Wednesday, September 9, 2009

ඔබගේ පරිගණකයේ ඔප්ටිකල් ඩ‍්‍රයිව් එක ඔබ ම සර්විස් කරගන්න


ඔබගේ පරිගණකයේ ඔප්ටිකල් ඩ‍්‍රයිව් එක ඔබ ම සර්විස් කරගන්න
කලක් ගතවන විට පරිගණකයේ ඩිස්ක ධාවකය විවිධ හේතු සාධක නිසා නිසි පරිදි කි‍්‍රයාත්මක නොවීමට ඉඩ ඇති බව ඔබ දැනටමත් දන්නා කරුණකි. ඩිස්ක් ක්ලීනර් වැනි ඩිස්ක භාවිත කළත් සමහර අවස්ථාවල මෙයට සාර්ථක විසදුම් ලැබුණ ද බොහෝ අවස්ථාවලදී එම ක‍්‍රමය ප‍්‍රමාණවත් නොවෙයි. එවන් අවස්ථාවල දී ඩ‍්‍රයිව් එක සර්විස් කිරීමට ඔබට සිදුවනු ඇත. පහත දැක්වෙන්නේ මෙම කි‍්‍රයාවලිය සිදුකරන අන්දමයි.මේ සදහා ඔබට මෙම උපකරණ අවශ්‍ය වෙයි.
- ඉස්කුරුප්පු නියනක්
- කෙදි ස්වභාවයෙන් තොර පිරිසිදු රෙදි කැබැල්ලක්
- පෙට්‍රෝලියම් ඡෙලි හෝ වැස්ලින් ස්වල්පයක්
- කන් පිරිසිදු කිරීමට යොදාගන්නා ැ්ර ඉමා කිහිපයක්
- සබන් දියර ස්වල්පයක්
පියවර-01
පරිගණකයේ සී.ඞී. ඩ‍්‍රයිව් එක ඉවත් කිරීමට පෙර එහි ටෙ‍්‍රි එක ඉවතට ගන්න. පසුව පරිගණකයේ කේසිං එක ඉවත් කර සී.ඞී. ඩ‍්‍රයිව් එක ප‍්‍රවේශමෙන් ඉවත් කරගන්න.

පියවර-02
මී ළඟට ඩ‍්‍රයිව් එකෙහි ටෙ‍්‍රි එකට සම්බන්ධිත ප්ලාස්ටික් ආවරණය ඉවත් කරගන්න.මේ සදහා ඩ‍්‍රයිව් ඵක මෙහි දැක්වෙන ආකාරයට මුණින් අතට හරවා එහි ඇති ඉස්කුරුප්පු ඇණ ගලවාගන්න. පසුව එම කොටස ඉවත් කරගන්න.

පියවර-03
මී ළඟට ඔබ කළ යුත්තේ ඩ‍්‍රයිව් එක විවෘත කරගැනීමයි. මේ සදහා එහි ඇති ඉස්කුරුප්පු ඇණ ප‍්‍රවේශමෙන් ඉවත් කරගන්න. පසුව ආවරණය ඉවතට ගන්න.

පියවර- 04
දැන් ඇත්තේ කාචය පිරිසිදු කරගැනීම වන අතර ඉතා ප‍්‍රවේශමෙන් සිදු කළ යුත්තේ ද මෙයයිි. එයට හේතුව ඔබගේ සුළු වැරදීමකින් සමස්ත ඩ‍්‍රයිව් එකම ඉවත් කිරීමට සිදුවිය හැකි බැවිනි. ඇල්කොහොල්/ඹ්ඩික්ලෝන්/සර්ýකල් ස්ප‍්‍රීතු ආදී ද්‍රවණයකින් පොගවාගත් ඉයර් බඞ් එකකින් කාචය පිරිසිදු කරගැනෙයි. මෙහිදී කාචය මත ඉයර් බඞ් එක තබා වෘත්තාකාර හැඩයකට එය චලනය කරමින් පිරිසිදු කරගන්න. නමුත් මෙහි දී කාචය මත අනවශ්‍ය පරිදි තෙරපුමක් ඇති නොකළ යුතුය. පසුව ඉයර් බඞ් එකකින් නැවත එය පිරිසිදු කරගන්න.

පියවර-05
පසුව එය පරිගණකයට සම්බන්ධ කරගෙන එහි ඇති කේබල් නිවැරදිව සවිකරගන්න. මී ළඟට හානි නොවූ සී.ඞී ඵකක් භාවිතයෙන් එහි කි‍්‍රයාකාරීත්වය පරීක්‍ෂා කර බලන්න. එය නිවැරදිව කි‍්‍රයාත්මක වනු ඔබට පෙනේවි.

No comments:

Post a Comment