Saturday, April 3, 2010

Sage Line 50 ඉන්ස්ටෝල්් කරන්නේ මෙහෙමයි




Sage Line 50 මෘදුකාංගය පරිගණකයේ පිහිටුවීමට නම් ඔබගේ පරිගණකයේ නම් WinZip මෘදුකාංගය තිබිය යුතුය. සී.ඩී. එකෙහි තිඛෙන ෆයිල් එක මෙම මෘදුකාංගය භාවිතයෙන් unzip කරගත යුතුය. එය සිදුකරන්නේ එය මත right click කර ලැඛෙන මෙනුවෙන් “Extract DataLink …හෝ Extract here යන්න තෝරාගත යුතුය. මෙයට පෙර අÞළ ෆයිල්ස් කිහිපය සී.ඩි එකෙන් පරිගණකයේ නව ෆෝල්ඩරයක් සාÞ එයට කොපි කරගන්න. පසුව WinZip ෆයිල් එක unzip කරගත යුතුය.
එවිට නව ෆයිල්ස් කිහිපයක් සෑදෙයි. එනම්
– Setup.exe (install file for the DataLink osCommerce Connector for Sage Line 50)
– Licence Agreement
– Detailed installation Manual
– Readme File
මෙහි ඇති Setup.exe ඩබ්ල් ක්ලික් කිරීමෙන් Sage Line 50 පරිගණකයේ පිහිටුවාගත හැකිය. එවිට SET UP Wizard එක විවෘත වෙයි. SET UP Wizard එකෙහි උපදෙස්වලට අනුව මෙය පරිගණකයේ පිහිටුවාගැනීමේදී “DataLink License Agreement” එක දර්ශනය වනවිට එයට අනුමැතිය ලබාදෙන්න. (I accept වැනි වචනය ්ලික් කරන්න.)අවසානයේදි මෙහි දැක්වෙන පරිදි ඩෙස්ක්ටොප් එකෙහි හා Quick Launch හි අයිකන් දෙකක් නිර්මාණය වෙයි. uDÿldx.h újD; lr.ekSug system tray හි ඇති DataLink Commerce Connector අයිකනය හෝ Desktop icon ඩබ්ල් ක්ලික් කරන්න.

Saturday, February 20, 2010

වින්ඩෝස් සෙවන් ටිප්ස්, ටි්‍රක්ස් හා රහස්


මයික්‍රොසොෆ්ට් සමාගම විසින් හඳුන්වාදුන් නවතම මෙහෙයුම් පද්ධතිය වන්නේ වින්ඩෝස් සෙවන් ය. මෙයට ටික කලකට පෙර හඳුන්වාදුන් මෙහෙයුම් පද්ධතියක් වන නිසාම අප රටේ බොහෝ දෙනෙකුට වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය තූළ තිඛෙන අගනා පහසුකම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැත. රූ පරිගණක සගරාව ඔස්සේ වින්ඩෝස් සෙවන් බයිබලය යනුවෙන් අඛණ්ඩ පාඩම් මාලාවක් ඔබට තිළිණ කිරීමට අප තීරණය කළේද වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය ගැන ඔබ දැනගත යුතු දේවල් සියල්ලක්ම අදියරින් අදියර පැහැදිලි කිරීම සඳහායි. වැඩි කාර්යක්ෂමතාවයක්, පරිශීලක මිත්‍රශීලී අතුරු මුහුණතක් තිඛෙන මෙහෙයුම් පද්ධතියක් ලෙසින් ද මෙය හැඳින්වීමේ වරදක් නැත. වින්ඩෝස් සෙවන් තුළ ඇති, විස්ටා තුළ නැති පහසුකම් 18 ක්.

1. Problem Steps Recorder
ඔබටත් පරිගණකවල ඇතිවන දෝෂ නිරාකරණය පිළිබඳව යම් දැනුමක් තිඛෙන්නේ නම් ඔබගේ මිතුරන්ගේ පරිගණකවල ඇතිවන ගැටලූවලට ඔඛෙන් උපකාර ලබාගෙන ඇති. ඇතැම් විට ඔබගේ පරිගණකයේ යම් දෝෂයක් ඇතිවී තිඛෙන අවස්ථාවක අÞළ දෝෂයට හේතුව කුමක්දැයි ඔබට පහසුවෙන් සොයාගැනීමට අසීරු වෙයි. නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම මෙවන් තත්වයකදී ඔබට සහාය වීමට අගනා පහසුකමක් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියට එක්කර තිඛෙයි. එය හඳුන්වන්නේ Problem Steps Recorder යනුවෙනි. වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය තිඛෙන පරිගණකයක ඇති යම් මෘදුකාංගයක් හිතුමතේ කි්‍රයාත්මක වනවිට ීඒරඑ බොත්තම ක්ලික් කර ලැඛෙන ස්ටාට් මෙනුවේ ඇති කවුළුව තුළ යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න. පසුව යනුවෙනි. වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය තිඛෙන පරිගණකයක ඇති යම් මෘදුකාංගයක් හිතුමතේ කි්‍රයාත්මක වනවිට ීඒරඑ බොත්තම ක්ලික් කර ලැඛෙන ස්ටාට් මෙනුවේ ඇති කවුළුව තුළ යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න. පසුව Start Record යන්න ක්ලික් කරන්න. මෙයින් සිදුවන්නේ පරිගණකයේ සිදුවන සම්පූර්ණ කි්‍රයාකාරීත්වයම, ඔබ යතුරු පුවරුව හරහා ලබාදෙන සෑම විධානයක් ම මෙහෙයුම් පද්ධතිය විසින් පටිගත කරගැනීමයි. පසුව එය සිප් කරන ලද MHTML ආකෘතියට අනුව පරිගණකයේ සේව් වීම සිදුවෙයි. මෙම ගොනුව පරිගණක පිළිබඳ දැනුමක් තිඛෙන අයෙකුට පහසුවෙන් ම ඊමේල් කළ හැකිය. එය බලා ඔබගේ පරිගණකයේ ඇතිවී තිඛෙන දෝෂයට නිසි පිළිතුරක් ඔබට ලබාදීමට ඔහුට මෙමගින් හැකියාවක් ලැඛෙයි.

2. ඉමේජ බර්න් කරගැනීම
දැනට නොමිළේ ලබාගත හැකි මෙහෙයුම් පද්ධති විසින් හදුන්වාදෙන පහසුකමක් වන්නේ සී.ඩී. හෝ ඩී.වී.ඩී. වලට අයි.එස්.ඔි ආකාරයේ ඉමේජ බර්න් කරගැනීමට හෙවත් රයිට් කරගැනීමට අවස්ථාව සලසා දීමයි. මෙවන් ෆයිල්ස් භාවිත කිරීම තරමක් අපහසුය. නමුත් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියේදී පරිගණකයේ තිඛෙන මෙවන් අයි.එස්.ඔි ඉමේජයක් මත ඩබ්ල් ක්ලික් කර පරිගණකයේ සී.ඩී. හෝ ඩී.වී.ඩී. රයිටරය පෙන්වා දුන් පසුව ඉමේජය සී.ඩී. එකට නිතැතින්ම පිටපත් වීම සිදුවෙයි. මේ සහා වෙනත් කිසිදු මෘදුකාංගයක් අවශ්‍ය වන්නේ නැත.

3. VHD ෆයිල්ස් නිර්මාණය කරගැනීම හා මවුන්ට් කරගැනීම
මයික්‍රෙසොෆ්ට් වර්චුවල් පරිගණකයක තිඛෙන හාඩ් ඩිස්කයක VHD ආකාරයේ ෆයිල්ස් ගබඩා කර තැබිය හැකිය. පසුව වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය යටතේ මෙම ඩ්‍රයිව් එකෙහි ඇති ෆයිල්ස් මවුන්ට් කරගැනීමේ හා ඒවාට ප්‍රවේශ වීමේ හැකියාවක් ලැඛෙයි. මේ සඳහා Start බොත්තම ක්ලික් කර diskmgmt.msc යනුවෙන් සෙවුම් කවුළුව තුළ ටයිප් කර එන්ටර් කී එක ඔබන්න. පසුව Action > Attach VHD යන මෙනු විධාන ලබාදෙන්න. මී ළගට ඔබට මවුන්ට් කරගැනීමට අවශ්‍ය ෆයිල්ස් තෝරාගන්න. එවිට Explorer මෘදුකාංගය තුළ වර්චුවල් ඩ්‍ර්‍රයිව් එකක් ඔබට දැකගත හැකිවේවි. මෙහි ඇති ෆයිල්ස් ඔබට අවශ්‍ය ඔිනෑම කාර්යයක් සදහා යොÞගත හැකිය. නැවතත a Click Action > Create VHD යන විධානය ලබාදීමෙන් නව වර්චුවල් ඩ්‍රයිව් එකක් සාÞගත හැකිය. මේ සඳහා නිර්මාණය වූ වර්චුවල් ඩ්‍රයිව් එක මත Right click කර Initialise Disk යන විධානය තෝරාගන්න. මී ළගට ඩ්‍රයිව් එකෙහි භාවිත කර නොමැති ඉඩකඩක් පවතින ස්ථානයක Right click කර New Simple Volume යන විධානය තෝරාගත යුතුය. මෙම වර්චුවල් ඩ්‍රයිව් එක තුළට මෘදුකාංග ස්ථාපනය කරගැනීම වැනි කාර්යයන් රැසක්ම ඔබට සිදුකළ හැකිය. කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එක තුළ DISKPART යන විධානය ලබාදීමෙන් VHD ආකාරයේ ෆයිල් එකක් වෙන් කරගත හැකිය. EXPAND විධානයෙන් සිදුවන්නේ වර්චුවල් ඩ්‍රයිව් එකෙහි ධාරිතාවය උපරිම අගයක් දක්වා වැඩි කරගැනීමයි.

පි්‍රන්ටරයක කි්‍රයාකාරීත්වය තාවකාලිකව නතර කිරීම



පරිගණකයක ඇති දෙයක පිටපත් ලබාගැනීමට අප බොහෝදෙනා භාවිත කරන උපකරණයක් ලෙසින් පි්‍රන්ටරය හැදින්විය හැකියි. පි්‍රන්ටරයකින් ලබාදෙන පිටපතක් අප හදුන්වන්නේ හාඩ් කොපි අවුට්පුට් එකක් වශයෙනි. මොනිටරයෙන් ද පරිගණකයේ ඇති දේවල් අපට දැකගත හැකියි. නමුත් මොනිටරයෙන් ලබාදෙන දර්ශනයක් අප හදුන්වන්නේ සොෆ්ට් කොපි අවුට්පුට් යනුවෙනි. පි්‍රන්ටර, මොනිටර වැනි උපකරණ පොදුවේ හදුන්වන්නේ අවුට්පුට් ඩිවයිසස් යනුවෙනි. පි්‍රන්ටරයකින් ලබාදෙන පිටපත් ස්පර්ශ කළ හැකි හෙවත් භෞතික ආකාරයෙන් යුක්ත වන නිසා එය හාඩ් කොපි අවුට්පුට් එකක් යනුවෙන් හදුන්වයි. නමුත් මොනිටරයෙන් දර්ශනය වන දේවල් අභෞතික නිසා එය හදුන්වන්නේ සොෆ්ට් කොපි අවුට්පුට් එකක් යනුවෙනි. පිටු කිහිපයකින් යුත් ලේඛනයක් ඔබ මුද්‍රණය කරගන්නේ යැයි සිතන්න.
මයික්‍රොසොෆ්ට් වර්ඩ් වැනි මෘදුකාංගයක් භාවිතයෙන් යම් ලේඛනයක් මුද්‍රණය කරගැනීමට නම් ඔබට අවශ්‍ය ආකාරයට කඩÞසි වර්ගයක් තෝරා දී ප්‍රින්ට් බොත්තම එබිය හැකියි. එවිට සමස්ත ලේඛනයම හෝ ඔබ තෝරාදුන් පිටු ගණන මුද්‍රණය කරගත හැකියි. නමුත් අත්වැරදීමකින් පිටු කිහිපයක් සහිත ලේඛනයක ඇති පිටු සියල්ලම මුද්‍රණය කරන්න යනුවෙන් ඔබ විධානය ලබාදුන් හොත් පි්‍රන්ටරයෙන් ඒවා නොකඩවා මුද්‍රණය වීම සිදුවනවා. මෙවන් අවස්ථාවලදී පි්‍රන්ටරයේ කි්‍රයාකාරීත්වය වහාම නතර කර නොගත හොත් කඩÞසි හා තීන්ත විශාල ප්‍රමාණයක් නාස්ති වීම සිදුවනවා.
මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ එවන් අවස්ථාවකදී ක්ෂණිකව මුද්‍රණ කාර්යය නතර කරගන්නා ආකාරයයි.පළමුවෙන්ම ඔබගේ අවධානය යොමුවිය යුත්තේ ඔබ භාවිත කරන පි්‍රන්ටරයේ Cancel හෝ Stop යනුවෙන් බොත්තම් තිඛෙන්නේ ද යන්නයි. Canon වර්ගයේ පි්‍රන්ටරවල මෙම බට්න්ස් පිහිටා තිඛෙනවා. නමුත් ඇතැම් පි්‍රන්ටරවල මේවා දක්නට ලැඛෙන්නේ නැහැ. මේ නිසා එම බොත්තම එබීමෙන් මුද්‍රණ කාර්යය නතර කරගත හැකියි.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළින් පි්‍රන්ටරයේ කි්‍රයාකාරීත්වය නතර කරගත හැකි වුවත් මේ සදහා තරමක කාලයක් ගතවීම එයට හේතුවයි.
මෙයට අමතරව පි්‍රන්ටරයේ කි්‍රයාකාරීත්වය තාවකාලිකව නතර කරගත හැකි තවත් ක්‍රමයක් වන්නේ ටාස්ක් බාරයේ සිස්ටම් ටේ්‍ර එකෙහි දැක්වෙන පි්‍රන්ටරය නියෝඡනය කරන අයිකනය මත ඩබ්ල් ක්ලික් කිරීමයි. එවිට ඔබට පි්‍රන්ට් ප්‍රොපටීස් සංවාද කොටුව මතුවන අතර එහි දැනට මුද්‍රණය වන ලේඛනයේ නාමය දැකගත හැකියි. එම ලේඛනයේ නාමය මත රසටයඑ ජකසජන කර ලැඛෙන මෙනුවෙන් ක‍්බජැක යන විධානය තෝරාගැනීමෙන් ඉදිරියට ඇති පිටු මුද්‍රණය වීම වළක්වාගත හැකියි. ලේඛන කිහිපයක් මුද්‍රණය කිරීමට තිඛෙන්නේ නම් Cancel All Documents විධානය තෝරාගන්න. මී ළගට ලැඛෙන්නේ මුද්‍රණය වීම නතර කරන්න ද? යනුවෙන් විමසා සිටින පණිවිඩයකි. එහි Yes බොත්තම ක්ලික් කරන්න. එවිට මුද්‍රණය කරගැනීමට සූÞනම් කර තිබූ සියලූම ලේඛණ මුද්‍රණය නොවනු ඇති.

Friday, February 19, 2010

සිංහල යුනිකෝඩ් කලාවේ නවතම විප්ලවය


ඔබත් අන්තර්ජාලය පාවිච්චි කරන කෙනෙක් නම් ඔබගේ අදහස් උදහස් අනෙක් අයට සිංහලෙන් දැනුම්දීමට මෑතක් වන තෙක් තිබුණු ලොකුම ගැටලූවක් වූයේ මෘදුකාංගය බොහොමයක් යුනිකේත තාක්ෂණයට සහාය නොදැක්වීමයි. මේ කාලයේදී සිංහල යුනිකේත පහසුකම් සහිත කුඩා මෘදුකාංග කිහිපයක් පරිගණකය ක්ෂේත්‍රයට දායාද වූවා. විශේෂයෙන්ම ලෝකයේ වැඩි ජනපි්‍රයත්වයක් අත්කරගෙන සිටින මොසිල්ල ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරයට ඇඩෝන වශයෙන් ශී්‍ර ලාංකික සොයුරන් විසින් හදුන්වා දුන් තරමින් කුඩා වුවත් බොහෝ ප්‍රයෝජනවත් මෘදුකාංග කිහිපය ගැන අපි මීට කළින් ඔබව දැනුවත් කළා. මෙවර ඔබට හදුන්වා දෙන්නේ තවත් එවැනි ෆයර්ෆොක්ස් ඇඩෝනයක් ගැනයි.
මෙය භාවිත කිරීමට ඔබගේ පරිගණකයේ ෆයර්ෆොක්ස් 3ග5 සංස්කරණය ස්ථාපිත කරගෙන තිබිය යුතුයි. මෙතෙක් කල් අපි පාවිච්චි කළ /Tamil Unicode KIT එක භාවිතයෙන් තොරව බ්ලොග්ස් තුළ ඔබට අවශ්‍ය දේවල් පහසුවෙන් ටයිප් කිරීමටත්, කියැවීමටත් මෙයින් අවස්ථාවක් ලැඛෙනවා. එමෙන්ම සිංහල යුනිකෝඩ් ෆොන්ට්ස් ඔබගේ පරිගණකයේ ස්ථාපිත කිරීම ද අවශ්‍ය වන්නේ නැහැ. මෙම ඇඩෝනයේ නම qsFOX (Quick Sinhala for Firefox).මෙය යන වෙබ් අඩවියෙන් ඔබට නොමිළේම ලබාගත හැකියි. ඉතා කුඩා ධාරිතාවයක් තිඛෙන නිසා මිනිත්තු කිහිපයක් තුළ ඔබට මෙය ඩවුන්ලෝඩ් කරගත හැකියි.
මෙවන් සත්කාර්යයක් සදහා වෙහෙසුණු අය ගැනද යමක් සදහන් කළ යුතුයි. මෙම ඇඩෝනයේ නිර්මාතෘ වන්නේ මොරටුව සරසවියේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ ඉසුරු උදාර සහෝදරයායි. මේ ගැන අදහස ඉදිරිපත් කර තිඛෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා ආයතනයේ පහන් සොයුරායි. සිංහල යුනිකෝඩ් සම්ප්‍රදායේ නව මංපෙත් එළිපෙහෙළි කරමින් ඉදිරියටත් ඔවුන්ට මෙවන් නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි අප මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා

Saturday, January 9, 2010

Individual classes


Individual Classes for….
Information and Communication Technology (ICT)
General Information Technology (GIT)
6, 7, 8, 9, 10
Science and Technology ( English medium / Sinhala medium)
Englsih
AROUND RATHNAPURA & KURUWITA
Plase visit my profile for more details….
Thank you.
Punsiri Karunasena
B.A(Geo:Sp), Dip: In Eng:,... BIT (Ug), The assistant editor of Roo computer magazine
2010/01/09