Friday, February 19, 2010

සිංහල යුනිකෝඩ් කලාවේ නවතම විප්ලවය


ඔබත් අන්තර්ජාලය පාවිච්චි කරන කෙනෙක් නම් ඔබගේ අදහස් උදහස් අනෙක් අයට සිංහලෙන් දැනුම්දීමට මෑතක් වන තෙක් තිබුණු ලොකුම ගැටලූවක් වූයේ මෘදුකාංගය බොහොමයක් යුනිකේත තාක්ෂණයට සහාය නොදැක්වීමයි. මේ කාලයේදී සිංහල යුනිකේත පහසුකම් සහිත කුඩා මෘදුකාංග කිහිපයක් පරිගණකය ක්ෂේත්‍රයට දායාද වූවා. විශේෂයෙන්ම ලෝකයේ වැඩි ජනපි්‍රයත්වයක් අත්කරගෙන සිටින මොසිල්ල ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරයට ඇඩෝන වශයෙන් ශී්‍ර ලාංකික සොයුරන් විසින් හදුන්වා දුන් තරමින් කුඩා වුවත් බොහෝ ප්‍රයෝජනවත් මෘදුකාංග කිහිපය ගැන අපි මීට කළින් ඔබව දැනුවත් කළා. මෙවර ඔබට හදුන්වා දෙන්නේ තවත් එවැනි ෆයර්ෆොක්ස් ඇඩෝනයක් ගැනයි.
මෙය භාවිත කිරීමට ඔබගේ පරිගණකයේ ෆයර්ෆොක්ස් 3ග5 සංස්කරණය ස්ථාපිත කරගෙන තිබිය යුතුයි. මෙතෙක් කල් අපි පාවිච්චි කළ /Tamil Unicode KIT එක භාවිතයෙන් තොරව බ්ලොග්ස් තුළ ඔබට අවශ්‍ය දේවල් පහසුවෙන් ටයිප් කිරීමටත්, කියැවීමටත් මෙයින් අවස්ථාවක් ලැඛෙනවා. එමෙන්ම සිංහල යුනිකෝඩ් ෆොන්ට්ස් ඔබගේ පරිගණකයේ ස්ථාපිත කිරීම ද අවශ්‍ය වන්නේ නැහැ. මෙම ඇඩෝනයේ නම qsFOX (Quick Sinhala for Firefox).මෙය යන වෙබ් අඩවියෙන් ඔබට නොමිළේම ලබාගත හැකියි. ඉතා කුඩා ධාරිතාවයක් තිඛෙන නිසා මිනිත්තු කිහිපයක් තුළ ඔබට මෙය ඩවුන්ලෝඩ් කරගත හැකියි.
මෙවන් සත්කාර්යයක් සදහා වෙහෙසුණු අය ගැනද යමක් සදහන් කළ යුතුයි. මෙම ඇඩෝනයේ නිර්මාතෘ වන්නේ මොරටුව සරසවියේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ ඉසුරු උදාර සහෝදරයායි. මේ ගැන අදහස ඉදිරිපත් කර තිඛෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා ආයතනයේ පහන් සොයුරායි. සිංහල යුනිකෝඩ් සම්ප්‍රදායේ නව මංපෙත් එළිපෙහෙළි කරමින් ඉදිරියටත් ඔවුන්ට මෙවන් නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි අප මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා