Wednesday, September 9, 2009

පරිගණකයේ ඇති දේ තැනින් තැනට ගෙනයන රිමූවබල් ස්ටෝරේඡ් උපාංග



පරිගණකයේ ඇති දේ තැනින් තැනට ගෙනයන රිමූවබල් ස්ටෝරේඡ් උපාංග
පරිගණකයක් දිගුකලක් පාවිච්චි කරනවිට ඔිනෑම කෙනෙකුට මුහුණදීමට සිදුවන ගැටලූවක් තමයි පරිගණකයේ හාඞ් ඩිස්ක ක‍්‍රමයෙන් පිරීයාම. මෙයට වසර කිහිපයකට පෙර නිපදවූ හාඞ් ඩිස්කවල තිබුණේ ඉතා සීමිත ඉඩකඩක් බව ඔබ දන්නවා ඇති. නමුත් සෑම සියලූම සීමා-මායිම් බිද දමා ඉහළ ධාරිතාවයකින් යුත් ගිගා බයිට්, ටෙරා බයිට් ප‍්‍රමාණයේ ධාරිතාවලින් යුත් හාඞ් ඩිස්ක වර්තමානයේ නිපදවා තිබෙනවා. නමුත් තවමත් අපගේ ගැටලූවට නිසි විසදුමක් ලැබී නැහැ. ඔබත් ග‍්‍රැෆික් නිර්මාණකරණය, වීඩියෝ සංස්කරණය ආදී කාර්යයන් සදහා පරිගණකය යොදාගන්නා අයෙක් නම් හාඞ් ඩිස්කයේ ඉඩකඩ ඉතා කෙටි කලකින් අඩුවීමේ ගැටලූවට මැදිව ඉන්නා කෙනෙක් විය හැකියි. මේ සදහා ඇති හොදම පිළියම වන්නේ පෙන් ඩ‍්‍රයිව්ස්, සී.ඞී, ඞී.වී.ඞී වැනි රිමූවබල් ස්ටෝරේඡ් උපාංගවල පරිගණකයේ ඇති තොරතුරු පිටපත් කරගැනීමයි. අද වෙළදපොළෙහි විවිධාකාර රිමූවබල් ස්ටෝරේඡ් උපාංග තිබෙනවා. නමුත් මේ රිමූවබල් ස්ටෝරේඡ් උපාංග වල ආරම්භය සිදුවූයේ චුම්භකිත පටි හෙවත් මැග්නටික් ටේප්ස් වලිනි. මෙය සාමාන්‍යයෙන් කැසට් පටයකට සමානව නිෂ්පාදනය වූවා. එයටත් පෙර පැවති පරිගණක මේ සදහා යොදාගත්තේ ප්නැ කාඞ්ස් නම් තාඏණයක්. මෙහිදී සිදුරු සහිත කාඞ්බෝඞ් එකක් පරිගණකයට ඇතුලූ කිරීම සිදුවූ අතර එම සිදුරුවල ඇති රටාව අනුව එහි තැන්පත් කරඇති තොරතුරු පරිගණකය විසින් හදුනාගැනිම හා පරිගණකයේ ඇති තොරතුරුවලට අනුව මෙම කාඞ්බෝඞ් වල සිදුරු නිර්මාණය කිරීම සිදුවූවා. නමුත් අද වනවිට රිමූවබල් ස්ටෝරේඡ් උපාංග දිගු ගමනක් පැමිණ තිබෙනවා. ඒවායේ ධාරිතාවල පවතින වෙනස මේ සදහා හොදම උදාහරණයක් ලෙසින් සදහන් කළ හැකියි. මෙගාබයිට්, ගිගාබයිට් ධාරිතාවයන්ගෙන් පමණක් නොව අප අතර එතරම් ප‍්‍රචලිත නොවුනත් ටෙරාබයිට් ධාරිතාවයන්ගෙන් යුත් රිමූවබල් ස්ටෝරේඡ් උපාංග පවා වර්තමානයේ භාවිත වනවා. දත්ත ගබඩා කිරීම සදහා යොදාගන්නා උපාංග ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි. එනම්,
1. ප‍්‍රයිමරි ස්ටෝරේඡ් ඩිවයිසස්
2. සෙකන්ඞ්රි ස්ටෝරේඡ් ඩිවයිසස් වශයෙනි.
ප‍්‍රයිමරි ස්ටෝරේඡ් ඩිවයිසස් නැතිනම් ප‍්‍රාථමික ගබඩා කිරීමේ උපකරණ යටතට ගැනෙන්නේ පරිගණකයේ රැුම් එකයි. එනම් පරිගණකයේ විදුලිය විසන්ධි කළ වහාම මෙහි පවතින තොරතුරු සම්පූර්ණයෙන්ම මැකී යාම සිදුවනවා. එනිසා මෙවන් මාධ්‍යයන් හදුන්වන්නේ වොලේටයිල් ස්ටෝරේඡ් යන නමින්. මෙය ප‍්‍රධාන අවාසියක් ලෙසින් ද සදහන් කළ හැකියි. නමුත් පරිගණකයේ ඇති තොරතුරු දිගුකාලයක් නොමැකී තබාගැනිමට ඔබට අවශ්‍ය නම් කළ යුත්තේ ඒවා හාඞ් ඩිස්ක්, ෆ්ලොපි ඩිස්ක්, සී.ඞී ආදී ද්විතීක ගබඩාකරණ මාධ්‍යයන්වල තැන්පත් කිරීමයි. මේවායේ ඇති තොරතුරු ඔබ විසින් ඉවත් කරන තුරු මැකී නොයාම මෙයට හේතුවයි. එනිසා මෙවන් මාධ්‍යයන් නන්-වොලේටයිල් ස්ටෝරේඡ් වශයෙන් හදුන්වනවා. මී ළගට අපගේ අවධානය යොමුවන්නේ පෝටබල් මෙමරි භාවිත කරන අවස්ථා පිළිබදවයි. එනම්
x වැදගත් තොරතුරු පරිගණකයෙන් බැකප් කරගැනීමට
x පරිගණක අතර දත්ත රැුගෙන යාමට
x නිතර නිතර ඔබ ප‍්‍රයෝඡුනයට නොගන්නා දත්ත තැන්පත් කර තැබීමට
x වෙනත් අයෙකුට ඔබගේ පරිගණකයේ ඇති තොරතුරු ලබාදීමට
x පරිගණකයේ ඇති පෞද්ගලික තොරතුරුවලට අන් අය ප‍්‍රවේශ වීම වළක්වාගැනීමට ආදිය සදහා මෙම උපාංග භාවිත කළ හැකියි.
මෙම පෝටබල් ඩිවයිසස් ද ප‍්‍රධාන වශයෙන්ම කොටස් 3 කට බෙදිය හැකියි. ඒ මෙම උපකරණවල දත්ත ගබඩා කරගැනීම සදහා යොදාගන්නා තාඏණය අනුවයි.
1. මැග්නටික් ස්ටෝරේඡ්
2. ඔප්ටිකල් ස්ටෝරේඡ්
3. සොලිඞ් ස්ටේට් ස්ටෝරේඡ් වශයෙනි.



මැග්නටික් ස්ටෝරේඡ්
මේ සදහා දියහැකි හොදම උදාහරණයක් වන්නේ ෆ්ලොපි ඩිස්කයයි. මේවායේ තොරතුරු ගබඩාවීම සිදුවන්නේ මයිල(ර්* ප්ලාස්ටික් තැටියක් මත වන අතර එය වටා ප්ලාස්ටික් ආවරණයක් පිහිටා ඇති නිසා අභ්‍යන්තරයේ ඇති ඩිස්කය ආරඏාවීම සිදුවනවා. මේවායේ තොරතුරු ගබඩා වන්නේ විද්‍යුත්- චුම්භක ආරෝපණ වශයෙනි. එනම් ප්ලාස්ටික් ඇති අයන් ඔක්සයිඞ් අංශූ රීඞ්-රයිට් හෙඞ් එකින් ලබාදෙන විද්‍යුත් සංඥාවලට අනුව ප‍්‍රති සැකසීම මගින මේවායේ තොරතුරු තැන්පත් වීම සිදුවනවා. ආරෝපණවල ඇති- නැති බව අනුව තැටිය මත දත්ත තැන්පත්වීමට ඇස්කි හෝ ඉබ්සිඩික් යන ද්වීමය කේත ක‍්‍රමය යොදාගැනෙනවා. මෙම ෆ්ලොපි ඩිස්ක නම්‍ය තැටිති වශයෙන්ද හදුන්වන අතර එයට හේතුව වන්නේ මේ සදහා භාවිත වන තැටිය ඝනකමින් ඉතා අවම වීමයි. මෑතක් වන තුරුම භාවිත වූයේ මෙගාබයිට් 1.44 ධාරිතාවයකින් යුත් අගල් 3 ඃ ප‍්‍රමාණයක ෆ්ලොපි ඩිස්ක පමණයි. මෙම ඩිස්කවල 2 එච්.ඞී. යනුවෙන් සදහන් කර ඇති අන්දම ඔබත් දැක ඇති. එයින් අදහස් වන්නේ ටූ සයිඩඞ්- හයි ඩෙන්සිටි යන්නයි. මේවායේ දත්ත ගබඩාවීම සිදුවන්නේ ඒක කේන්දී‍්‍රය මනඃකල්පිත පථ හෙවත් ට‍්‍රැක්ස් වලයි. එක් එක් ට‍්‍රැක්ස් පසුව කූඤ්ඤ හැඩැති මනඃකල්පිත කොටස් හෙවත් සෙක්ටර්ස් වලට බෙදෙනවා. සමහර ෆ්ලොපි ඩිස්ක නිෂ්පාදකයන් තම ඩිස්ක නිර්මාණය කිරීමේදී මෙසේ සෙක්ටර්ස් හා ට‍්‍රැක්ස් එය මත නිර්මාණය කරන්නේ නැහැ. එවන් අවස්ථාවකදී අපට ඩිස්කය භාවිත කිරීමට පෙර මේවා පරිගණකයක් මගින් නිර්මාණය කරගැනීමට සිදුවන අතර මෙම කි‍්‍රයාවලිය අප හදුන්වන්නේ ඉනීටියලයිසිං නැතිනම් ෆෝමැට් කිරීම නමින්. මෙම වර්ගයේ ඩිස්ක කියැවීම සදහා එය පරිගණකයේ තිබෙන ෆ්ලොපි ඩිස්ක් ඩ‍්‍රයිව් නම් උපකරණයට ඇතුළත් කළ යුතුයි. එසේම මැග්නටික් සිටෝරේඡ් ඩිවයිසස් වල හදුනාගත හැකි පොදු ලඏණ කිහිපයක් ද තිබෙනවා. එනම්
1. අයන් ඔක්සයිඩි ආලේප කරන ලද තුනී ප්ලාස්ටික් හෝ ලෝහ තැටියක් භාවිත වීම
2. ස්ථිරව තොරතුරු තැන්පත් කරගැනීම
3. පවතින දත්ත මකා දමමින් නැවත නැවතත් තොරතුරු තැන්පත් කළ හැකිවීම
4. අඩු මිළ
5. භාවිතය පහසුවීම ආදියයි.
මෙවන් මාධ්‍යයක තැන්පත් කර ඇති දත්ත රීඞ්-රයට් හෙඞ් එක මගින් නැවතත් කියවා බැලීමේදී පරිගණකය වෙත ඩිස්කයේ ඇති සංඥා ද්වීමය කේත ආකාරයෙන් ලබාදීම සිදුවන අතර පරිගණකය මගින් ඩිස්කයේ ඇති තොරතුරු මොනවාදැයි පසුව හදුනාගැනීම සිදුවනවා.

මැග්නටික් ඩිරෙක්ට් ඇක්සෙස්
බොහෝ චුම්භකිත තැටිවල ද පොදු ලඏණ කිහිපයක් තිබෙනවා. එනම්
1. අයන් ඔක්සයිඩි ආලේප කරන ලද තුනී ප්ලාස්ටික් හෝ ලෝහ තැටියක් භාවිත වීම
2. ඒවායේ ක්ෂණිකව තොරතුරු තැන්පත් කිරීමට හැකිවීම
3. පවතින දත්ත මකා දමමින් නැවත නැවතත් තොරතුරු තැන්පත් කළ හැකිවීම ආදී ලඏණයි.
ඔබ භාවිත කරන කැසට් පටවල පවතින ප‍්‍රධානතම අවාසියක් වන්නේ ඔබට අවශ්‍ය ගීතයක් ධාවනය කිරීමට නම් ෆාස්ට් ෆෝවර්ඞ් හෝ රිවයින්ඞ් කිරීමට සිදුවීමයි. එනම් අවශ්‍ය ගීතය පවතින ස්ථානය වෙතට කැසට් රෙකෝඩරයේ හෙඞ් එක ගමන් නොකරන නිසා එම ස්ථානයට කැසට් පටය රැුගෙන ඒම මෙමගින් සිදුවනවා. කැසට් පටයක තොරතුරු ගබඩාවීම සිදුවන්නේ ද අයන් ඔක්සයිඞ් ආවරණයක් මතයි. මෙම අවස්ථාවේදී ෆ්ලොපි ඩිස්ක ධාවකයක මෙන් රීඞ්-රයිට් හෙඞ් එක විද්‍යුත් චුම්භකයක් ලෙසින් කි‍්‍රයාත්මක වෙමින් කැසට් පටයේ ඇති තොරතුරු කියැවීම හා එය මත අවශ්‍ය අවස්ථාවලදී තොරතුරු තැන්පත් කිරීම සිදුවනවා. නමුත් සී.ඞී එකක මෙම අවාසිය දක්නට ලැබෙන්නේ නැහැ. එයට හේතුව වන්නේ සී.ඞී ධාවකයක ලේසර් කිරණය නිකුත් කරන උපකරණයට එහා මෙහා චලනය විය හැකි වීමයි. මේ නිසා ඔබ තෝරාගන්නා ගීතය පවතින ට‍්‍රැක් එකට විශේෂ ක‍්‍රමයක් මගින් ලේසර් කිරණ නිකුත් කරන උපකරණය ස්ථානගත වීම සිදුවනවා. මෙම තාඏණය මැග්නටික් ඩිරෙක්ට් ඇක්සෙස් යනුවෙන් හදුන්වනවා. .
කැසට් පටයක් ධාවනය වීමේදී කැසට් රෙකෝඩරයේ ඇති හෙඞ් එක කැසට් පටය මත ස්පර්ශවීම සිදුවුවත් සී.ඞී එකක් කියැවීමේදී රීඞ්-එයිට් හෙඞ් එක එය මත ස්පර්ශවීමක් සිදුවන්නේ නැහැ.

මැග්නටික් සිප්
පසුගිය වසර කිහිපය තුළ දත්ත ගබඩා කිරිම සදහා යොදාගන්නා චුම්භක මාධ්‍යයන්වල කැපී පෙනෙන දියුණුවක් ඇතිවි තිබෙන ආකාරය දැකගත හැකියි. මේ නිසාම අතීතයේ භාවිත වූ ෆ්ලොපි ඩිස්ක හා එම ධාවක අප අතරින් සම්පූර්ණයෙන්ම තවමත් ඉවත් වී නැහැ. ෆ්ලොපි ඩිස්කයක තැන්පත් කළ හැක්කේ මෙගාබයිට් 1.44ක් තරම් අඩු දත්ත ප‍්‍රමාණයක් වුවත් මෙවන් ’ සිප් ඩිස්කයක මෙගාබයිට් 750 ක පමණ දත්ත ගබඩා කළ හැකියි. මෙහි දැක්වෙන්නේ ඇස්කි, පැරලල් පෝර්ට්, යූ.එස්.බී යන වින්‍යාස වලට අනුව නිර්මාණය කළ සිප් ඩිස්කයකි. මෙම ඩිස්කවල ආලේප කරන චුම්භක අංශු ස්තරයේද ප‍්‍රධාන වෙනසක් තිබෙනවා. එනම් ඉතා තුනී චුම්භක අංශු හෙවත් අයන් ඔක්සයිඞ් ස්තරයක් මේවායේ ආලේප කිරීමයි. මේ නිසා සිප් ඩිස්ක ධාවකවල යොදාගැනෙන්නේ ප‍්‍රමාණයෙන් කුඩා රීඞ්- රයිට් හෙඞ් බව පෙනීයනවා. මෙයින් සිදුවන වාසිය වන්නේ අඩු ඉඩකඩක් තුළ වැඩි තොරතුරු ප‍්‍රමාණයක් තැන්පත් කිරීමේ හැකියාවක් ලැබීමයි. හාඞ් ඩිස්කවල ද රීඞ්-රයිට් හෙඞ්ස් ඉතා කුඩාවට නිර්මාණය කර ඇති නිසා අඩු ඉඩක් තුළ වැඩි තොරතුරු ප‍්‍රමාණයක් තැන්පත් කිරීමේ හැකියාවක් ලැබී තිබෙනවා.

මැග්නටික් කාට්රිඡ්
මේවා ද එක්තරා ආකාරයක හාඞ් ඩිස්ක විශේෂයක් වශයෙන් හැදින්විය හැකි අතර රීඞ්-රයිට් හෙඞ්ස්, ඩිස්ක ධාවනය කිරීම සදහා මෝටරයක් ආදී උපකරණ සියල්ලම මෙම තනි ඒකකයක් තුළ තිබෙනවා. නමුත් හාඞ් ඩිස්කයක තරම් මේවායේ තොරතුරු තැන්පත් කළ නොහැකියි. නමුත් අඩු මිලකට ලබාගත හැකිවීම, පහසුවෙන් පරිගණකයට සම්බන්ධ කරගත හැකිවීම, ගිගාබයිට් 1 ක පමණ තොරතුරු ප‍්‍රමාණයක් තැන්පත් කළ හැකිවීම, නැවත නැවතත් භාවිතයට ගත හැකිවීම ආදී ලඏණ නිසා වර්තමානයේ මේවා ඡුනපි‍්‍රය වී තිබෙනවා.

No comments:

Post a Comment