Wednesday, September 9, 2009

පරිගණකයක ඇති දත්ත බැකප් කරගැනීම



පරිගණකයක ඇති දත්ත බැකප් කරගැනීම
ඔබගේ පරිගණකය හදිසියේ කි‍්‍රයා විරහිත වුව හොත් හෝ නිසියාකාරව කි‍්‍රයාත්මක නොවුණ හොත් ඔබ මහත් වෙහෙසක් දරමින් නිර්මාණය කළ විවිධ ලිපි ලේඛන ආදී වැදගත් දැ යළිත් ඔබට ලබා ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. ඇතැම් අවස්ථාවල ඒවා යළිත් නිර්මාණය කිරීමට ඔබට සිදුවුව හොත්?. නමුත් ඵීන්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළ මේ සඳහා කදිම උපයෝගීතාවයක් දක්නට ලැබෙයි.ඒ බැකප් නම් උපයෝගීතාව යයි.ඔබගේ වටිනා ෆයිල් වර්ග ආදී දැ මෙමගින් වෙනත් ෆ්ලොපි ඩිස්ක්ල පෙන් ඩ‍්‍රයිව්ල සී. ඞී ආදී ද්විතීක ගබඩාකරන මාධ්‍යයක ගබඩාකර තබාගැනීමේ පහසුව මෙමගින් ඔබට ලැබෙයි.තවද ඔබගේ පරිගණකයේ හාඞ් ඩිස්කයේ වෙනමම පාර්ටිෂන් එකක ඒවා සේව් කිරීමේ හැකියාවද ඔබට ලැබෙයි. එසේම ඒවා අවශ්‍ය අවස්ථාවක දී නැවතත් ඒ ආකාරයෙන්ම ප‍්‍රයෝඡුනයට ගැනීමේ අවස්ථාව ඔබට මේ තුළින් හිමිවෙයි. මෙසේ ඔබ බැකප් කරගන්නා ෆයිල් ගඉනෙ යන එක්ස්ටෙන්ෂන් එකෙන් අවසන්වෙයි. නමුත් ඔබට අවශ්‍ය නම් එය වෙනත් එක්ස්ටෙන්ෂන් එකක් ලෙස ද සැකසිය හැකිය. මෙම උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට ද මෙම කි‍්‍රයාකාරකම ඉතා පහසුවෙන් සිදු කළ හැකිවා පමණක් නොව ඔබගේ පරිගණකයේ වටිනා තොරතුරු ආදිය බැකප් කර තබාගෙන හදිසි අවස්ථාවක දී ඒවා යළිත් ප‍්‍රයෝඡුනයට ගැනීමේ අවස්ථාව ඔබට හිමිවෙයි. පරිගණකයේ ඇති සියලූම හෝ තෝරාගන්නා ලද ෆයිල්ස්වල පිටපත් ද්විතීක ගබඩාකරන මාධ්‍යයක තැන්පත් කිරීමේ කි‍්‍රයාවලිය බැකප් ලෙස සරලව හැඳින්විය හැකිය. මෙය සිදු කළ හැකි ආකාර කිහිපයක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සතුව පවතී.

බැකප් සඳහා ෆයිල්, ෆෝල්ඩර්, ඩිවයිසස් තෝරා ගැනීම
ටී‍්‍ර විව් ආකාරයේ හෙවත් එක්තරා ආකාරයක ගැලීම් සටහනක් ආශ‍්‍රයෙන් ඔබගේ පරිගණකයේ ඇති තොරතුරු මේ හරහා ඔබට දැකගත හැකි අතර එ මගින් අදාළ ඩ‍්‍රයිව් එකෙහි ඇති දැ ඉතා පහසුවෙන් ඔබට සොයාගත හැකිවනු ඇත. ඔබ වින්ඩෝස් එක්ස්ප්ලෝරර් භාවිත කර ෆයිල්ස් ආදිය සොයා ඇත්නම් මෙය ඔබට හුරු පුරුදු කාර්යයකි. මී ළගට සිදු කළ යුත්තේ බැකප් කරගත් දත්ත සේව් කර ගැනීම සඳහා ස්ටෝරේඡ් මීඩියා එකක් හෝ ෆයිල් ලොකේෂන් එකක් තෝරා ගැනීමයි.
ස්ටෝරේඡ් මීඩියා එකක් තෝරා ගැනීමේ දී බැකප් මගින් ඔබට විකල්ප දෙකක් සපයනු ලබයි. ස්ටෝරේඡ් මීඩියා එකක ඇත ෆයිල් එකකට ඔබට මෙම බැකප් දත්ත පිටපත් කරගත හැකිය. එය සමහර විට හාඞ් ඩිස්කය හෝ සී.ඞී එකක් විය හැකිය. නැතහොත් පෙන් ඩ‍්‍රයිව් එකක් විය හැකිය. මෙම කි‍්‍රයාවලිය සිදුකරන අන්දම මී ළගට විමසා බලමු. මේ සඳහා පහත දැක්වෙන කි‍්‍රයාමාර්ගය අනුගමනය කරන්න.
Start > All programs > Accessories > System tools > Back up
එවිට ඔබටිවෙල්කම් ටු ද බැකප් ඔි රිස්ටෝ විසාඞ්’ නම් සංවාද කොටුව එක ලැබෙයි. ඒ ඔස්සේ ඔබට ඔබගේ පරිගණකයේ ෆයිල් ආදිය බැකප් කරගැනීම හෝ රීස්ටෝ කරගැනීම කළ හැකිය. එසේම ඔබට පරිගණක පරිශීලනය පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් පවතින්නේ නම් ඇඞ්වාන්ස්ඞ් මෝඞ් ආකාරයෙන් ද මෙම කි‍්‍රයාවලිය සිදු කිරීමේ අවස්ථාව මෙමගින් සපයා දෙයි. පසුව නෙක්ස්ට් බොත්තම ඔබන්න.
එවිට ඔබට බැකප්/ රිස්ටෝ විසාඞ් නම් තවත් සංවාද කොටුවක් ලැබෙයි. මෙහි දී ඔබට විකල්ප දෙකක් ලැබෙන අතර ඔබගේ අවශ්‍යතාවය පරිදි කැමති විකල්පයක් තෝරාගත හැකිය. ඔබට මෙම අවස්ථාවේ දී අවශ්‍ය වන්නෙ ෆයිල් බැකප් කරගැනීමට නිසා පළමු විකල්පය තෝරා නෙක්ස්ට් බොත්තම ඔබන්න. රිස්ටෝ යන්නෙන් අදහස් වන්නේ ඔබ බැකප් කරගන්නා ලද ෆයිල්ස් නැවත පරිගණකයට පිටපත් කර ගැනීමකි. ඉදිරියේ දී මේ පිළිබඳව සාකච්ඡුා කෙරෙයි.
පසුව ඔබට ලැබෙන්නේ වට් ටු බැකප් නම් සංවාද කොටුවයි. මෙහිදී ඔබට බැකප් කරගැනීමට ඇත්තේ කුමක්දැයි තෝරාගැනීමට සිදුවෙයි. උදාහරණ ලෙෂ ඩොකි්‍යුමන්ට් ඇන්ඞ් සෙටින්ස් යන්න තෝරාගත හොත මයි ඩොකියුමන්ට්ස් නම් ෆෝල්ඩරයේ ඇති ෆයිල්ස් හා ඩෙක්ස්ටොප් එකෙහි ඇති ෆයිල්ස් ආදියද බැකප් වෙයි. මෙම අවස්ථාවේ දී සුදුසු වන්නේිලෙට් මී චූස් වට් ටු බැකප්’ යන්න තෝරා ගැනීමයි. එවිට ඔබට අවශ්‍ය ෆයිල්ස් එකින් එක තෝරා ගැනීමේ හැකියාව ඔබට ලැබෙයි. එනිසා එය තෝරා නෙක්ස්ට් බොත්තම ඔබන්න.
පසුව ඔබට ලැබෙන්නේිඅයිටම්ස් ටු බැකප් යන සංවාද කොටුවයි. මෙහි වම්පස ඇති ලැයිස්තුවෙන් ඔබගේ බැකප් කරගැනීමට නියමිත ෆයිල්ස් පවතින ඩ‍්‍රයිව් එක හා අදාළ ෆෝල්ඩර්ස් තෝරා ගත යුතුය. ඒ සදහා අදාළ ඩ‍්‍රයිව් එක ආසන්නයේ ඇති කතිර ලකුණ මත ක්ලික් කර ලැබෙන ලිස්ට් එකෙන් අදාළ සබ් ෆෝල්ඩර්ස් තෝරන්න. එවිට අදාළ ෆෝල්ඩරය තුළ ඇති ෆයිල්ස් සියල්ලම දකුණුපස තීරුවට එක්වෙයි. පසුව නෙක්ස්ට් බොත්තම ඔබන්න.
පසුව ලැබෙන්නේ බැකප් ටයිප්, ඩෙස්ටිනේෂන් ඇන්ඞ් නේම් නම් සංවාද කොටුවයි. මෙහිදී බැකප් කරන ලද ෆයිල්ස් සේව් වීම සදහා ඩ‍්‍රයිව් එකක් තෝරාගත යුතුය. මෙහි සාමාන්‍යයෙන් තේරී ඇත්තේ ෆ්ලොපි ඩ‍්‍රයිව් එකයි. නමුත් බ‍්‍රව්ස් බොත්තම ක්ලික් කිරීමෙන් ඔබට අවශ්‍ය ඩ‍්‍රයිව් එක තෝරාගත හැකිය. පසුව නෙක්ස්ට් බොත්තම ඔබන්න.
ඔබ මේ වනවිට බැකප් කි‍්‍රයාවලිය සදහා අවශ්‍ය මූලික කි‍්‍රයාකාරකම් සියල්ල අවසන් කර ඇත. මී ළගට ලැබෙන්නේිකම්ප්ලීටින් ද බැකප් ඔි රිස්ටෝ විසාඞ්’ නම් සංවාද කොටුවයි. එහිදී ඔබ තෝරාගත් ඩ‍්‍රයිව් එක,ෆෝල්ඩර්ස් ආදිය පිළිබදව විස්තරයක් නිරූපණය කරයි. ඔබට යම් අතපසුවීමක් සිදුවී ඇත්නම් මෙහිදීිබැක්’ බොත්තම ඔබා අවශ්‍ය තොරතුරු නිවැරදිව යළි සැකසිය හැකිය.
මී ළගට ඔබට බැකප් කි‍්‍රයාවලිය සිදුවන අන්දම දැකගත හැකිය. අවසානයේ බැකප් කි‍්‍රයාවලිය අවසන් බව ඔබට දැනුම් දෙයි. ඔබ තෝරාගත් ෆයිල්ස් ආදියේ සම්පූර්ණ තොරතුරු මෙහිදී දර්ශනය වෙයි.
පසුව අදාළ ඩ‍්‍රයිව් එකෙහි මෙහි දැක්වෙන ආකාරයේ අයිකන් එකකින් ඔබ බැකප් කරගත් ෆයිල්ස් සියල්ල නිරූපණය වෙයි. එය මත ඩබල් ක්ලික් කර පසු අවස්ථාවක ඒවා නැවතත් පරිගණකයේ සථාපිත කළ හැකි අතර මෙහිදී පෙර සදහන් කළ සංවාද කොටු සියල්ල ඒ ආකාරයෙන්ම ලැබෙන අතරිබැකප් ඔි රිස්ටෝ’ නම් සංවාද කොටුවේ දී මෙම අවස්ථාවේදී ඔබ තෝරාගත යුත්තේිරිස්ටෝ ෆයිල්ස් ඇන්ඞ් සෙටිංස්’ යන්නයි.
පසුවිවට් ටු රිස්ටො’ නම් සංවාද කොටුවෙන් පෙර පරිදිම එම බැකප් කරගත් ෆයිල්ස් නිරූපණය කරන අතර ඒවා සිලෙක්ට් කර නෙක්ස්ට් බොත්තම ඔබන්න. මීළගට ඒවා කොපි වීම සදහා ඔබගේ පරිගණකයේ යම් පාටිෂන් එකක් තෝරා දීමෙන් ඔබ බැකප් කරගත් ෆයිල්ස් සියල්ල සාර්ථකව නැවත ලැබී ඇති බව දැකගත හැකිය.

No comments:

Post a Comment