Thursday, September 10, 2009

ලෝකයේ ධනවත්ම පුද්ගලයාට හිමි කිරුළ නැවතත් බිල් ගේට්ස් ට


ලෝකයේ ධනවත්ම පුද්ගලයාට හිමි කිරුළ නැවතත් බිල් ගේට්ස් ට

ලෝකයේ සමහර රටවල මිනිසුන්ට කුසට අහරක් නැතිව මියයන මොහොතක තවත් සමහරුන් හරිහම්බ කරගත් මුදලින් කුමක් කරන්නේදැයි කල්පනා කරමින් සිටිනවා. දහදිය- මහන්සියෙන් හරිහම්බ කරගත් මුදල් ඉතා බුද්ධිමත්ව අරපරිස්සමින් තම ව්‍යාපාර සදහා යොදවන මෙන්ම නැති නාස්ති කරන පිරිසක්ද ලෝකයේ සිටිනවා. අප කතා කරන්නේ ඉහතින් සදහන් කළ දෙවන වර්ගීකරණයට අයත් පුද්ගලයෙන් පිළිබදවයි. ඒ ඔබ අපට හොදින් හුරුපුරුදු අයෙක් වන මයික්‍රොසොෆ්ට් සමාගමේ වත්මන් සභාපති බිල් ගේට්ස් ය. මෙයට පෙර කිහිප වතාවක්ම ලෝකයේ අංක එකේ ධනවත්ම පුද්ගලයා බවට පත්වූ මොහුගේ එම කිරුළ පසුගිය වසරක ඔහුගෙන් ගිලිහුණා.
නමුත් 2009 මාර්තු මාසයේ නැවතත් ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්වීමේ වාසනාව මොහුට තිබුණා. 1955 වර්ෂයෙන් ඔක්තෝබර් 28 වන දින උපන් බිල් ගේට්ස් ගේ සම්පූර්ණ නම වන්නේ විලියම් හෙන්රි බිල් ගේට්ස් ය. මහඡුන හිතකාමියෙක්, ග‍්‍රන්ථ කර්තෘවරයෙක් මෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති වශයෙන් ලෝකයා මොහුව හදුනාගෙන තිබෙනවා. පුද්ගල පරිගණක ගැන කතාකරන විට බිල් ගේට්ස් අංක එකේ ව්‍යවසායකයෙක් ලෙසින් සදහන් කළ හැකියි. විද්‍යාත්මක පර්යේෂණ, සමාඡු සේවා කටයුතු සදහා තම ධනයෙන් අති විශාල ප‍්‍රමාණයක් දිනපතා යොදවන්නෙක් ලෙසින් ද මොහුව හැදින්විය හැකියි.
2000 වර්ෂයේදී බිල් ගේට්ස් හා ඔහුගේ බිරිද වන මැලින්ඩා ගේට්ස් විසින් ඇතිකරන ලද බිල් ඇන්ඞ් මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඬේෂන් මේ සදහා හොදම උදාහරණයක්. හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකුව සිට 1975 වර්ෂයේදී උපාධිය ද අත්හැර දමා ව්‍යාපාරික දිවියට පිවිසි මොහු ගෞරව උපාධියකට හිමිකම් කීවේ 2007 වර්ෂයේදීයි. වොෂින්ටනයේ විලියම් එච්. ගේට්ස් හා මේරි ගේට්ස් යනු මොහුගේ දෙමාපියන්ය. මධ්‍යම පන්තික පවුලකට අයත්වූ මොවුන් ඡීවත් වූයේ තම පියා නීතීඥ වෘත්තියෙන් උපයාගත් මුදලිනි. බිල් ගේට්ස් පවුලේ දෙවැනි දරුවායි. ගේට්ස් ගේ වයස අවුරුදු 13 දී උසස් අධ්‍යාපනය සදහා වොෂින්ටනයේ ද්විතීක පාසැලකට මොහු ඇතුළත් වූ අතර 8 වන ගේ‍්‍රණියේදී ගේට්ස් ගේ මවගෙන් බිල් ගේට්ස් ට අපූරු තෑග්ගක් ලැබුණා.
ඒ ඒ.එස්.ආර්. 33 ටෙලි ටයිප් වර්ගයේ ටර්මිනලයක්. ටර්මිනලයක් යනුවෙන් ද අදහස් වන්නේ එක්තරා ආකාරයක පරිගණකයක්. පරිගණකවල කි‍්‍රයාකාරීත්වය ගැන හදාරන්නට මවගෙන් ලැබුණු මෙම තෑග්ග මූලිකවම හේතුවුණා. ගේට්ස් ගේ පළමු උත්සාහය වූයේ මෙම පරිගණකය සදහා බේසික් පරිගණක භාෂාවෙන් කුඩා වැඩසටහනක් ලිවීමයි. පරිගණකයකින් සරල පරිගණක කී‍්‍රඩාවල නිරතවීමේ අවස්ථාව මේ නිසා මිනිසුන්ට ලැබුණා. පාසැලේ මිතුරන් කිහිප දෙනෙකුගේද සහය ඇතිව පරිගණකවල කි‍්‍රයාකාරීත්වය ගැන තරමක් ගැඹුරින් අධ්‍යයනය කිරීමේ පුංචි ව්‍යාපෘතියක් ද පාසැල තුළම මොහු පවත්වාගෙන ගිය අතර මේ සදහා ගුරුවරුන්ගේද අනුමැතිය ඔහු ලබාගත්තා. 1970 වර්ෂයේදී පරිගණක ක්ෂේත‍්‍රයට අදාළ ව්‍යාපාරයක් ඇරඹීමේ අදහස බිල් ගේට්ස් ගේ සිතට ඒමත් සමග ඔහුගේ ඡීවිතයේ වෙනස්කම් රැුසක් ඇතිවූවා.
ඉන්ෆොමේෂන් ඉන්ක් ආයතනය මගින් ඣකොබෝල් පරිගණක භාෂාවෙන් සේවක පඩි ලැයිස්තුවක් හෙවත් පේරෝල් වැඩසටහනක් සැකසීම සදහා ගේට්ස් ඉගෙනුම ලැබූ ලේක් සයිඞ් පාසැලේ ශිෂ්‍යයන් සිව්දෙනෙක් තෝරාගත්තා. බිල් ගේට්ස් ද මේ සිව්දෙනා අතරට අයත් වූවා. ඔහු ඉගෙනුම ලැබූ පාසැලේ ශිෂ්‍යයන් පිළිබද තොරතුරු ඔවුන් ඉගෙනගන්නා ශ්‍රේණිවලට අනුව සොයාබැලිය හැකි පරිගණක වැඩසටහනක් ගේට්ස් විසින් සකස් කළේ මේ කාලයේ දීයි. වයස අවුරුදු 17 දී කුඩා ව්‍යාපාරයක් ඇලන් නම් ඔහුගේ මිතුරෙකුගේද සහය ඇතිව ආරම්භ කළ ගේට්ස් ඉන්ටෙල් 8008 ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක ප්‍රොසෙසරය කි‍්‍රයාත්මක වන ආකාරය හැදෑරීමට භාවිත කළ හැකි පරිගණක වැඩසටහනක් නිර්මාණය කළා. 1993 වර්ෂයේදී ලේක් සයිඞ් පාසැලෙන් ඉවත් වී හාවර්ඞ් විශ්ව විද්‍යාලයට මොහු ඇතුළත් වූවා. එහිදී ස්ටීව් බැල්මර් නම් මිතුරෙක් සමග විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයේ ඇති පරිගණකවල කි‍්‍රයාකාරීත්වය හා සම්බන්ධ පරිඏණ කිහිපයක් මොවුන් දෙදෙනා සිදුකළා. මී ළග වසරේ දී ඇලන් නම් තම මිතුරෙක් සමග පරිගණක මෘදුකාංග නිපදවීමේ ව්‍යාපාරයක් ඇරඹීමට මොවුන් තීරණය කරගත් අතර මයික්‍රොසොෆ්ට් සමාගමේ ආරම්භය වන්නේ මෙයයි.
ඇමරිකාවේ කින්ග් කන්ටි‍්‍ර නම් වාර්තාව සදහන් කරන පරිදි 2006 වර්ෂයේදී බිල් ගේට්ස් ට හිමිව තිබූ ඉඩම් හා නිවාසවල මුලූ වටිනාකම ඇ.ඩො. මිලියන 125 ක්. (රුපියල් 125,000,000 ක්*. ඔහුගේ වත්කම් සදහා වාර්ෂිකව ගෙවනු ලබන බදු මුදලෙහි ප‍්‍රමාණය ඇ.ඩො. 991,000ක්. (රුපියල් 99,100,000 ක්*. 1994 වර්ෂයේදී ඇමරිකාවේ පැවති වෙන්දේසියකදී ලියනාඩෝ ඩාවින්චි විසින් රචිත ලේඛන රැුසක් ඇ.ඩො. මිලියන 30.8 කට මොහු මිළදීගත්තා. ෆෝබ් 400 නම් ලෝකයේ ධනවත්ම පුද්ගලයන් පිළිබදව සදහන් වන වාර්තාවේ 1993- 2007 දක්වා ප‍්‍රථමස්ථානයේ රැුදී සිටීමට මොහුට හැකි වුවත් 2008 වර්ෂයේදී බිල් ගේට්ස් දෙවන ස්ථානයට පත්වූවා.
1999 වර්ෂයේ මොහුට අයත්ව තිබූ මුලූ වත්කම් ප‍්‍රමාණය වන්නේ ඇ.ඩො. බිලියන 101 කි. 2000 වර්ෂයේදී මොහුගේ වත්කම්වල ප‍්‍රමාණය නැවතත් පහළ වැටුණු අතර මෙයට හේතු වූයේ මයික්‍රොසොෆ්ට් මෘදුකාංගවල තොග මිළගණන් පහළයාමයි. ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්වීමේ කිසිදු අපේඏාවක් තමන්ට නොතිබූ බව පවසන බිල් ගේට්ස් තව දුරටත් ප‍්‍රකාශ කරන්නේ ලෝකයාගේ අවධානය තමන් වෙත යොමුවනවාට ඔහු කැමති නැති බවයි. මොහුට ආදායම් ලැබෙන එකම මාර්ගය මයික්‍රොසොෆ්ට් සමාගම පමණක් නොවේ. 2006 වර්ෂයේදී මොහුට අයත් ඣඔිබිස් නම් ඩිýටල් ඡුායාරූප සකසන ආයතනයෙන් ඇ.ඩො. 966, 667 ක ආදායමක් මොහුට ලැබුණා. බිල් ගේට්ස් මේ තත්වයට පැමිණ ඇත්තේ ඔහුගේ ඇති උත්සාහය හා ධෛර්යය නිසා බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.
පසුගිය විසිපස් වසර ගැන කතාකරන ඔහු පවසන්නේ දිනකට පැය 15 ක කාලයක් තම ව්‍යාපාරික කටයුතු සදහා තමන් වෙන්කළ බවයි. පැයක් තුළ ඇ.ඩො. මිලියනයක ආදායමක් උපයන අයෙක් වශයෙන් ද බිල් ගේට්ස් හදුන්වන්න පුලූවන්. එනම් තත්පරයක් තුළ මොහු ඇ.ඩො. 300 ක (රුපියල් 30,000 ක* ආදායමක් උපයන්නෙක් බවට අද මොහු පත්ව තිබෙනවා. ඒ ඔහුගේ අතීත උත්සාහයේ හා කැපවීමේ ප‍්‍රතිඵල නිසයි.

No comments:

Post a Comment