගින් වැඩිකර පරිගණකය වෙත ලබාදීම මගින් පරිගණකය කෙටි කාලයක් කි‍්‍රයාත්මක වීම සිදුවනවා. යූ.පී.එස්. වල මාදිලි දෙකක් තිබෙනවා. එනම්
ස්ටෑන්ඞ්බයි
කන්ටිනිවස් වශයෙනි.

මේවායින් ස්ටෑන්ඞ්බයි
ආකාරයේ යූ.පී.එස්. අඩු මිළකට ලබාගත හැකියි. ප‍්‍රධාන විදුලි සැපයුම අකී‍්‍රය වනතෙක් මේවාට සම්බන්ධ කරඇති උපකරණ භාවිත කළ හැකියි. විදුලිය විසන්ධි වූ වහාම (මිලිසෙකන්ඞ් කිහිපයක් තුළ* යූ.පී.එස්. එක එහි බැටරියෙහි ධාරාව ලබාගන්නා ආකාරයට මාරුවනවා. නමුත් කන්ටිනිවස් ආකාරයේ යූ.පී.එස්. වලින් ද ඉහත කාර්යයම සිදුවන අතර යළිත් ස්වයංකී‍්‍රයවම එහි බැටරිය ආරෝපණය වීමක් මේවායේ සිදුවනවා. යූ.පී.එස්. ගැන කතාකරන විට එහි ධාරිතාවය මැන බැලීම සදහා යොදාගන්නා වී.එම්. ඒ. අගය පිළිබදවද සදහන් කළ යුතුයි. යූ.පී.එස්. එකකට සම්බන්ධ කරඇති උපකරණ සදහා එමගින් ලබාදෙන උපරිම ධාරාව මෙමගින් අදහස් වනවා. පි‍්‍රන්ටරයක් වැනි එක් උපකරණයක් පමණක් සම්බන්ධ කර ඇති පරිගණකයක් සදහා ෆෙන්ටොන් 600 වී.ඒ වර්ගයේ යූ.පී.එස්. එකක් සුදුසුවන අතර මෙමගින් පරිගණකය සදහා විනාඩි 15- 23 ක සැපයුමක් ලබාගත හැකියි.

No comments:

Post a Comment