Thursday, September 10, 2009

2009 වර්ෂයේ ඡුනපි‍්‍රයතම ප‍්‍රතිවයිරස් මෘදුකාංග 10


2009 වර්ෂයේ ඡුනපි‍්‍රයතම ප‍්‍රතිවයිරස් මෘදුකාංග 10

පරිගණකයේ කි‍්‍රයාකාරීත්වයට විණ කරන හේතු සාදක අතරින් පරිගණක වයිරස්වලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. මෙයට මොහොතකට පෙර හොදින් කි‍්‍රයාත්මක වූ ඔබගේ පරිගණකයේ කි‍්‍රයාකාරීත්වය සම්පූර්ණයෙන්ම අවුල් කරදැමීමට මෙවන් වයිරසයකට ගතවන්නේ සුලූ වේලාවකි. පරිගණකයට ඇතුලූවන වයිරස්වලින් පරිගණකය ආරඏාකරගැනීම සදහා ඇති හොදම මෙන්ම පහසුම විකල්පය වන්නේ හොද තත්වයේ ප‍්‍රති වයිරස් මෘදුකාංගයක් හෙවත් ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා එකක් පරිගණකයේ පිහිටුවාගැනීමයි. නමුත් එය විතරක් ප‍්‍රමාණවත් නොවේ. ප‍්‍රතිවයිරස් මෘදුකාංගය හැකි සෑම අවස්ථාවකම යාවත්කාලීන හෙවත් අප්ඬේට් කළ යුතුය. නවතම වයිරස් හදුනාගැනීමේ හැකියාව එයට ලැබෙන්නේ එවිටයි. දිනපතාම අන්තර්ඡුාලයට පරිගණක වයිරස් සියගණනක් මුදාහැරෙන නිසා ඔබගේ පරිගණකයටත් හොද තත්වයේ ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා එකක් තිබිය යුතුමයි. නමුත් බොහෝදෙනා සදහන් කරන කරුණක් වන්නේ ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා මගින් පරිගණකයේ වේගය අඩුවන බවයි. එය ඇත්තක් වුවත් පරිගණකයේ ඇති වැදගත් තොරතුරු විනාශ වී පරිගණකයේ කි‍්‍රයාකාරීත්වය අවුල්වීමට පෙර ඒ සදහා පූර්ව සූදානමක් ඇතිකරගැනීම වැදගත්. මෙම ලිපියෙන් මා හදුන්වාදෙන්නේ අන්තර්ඡුාලයෙන් නොමිළේ අවපතනය කරගත හැකි හොදතත්වයේ ප‍්‍රතිවයිරස් මෘදුකාංග කිහිපයක් ගැනයි.

BitaDefender 2009

දැනට ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා අතර ප‍්‍රථමස්ථානයේ සිටින්නේ මෙයයි. සාමාන්‍ය අන්තර්ඡුාල සබදතාවයකින් වුවත් විනාඩි 90 ක් වැනි කාලයක් තුළ මෙම ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා එක අවපතනය කරගත හැකියි. එසේම පරිගණකයේ ස්ථාපනය කරගැනීමේදී පියවරින් පියවර ලබාදෙන උපදෙස්වලට අනුව ආධුනිකයෙකුට වුවත් පහසුවෙන් මෙම මෘදුකාංගය පරිගණකයේ පිහිටුවාගත හැකියි. ට්‍රෝඡුන්, වෝම්, මැල්වෙයා, ස්පයිවෙයා ආදී හානිකර වයිරස්වලින් හොද ආරඏාවක් මෙමගින් ලබාගත හැකියි. ඇතැම් අය බීටා ඩිෆෙන්ඩර් මෘදුකාංගයට එතරම් කැමැත්තක් නොදැක්වූයේ එයින් පරිගණකයේ වයිරස් පරීඏාව සිදුවූයේ ඉතා මන්දගාමී ආකාරයකින් වීම නිසයි. නමුත් මෙම නව සංස්කරණය මගින් එකී දෝෂය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. එනම් එක් වතාවකදී පරිගණකයේ වයිරස් ස්කෑන් කිරීම අතරමග නතර කළේ නම් මී ළග වතාවේදී වයිරස් පරිඏාව සිදුකිරීමේදී පෙර දී ස්කෑන් කළ ෆයිල්ස් නැවතත් ස්කෑන්වීමක් සිදුවන්නේ නැහැ. මෙමගින් පරිගණය් ඇති බූට්-අප්, රීසන්ට්ලි ඇක්සෙස්ඞ්, පැක්ඞ් ආදී ෆයිල්ස් වර්ග පමණක් නොව ඔබට ලැබෙන හා ඔබ විසින් යවන ඊමේල් ද ස්කෑන් කරගත හැකියි. පරිගණකයේ පෝර්ට් 80 හා පෝර්ට් 443 න් පරිගණකයට ඇතුලූවන ඇක්ටිව් එක්ස් ඡුාවා ස්කි‍්‍රප්ට් වැනි හානිකර කේත අඩංගු එච්,ටී.ටී.පී. බ්ලොක්ස් ද මෙමගින් ස්කෑන් කරගත හැකියි.
පරිගණකයේ ඇති විවිධාකාර හානිකර වයිරස් සියයට 98ක් ම ඉවත් කිරීමේ හැකියාවක් මෙම මෘදුකාංගයට තිබෙන බව පරීඏණ මගින් සනාථ කරගෙන තිබෙනවා. මෙම මෘදුකාංගයේ සැකසුම් ඔබ වෙනස් කරගත්තේ නැතිනම් සෑම පැයකට වරක්ම මෘදුකාංගය යාවත්කාලීන වීම ස්වයංකී‍්‍රවම සිදුවනවා. නමුත් මෙය මැනුවලි ආකාරයටද සකස් කරගත හැකියි. මෙයට අමතරව බිට් ඩිෆෙන්ඩර් ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා එකෙහි තවත් වැදගත් ලඏණයක් තිබෙනවා. එනම් මෙහි ඇති ප‍්‍රයිවසි ප්‍රොටෙක්ෂන් තාඏණයයි. මෙමගින් ඔබගේ ගිණුම් අංක වැනි පෞද්ගලික තොරතුරු අන්තර්ඡුාලයට ලබාදීමේදී ඔබගේ අනුමැතිය නැවතත් විමසා සිටීමක් සිදුවනවා. මෙම පහසුකම සාමාන්‍යයෙන් අකී‍්‍රය වී තිබුණත් එය සකී‍්‍රය කර තැබීම වැදගත්. ඇඞ්වාන්ස්ඞ් සෙටිංස් ලිංක් එක් ක්ලික් කිරීමෙන් මෙහි ඇති සැකසුම් ඔබට අවශ්‍ය නම් වෙනස් කරගත හැකියි. අන්තර්ඡුාලය ඔස්සේ පරිගණක කී‍්‍රඩා කිරීමේදී පරිගණකයට ඇතුලූවන වයිරසවලින් පරිගණකය ආරඏාකර දීමටද මෙහි විශේෂ උපක‍්‍රමයක් තිබෙනවා. මෙය හදුන්වන්නේ ගේම (ර්* මෝඞ් යනුවෙන්. පරිගණක කී‍්‍රඩාවේ කාර්යඏමතායට මෙමගින් කිසිදු බලපෑමක් එල්ලවන්නේ නැහැ. මෙම ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා එක පරිගණකයේ පිහිටුවාගැනීමට නම් මෙගාබයිට් 60 ක ඉඩක් හාඞ් ඩිස්කයේ තිබිය යුතුයි.

Trend Micro PC-CILLIN Internet Security 2006 Home Security Pack

පෙර පැවති සංස්කරණයේ පැවති ඇතැම් අඩුපාඩු මෙම නවතම සංස්කරණයෙන් ඉවත්කර තිබෙනවා. ආකර්ෂණිය අතුරු මුහුණත් සහිත මෙහි ඇති විවිධ බට්න්ස් මගින් මෘදුකාංගය ඔබට අවශ්‍ය ආකාරයට හසුරුවාගැනීමේ පහසුව ලබාදී තිබෙනවා. බොට්ස්, ට්‍රෝඡුන්, බැක් ඩෝ, මැල්වෙයා ආකාරයේ වයිරස වර්ග කිහිපයක් හදුනාගැනිමේ හැකියාවක් මෙම මෘදුකාංගයේද දක්නට ලැබෙන්නේ නැහැ. මාස කිහිපයක් පැරණි පරිගණක වයිරස් හදුනාගැනීම පරීඏාකිරීමේදී එම වයිරස හදුනාගැනීමේ හැකියාවක් මෙයට තිබුණේ නැහැ. කෙසේවෙතත් පරිගණකයට වයිරස්වලින් සිදුවන බලපෑම එක්තරා මට්ටමකට හෝ අඩුකරගැනීමට මෙම මෘදුකාංගය යොදාගත හැකියි.

Grisoft AVG Free Edition 7.1
2009 වර්ෂයේ ප‍්‍රතිවයිරස් මෘදුකාංග ලැයිස්තුවේ අවසන් ස්ථානයට පත්වී ඇත්තේ කලක් බොහෝදෙනාගේ ප‍්‍රසාදයට පත් ඒවීඡී ෆී‍්‍ර ප‍්‍රතිවයිරස් මෘදුකාංගයයි. මෙම නව සංස්කරණයෙහි අතුරු මුහුණතෙහි දැකගත හැක්කේ බට්න්ස් තුනක් පමණයි. එනම් ස්කෑන් කම්පියුටර්, ස්කෑන් සිලෙක්ටඞ් ඒරියා, චෙක් ෆෝ අප්ඬේට් ආදියයි. සොම්බී, බොට්ස් ආකාරයේ හානිකර පරිගණක වැඩසටහන්වලින් සියයට සියයක්ම හසුකරගැනීමේ හැකියාවක් මෙයට තිබෙනවා. එසේම ඔරදව්බ යදරිැි ආකාරයේ වයිරසවලින් සියයට 65 ක් මෙයින් හසුකරගැනීමේ හැකියාවක් තිබුණා. එමෙන්ම වෝම්ස් ආකාරයේ වයිරසවලින් සියයට 65ක්, බැක් ඩෝ ආකාරයේ වයිරසවලින් සියයට 11ක් හසුකරගැනීමේ හැකියාවකින් මෙය සමන්විත වූවා. සාපේඏව සලකා බැලීමේදී පරිගණකය ස්කෑන් කිරීමට මෙම මෘදුකාංගයට තරමක වැඩි වේලාවක් ගතවනවා.

Alwil Avast! Home Edition 4.6

මෙම මෘදුකාංගය ද අන්තර්ඡුාලයෙන් ඔබට නොමිළේ අවපතනය කරගත හැකියි. පරිගණකයේ ඇති මීඩියා ප්ලේයරයකට සමාන පෙනුමකින් යුත් අතුරු මුහුණතක් සහිත ප‍්‍රති වයිරස් මෘදුකාගංයක් ලෙස මෙය හැදින්විය හැකියි. මෙහි පෙනුම ද ඔබට අවශ්‍ය ආකාරයට වෙනස්කරගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් හානිකර වයිසර වර්ග හදුනාගැනීමේ හැකියාව අතින් මෙය ඇත්තේ තරමක් පහළ මට්ටමකයි. එසේම ස්කෑන්වීමේ වේගය ද හොද මට්ටමක නැහැ.

AntiVir Personal Edition 6.32
මෙම මෘදුකාංගය අන්තර්ඡුාලයෙන් ඔබට නොමිළේ අවපතනය කරගත හැකියි. ආකර්ෂණිය අතුරු මුහුණතකින් යුත් ප‍්‍රතිවයිරස් මෘදුකාංගයක් ලෙසින් මෙය හැදින්විය හැකියි. විශේෂයෙන්ම වයිරස් ආසාදනයකට ලක්වූ ඇටෑච්මන්ට් සහිත ඊමේල්වලින් පරිගණකය ආරඏාකර දීමේ හොද හැකියාවක් මෙයට තිබෙනවා. නමුත් පරිගණකයේ ඇති වයිරසයක් ඉවත් කරගන්නා ආකාරය වැනි අමතර උපදෙස් ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබාගැනීම සදහා මාස ගණනක් බලා සිටීමට ඔබට සිදුවනු ඇති. බැක් ඩෝ ආකාරයේ වයිරසල සොම්බී, බොට්ස් ආකාරයේ වයිරස ද සියයට 90ක් පමණ හදුනාගැනීමේ හැකියාවක් මෙයට තිබෙනවා. ස්කෑන් කාර්යය සදහා වැඩිවේලාවක් ගතනොවීමද මෙහි ඇති තවත් වාසියක් ලෙසින් දැක්විය හැකියි. නමුත් ඇවෙයිරා 7 නමින් හදුන්වන සංස්කරණය තවමත් පවතින්නේ බීටා අවස්ථාවේය. ඉදිරියේදී මෙයට ඉහතින් සදහන් කළ අඩුපාඩුවලින් තොර වඩාත් කාර්යඏම ආකාරයේ ප‍්‍රතිවයිරස් මෘදුකාංගයක් පරිහරණය කිරීමේ හැකියාවක් මෙයින් අපට ලැබේවි.

F-Secure ANTI-VIRUS 2005

ප‍්‍රතිවයිරස් මෘදුකාංග ලැයිස්තුවෙහි සිව්වන ස්ථානයට පත්වී ඇත්තේ මෙයයි. ඉහතින් සදහන් කළ සෙසු ප‍්‍රතිවයිරස් මෘදුකාංග මෙන්ම පරිගණකයට විවිධ ක‍්‍රමවලින් ඇතුලූවන වයිරස් හසුකරගැනීමේ මනා හැකියාවක් මෙයට තිබෙනවා. බැක්ඩෝ ආකාරයේ වයිරසවලින් සියයට 98ක්, බොට්ස් ආකාරයේ වයිරසවලින් සියයට 96ක්,ට්‍රෝඡුන් හෝසස් ආකාරයේ වයිරසවලින් සියයට 98 මෙමගින් හසුකරගත හැකිබව පර්යේෂණවලින් පැහැදිලිවී තිබෙනවා. මෙම මෘදුකාංගයෙහි අතුරු මුහුණත වඩාත් සරලව නිර්මාණය කර ඇති අතර දකුණුපසින් ඇති වයිරස් ඇන්ඞ් ස්පයි ප්‍රොටෙක්ෂන් නම් බොත්තම එබීමෙන් පරිගණකයේ හාඞ් ඩිස්කවල ඇති ෆයිල්ස් මොනවාදැයි ඔබට දැකගත හැකියි. මෙමගින් ඔබට අවශ්‍ය ෆයිල්ස් පමණක් වුවද ස්කෑන් කරගත හැකියි. මෙහි සැකසුම් වෙනස්කරගැනීමට අවශ්‍ය නම් ඒ සදහාද මෙම බොත්තම මත ක්ලික් කරමින් ලැබෙන වින්ඩෝව උපකාරීවනවා. පොප්-අප් ආකාරයෙන් ඉතාමත් මෑතකදී හදුනාගත වයිරස පිළිබදව ද වරින්වර තොරතුරු ගෙන ඒම මෙම මෘදුකාංගයේ ඇති තවත් විශේෂත්වයක් ලෙසින් සදහන් කළ හැකියි. ඒවායින් ඔබගේ පරිගණකය ආරඏිතද යන්නද මේවා මගින් ඔබට දැනගත හැකියි.

Kaspersky Lab ANTI-VIRUS Personal 5.0
අනෙකුත් ප‍්‍රතිවයිරස් මෘදුකාංග සමග සසදාබලනවිට මෙහි අතුරු මුහුණත ඉතා සරලය. ඒ නිසා වැඩිවේගයක් ලබාගැනීමට හැකිවී තිබෙනවා. විශේෂයෙන්ම පරිගණකය බූට්වීමේදී ගතවන කාලය තරමක් අඩුකරගැනීමට මෙය හේතුවී තිබෙනවා. විවිධාකාරයේ පරිගණක වයිරස් වර්ග බොහොමයක් ඉක්මනින් හදුනාගැනීමේ හැකියාවක් ඇති ප‍්‍රතිවයිරස් මෘදුකාංගයක් ලෙසින් මෙය හැදින්විය හැකියි. බැක්ඩෝ හා ට්‍රෝඡුන්හෝසස් වැනි හානිකර පරිගණක වයිරස් සියයට 99ක්ම හදුනාගැනීමේ හැකියාවක් මෙයට තිබෙනවා. එසේම ඉතාමත් කෙටි කාලසීමාවක් තුළ අප්ඬේට් ෆයිල්ස් නිකුත්කරන සමාගමක් ලෙසින්ද මෙය හැදින්විය හැකියි. සෙසු ප‍්‍රතිවයිරස් මෘදුකාංග නිෂ්පාදන සමාගම් සමග සසදා බැලීමේදී අඩු උදව්-උපකාර ලබාදෙන සමාගමක් ලෙසින් මොවුන් සැලකෙයි. එනම් ඔබගේ පරිගණකයේ ඇති වයිරසයක් සම්බන්ධයෙන් ඔවුන්ට ඊ මේල් එකක් යැවුව හොත් එයට පිළිතුරක් ලැබීමට ඇතැම්විට මාස ගණනක් ගතවිය හැකිය. නමුත් ඉහතින් සදහන් කළ බීටා ඩිෆෙන්ඩර් මැකාෆිල වැනි සමාගම් අවම වශයෙන් දින දෙකක් ඇතුළත ඔබට සහනදායි පිළිතුරක් ලබාදෙනු ඇත.

5.Symantec Norton Antivirus 2006
ප‍්‍රතිවයිරස් මෘදුකාංග ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්වී සිටින්නේ මෙයයි. විශේෂයෙන්ම පරිගණකය භාවිත කරන්නාට පහසුවෙන් හැසිරවිය හැකි අතුරු මුහුණතක් හෙවත් ඉන්ටර්ෆේස් එකක් මෙහි තිබෙනවා. පරිගණකය හයිඡුැක(ර්*ස්, කී ස්ට්‍රෝක් ලොගර්ස් වැනි දත්ත සොරාගන්නා පුද්ගලයන්ගෙන් රැුකගැනීමේ මනා හැකියාවක් මෙයට තිබෙනවා. මෙයට අමතරව ස්පයිවෙයා, ඇඞ්වෙයා වැනි හානිකර පරිගණක වැඩසටහන් ඇතුලූවීම වැළැක්වීමේ ඉහළ හැකියාවක් මෙයට තිබෙනවා. යම් වයිරසයක් හදුනාගත් පසුව ඒ පිළිබදව වැඩිදුර විස්තර ඔබට අවශ්‍ය නම් වයිරසයේ තොරතුරු සදහන් වන වින්ඩෝවේ ඇති ලිංක් එක ක්ලික් කිරිමෙන් ඔබව සයිමන්ටෙක් සමාගමෙහි වෙබ් අඩවිය වෙත ප‍්‍රවේශ කරවන අතර මෙයින් අවශ්‍ය තොරතුරු ඔබට දැනගත හැකියි.

Panda Titanium Antivirus 2006
මෙහි 2005 වර්ෂයේදී හදුන්වාදුන් සංස්කරණයට වඩා වෙනස්කම් කිහිපයක් නව සංස්කරණයට ඇතුළත් කර තිබෙනවා. මෙයින් එකක් වන්නේ අන්තර්ඡුාලයෙන් පරිගණකයට ඇතුලූවන විවිධ හානිකර වැඩසටහන් හදුනාගත හැකි පැන්ඩා ටයිටේනියම් 2006 ඉන්ටර්නෙට් සෙකි්‍යුරිටි නම් වැඩසටහනයි. මෙයට අමතරව මෙම මෘදුකාංගයෙහි ෆයර්වෝලයක් තිබෙන නිසා පරිගණකයට අමතර ආරඏාවක් සැලසෙනවා. එසේම ස්පයිවෙයා, ඇඞ්වෙයා වැනි වයිරස් වර්ගද හදුනාගැනිමේ ඉහළ හැකියාවක් මෙයට තිබෙනවා. සෙසු ප‍්‍රතිවයිරස් මෘදුකාංග මෙන්ම බැක්ඩෝ ප්‍රෝග‍්‍රෑම්ස්, ට්‍රෝඡුන්හෝසස්, වෝම්ස් ආකාරයේ වයිරස ද හදුනාගැනීමේ හොද හැකියාවකින් මෙය යුක්තයි. එහෙත් ඉතා මෑතකදී අන්තර්ඡුාලයට එක්වුණු මැල්වෙයා ආකාරයේ වයිරස නිවැරදිව හදුනාගැනීමේ හැකියාවක් මෙයට නැහැ. කෙසේවෙතත් අඩු වේගයක් සහිත පරිගණකය වුවත් පහසුවෙන් භාවිත කළ හැකි ප‍්‍රතිවයිරස් මෘදුකාංගයක් ලෙස මෙය හැදින්විය හැකියි.

McAfee Virusscan 2006 10.0
m%;sjhsria uDÿldx. ,eia;=fõ fojk ia:dkhg m;aù isákafka ueld*s jhsria ialEka 2006 h' ue,afjhd jhsria fla; blaukska yÿkd.ekSfï yelshdjla fuhg ;sfnkjd' kuq;a mß.Klfha we;s o
________________________________________



No comments:

Post a Comment