Thursday, September 10, 2009

උබන්ටු නව සංස්කරණයකින් එළිදකී



ඕනෑම පරිගණකය හදවත වන්නේ මෙහෙයුම් පද්ධතිය නැතහොත් ඔපරේටිං සිස්ටම් එකයි. මෑතක් වනතුරු ලෝකයේ මෙහෙයුම් පද්ධති අතරින් පළමු පෙළේ පැවතුණු, බොහෝදෙනාගේ ප‍්‍රසාදයට පත්වූ මෙහෙයුම් පද්ධතිය වන්නේ වින්ඩෝස් ය. මෙහෙයුම් පද්ධති ගැන කතාකරනවිට බොහෝදෙනාගේ මුවගට වින්ඩෝස් නාමය පැමිණෙන්නේ නිතැතින්මය. වින්ඩෝස් යනු නොමිළේ අළෙවිකරන මෙහෙයුම් පද්ධතියක් නොවනබව අප දන්නවා. එසේම මුදල් ගෙවා ලබාගත යුතු මෙහෙයුම් පද්ධති තිබෙන්නා සේම නොමිළේ අන්තර්ඡුාලයෙන් ඩවුන්ලෝඞ් කරගත හැකි මෙහෙයුම් පද්ධති රැුසක්ද වර්තමානයේ තිබෙනවා. මේවා අයත් වන්නේ නිදහස් මෘදුකාංග නැතිනම් ඔිපන්සෝස් සොෆ්ට්වෙයා ගණයටයි. ෆෙඩෝරා, මෑන්ඩ‍්‍රයිවා යනු එවැනි මෙහෙයුම් පද්ධති කිහිපයක්. නොමිළේ ලබාගත හැකි මෙහෙයුම් පද්ධති අතරින් බොහෝදෙනාගේ ඡුනපි‍්‍රයත්වයට පත් මෙහෙයුම් පද්ධතියක් ලෙසින් උබන්ටු අවිවාදයෙන්ම සදහන් කළ හැකියි. මෙය ලිනක්ස් නම් මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිර්මාණය කරගෙන තිබෙනවා. නිදහස් මෘදුකාංග සම්බන්ධයෙන් තරමක උනුසුම්කාරී වාතාවරණයක් අප රටේ ඇතිවීමත් සමගම බොහෝදෙනා උබන්ටු මෙහෙයුම් පද්ධතිය තම පරිගණකවල පිහිටුවාගැනීමට පෙළඹුණා. මෑතක් වන තුරුම අප භාවිත කළේ උබන්ටු 8.10 සංස්කරණයයි. මෑතකදී ඩෙල් පරිගණක සමාගම ඔවුන් නිපදවන නෝට්බුක් මෙන්ම ඩෙක්ස්ටොප් පරිගණක සදහා මෙහෙයුම් පද්ධතිය වශයෙන් උබන්ටු යොදාගැනීමට එකගවූවා. ඒ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට විකල්පයක් වශයෙන්. සෙසු මෙහෙයුම් පද්ධති මෙන් නොව උබන්ටු මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණයක් සෑම සය මසකටම වරක් නිකුත් කරනවා. ඒ බොහෝවිට අපේ‍්‍රල් හෝ ඔක්තෝබර් මාසයේදීය. ඒ අනුව මෙම වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ හදුන්වාදුන්නේ උබන්ටු 9.04 සංස්කරණයයි.

පරිගණකයේ පිහිටුවාගැනීම
මෙයට පෙර පැවති උබන්ටු සංස්කරණවලදී මෙහෙයුම් පද්ධතිය පරිගණකයට ඉන්ස්ටෝල් කරගැනීමේදී ඔබට දක්නට ලැබුණේ කුඩා වින්ඩෝවකි. නමුත් මෙම නවතම සංස්කරණය මගින් ඉන්ස්ටෝල් කාර්යයට අදාළ සියලූම තොරතුරු ඔබට දක්නට ලැබෙන්නේ ෆුල්- ස්කී‍්‍රන් ආකාරයෙනි. එපමණක් නොව පෙර පැවති සංස්කරණවලින් උබන්ටු ඉන්ස්ටෝල් කරගැනීමේදී ඔබගෙන් අනුමැතිය ඉල්ලා සිටින ප‍්‍රශ්න මාලාව මෙහි දක්නට නොමැතිවීමද ඔබට වඩා පහසුවක් වේවි. නමුත් උබන්ටු පරිගණකයේ පිහිටුවාගැනීමේදී ඔබගේ අවධානය හොදින්ම යොමු කළ යුතු කරුණක් වන්නේ අදාළ පාර්ටිෂන් එකෙහි ගිගාබයිට් 4 ක් හෝ එයට වඩා ඉඩකඩ තිබෙන්නේ ද යන්නයි. එසේ නොමැතිවිට ඉන්ස්ටෝල් කි‍්‍රයාවලිය අතරමග නතරවීම හෝ මෙහෙයුම් පද්ධතිය කි‍්‍රයාත්මක වීමේදී විවිධ ගැටලූ ඇතිවීම සිදුවනවා.
උබන්ටු 9.04 සංස්කරණය ඔබට ඉදිරිපත් කර තිබෙන්නේ ඊ.එක්ස්.ටී 4 නමින් හදුන්වන ෆයිල් සිස්ටම් එකට අනුවයි. මෙම ෆයිල් සිස්ටම් එකෙන් පරිගණකයේ හාඞ් ඩිස්කය පාර්ටිෂන් කරගැනීම අනිවාර්යය වන්නේ නැහැ. ඒ සදහා ඔබට වෙනත් ෆයිල් සිස්ටම් එකක් වුවද තෝරාගත හැකියි. නමුත් මෙම ෆයිල් සිස්ටම් එක යටතේ විශාල ෆයිල්ස් පරිගණකයේ ගබඩාකරගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ ද භාවිත වන්නේ මෙම ෆයිල් සිස්ටම් එකයි. මෙයට අමතරව පරිගණකයෙන් වැඩි වේගයක් ලබාගැනීමට ද මෙම ෆයිල් සිස්ටම් එක හේතුවනවා. එසේ වුවත් මෙම ෆයිල් සිස්ටම් එකට අනුව ෆෝමැට් කරගත හාඞ් ඩිස්කය පසු අවස්ථාවකදී ඩිෆ‍්‍රැග් කරගැනීමට ඊ4 ඩිෆ‍්‍රැග් නමින් ටූලයක් උබන්ටු මෙහෙයුම් පද්ධතියේ දක්නට ලැබෙන්නේ නැහැ. මෙම ෆයිල් සිස්ටම් එක ඉතා මෑතකදී හදුන්වාදුන් එකක් වන නිසා මේ ආකාරයට හාඞ් ඩිස්කයක් ෆෝමැට් කිරීමේ අවධානම ගැනද ඔබ සැලකිල්මත් විය යුතුයි.

උබන්ටු නවතම සංස්කරණය පරිගණකයේ පිහිටුවාගැනිමේදී ඔබගේ අවධානයට ලක්වන මී ළග කාරණය වන්නේ පරිගණකයේ වේලාව සකස්කරගැනීම සදහා ඔබට ඉදිරිපත් කෙරෙන සිතියමයි. පැරණි සංස්කරණවල මෙම සිතියම නිවැරදිව කි‍්‍රයාත්මක නොවූවත් මෙම සංස්කරණය තුළින් එම දෝෂය ඉවත්කර තිබෙනවා. මෙමගින් ලෝක සිතියම හෝරා කළාපවලට බෙදා තිබෙනවා. මෙහෙයුම් පද්ධතිය පිහිටුවාගැනීමේදී ඔබ ඇතුළත්කරන රහස් වචනයේ ඇති දෝෂ ද සැනෙකින් ඔබට ඉදිරිපත් කිරීම මෙම සංස්කරණයේ දැකිය හැකි තවත් වැදගත් ලක්ෂණයක්.
බූට් වීමට කෙතරම් කාලයක් ගතවනවාද?
මෙම නවතම සංස්කරණය අත්හදාබැලීමට අප භාවිත කළේ ඉන්ටෙල් ප්‍රොසෙසරයක් සහිත නෝට්බුක් පරිගණකයක්. උබන්ටු නව සංස්කරණයෙන් පරිගණකය බූට්වීම සදහා ගතවූයේ තත්පර 25ක් වැනි සුලූකාලයක් වීම අපගේද පුදුමයට හේතු වුණා. එයට හේතුව මෙයට පෙර හදුන්වාදුන් උබන්ටු සංස්කරණ කිසිවෙක මෙතරම් ක්ෂණික බූට්වීමේ කාලයක් දක්නට නොලැබුණු නිසයි. මෙය පරිගණකයක් හයිබ‍්‍රනේට් කරන්නාක් වැනි කෙටි කාලයක් තුළ සිදුවනවා. පරිගණකය බූට්වීමේදී ඔබට දක්නට ලැබෙන ප්‍රෝග්‍රෙස් බාර් එකෙහිද වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.
ඩෙස්ක්ටොප් තිරයෙහි දක්නට ලැබෙන විශේෂතා
මෙහෙයුම් පද්ධතියකට පරිගණක භාවිත කරන්නන් ආකර්ෂනය කරගැනීමට එමගින් ඉදිරිපත් කෙරෙන වෝල් පේපරය ද එක්තරා ආකාරයකට හේතුවනවා. නමුත් මෙම නව සංස්කරණය තුළින් ඩෙස්ක්ටොප් තිරයට සැලකිය යුතු තරමේ වෙනස්කම් සිදුකර ඇති බවක් පෙනෙන්නට නැහැ. මෙයට පෙර සංස්කරණවලින් හදුන්වාදුන් දුඹුරු පැහැයට හුරු තැඹිලි පැහැයකින් යුත් ඩෙස්ක්ටොප් එකක් ඔබට මෙම සංස්කරණය තුළින්ද දැකගත හැකියි. නමුත් අදුරු පැහැයට හුරු තවත් වර්ණ කිහිපයක් මෙම සංස්කරණයෙන් හදුන්වාදී තිබෙනවා. ඩෙස්ක්ටොප් එකට වැඩි ලස්සනක් ගෙනදීමට මෙය හේතුවී තිබෙනවා.

ෂට්ඩවුන්, රිස්ටාට්, සස්පෙන්ඞ් යන විකල්ප පිහිටා තිබූ ස්ථානවල වෙනස්කම් කිහිපයක් ද මෙම සංස්කරණයෙන් ඔබට හදුනාගත හැකියි. එනම් ඒවා සිස්ටම් මේන් මෙනුවෙන් ඉවත්කර ඩෙස්ක්ටොප් තිරයේ ඉහළ දකුණුපසින් දිස්වන ෆාස්ට් ස්වීචර් ඇප්ලෙට් නමින් හදුන්වන කොටසට ඇතුලූකර තිබීමයි. සිස්ටම් ටෙ‍්‍රි එක තුළ පැවති අප්ඬේට් නෝටිෆිකේෂන් අයිකනයද මෙම සංස්කරණයෙන් ඉවත්කර තිබෙනවා. නමුත් කිසියම් සෙකි්‍යුරිටි අප්ඬේට් එකක් ලබාගැනීමට තිබෙන්නේ නම් අප්ඬේට් මැනේඡුර් නමින් හදුන්වන වැඩසටහන මගින් ස්වයංකී‍්‍රයවම පොප්-අප් මෙනුවක් මතුවනවා. මෙය පළමුවෙන් ඔබට මිනිමයිස් ආකාරයෙන් පැමිණෙන අතර එහි ඇති පැනල් බට්න් එක ක්ලික් කිරීමෙන් එය මැක්සිමයිස් ආකාරයට පත්කරගත හැකියි. සිස්ටම් ටෙ‍්‍රි එකෙහි තිබෙන අප්ඬේට් අයිකනය වෙත අපගේ ඇස යොමුවන්නේ බොහෝ කලාතුරකින් වන නිසා පරිගණකයේ ආරක්ෂාව නිරන්තරයෙන්ම පවත්වාගැනීමට ඔවුන් මෙම උපක‍්‍රමය හදුන්වාදී තිබෙනවා. උබන්ටු නිෂ්පාදක සමාගමින් නිර්මාණය කරන ලද අප්ඬේට් ෆයිල්ස් ඔබගේ පරිගණකය සදහා ගැලපෙන්නේ නැති නම් අප්ඬේට් මැනේඡුර් වැඩසටහන මගින් සතියක් තුළ නිකුත් කළ සියලූම අප්ඬේට් ෆයිල්ස් එක්රැුස්කර තබාගෙන එක් අවස්ථාවකදී ඔබට ඉදිරිපත් කරනවා. ඒවා මගින් ඔබට අවශ්‍ය ෆයිල්ස් තෝරාගත හැකියි.
ඉහතින් සදහන් කළ සුපුරුදු වෝල් පේපරයට අමතරව තවත් නවතම තීම්ස් රැුසක් ද මෙම නව සංස්කරණයට එක්කර තිබෙනවා. මේවා ද මෙයට පෙර හදුන්වාදුන් සංස්කරණය මගින් ඉදිරිපත් කරන ලද තීම්ස්වලම කොටසක්. මෙම තීම්ස් හදුන්වන්නේ ජදපපමබසඑහ-එයැපැි නමින්. ඔබ දැනට තිබෙන වෝල් පේපරය වෙනුවෙට වෙනත් එකක් මාරුකරගන්නේ නම් පසුව තෝරාගත් වෝල් පේපරය පැමිණෙන්නේ කළිං පැවති වෝල් පේපරය මතටයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේදී දක්නට නොලැබෙන ආකාරයෙන් පසුව තෝරාගත් වෝල් පේපරය හා පෙර පැවති වෝල් පේපරය අතර ෂේඞ්වීමක් මෙහිදී ඔබට දැකගත හැකියි. මෙයින් පරිගණකයේ ඩෙස්ක්ටොප් එකට වැඩි ආකර්ෂනයක් ලැබෙනවා.
ලොගින් ස්කී‍්‍රන් එකෙහිද තරමක් වෙනසක් දක්නට ලැබෙනවා. එනම් ති‍්‍රමාණ ආකාරයකට සෑ¥ උබන්ටු ලාංඡුනය එහි පසෙකින් දක්නට ලැබීමයි. මෙම ලොගින් ස්කී‍්‍රන් අතර මාරුවීම සදහා සිස්ටම් , ඇඞ්මැනිස්ටේ‍්‍රෂන් , ලොගින් වින්ඩෝ යන මෙනු විධාන ලබාදිය යුතුයි.
ඔි.එස් එක්ස් නම් මෙහෙයුම් පද්ධතියේ භාවිත වන ආකාරයේ නවතම ආකාරයේ පොප්-අප් ඇලර්ට් විශේෂාංගයක් මෙම සංස්කරණය තුළින් හදුන්වාදී ඇති අතර එය හදුන්වන්නේ ස්මෝක් ග්ලාස් පොප්-අප් යනුවෙන්. සියලූම ආකාරයේ තොරතුරු සම්බන්ධයෙන් ඔබව දැනුවත් කෙරෙන පණිවිඩ හෙවත් ්කැරඑි මෙම ස්ථානයේදී ඔබට දැකගත හැකියි. එනම් ලැප්ටොප් පරිගණකයක විදුලිය විසන්ධි කිරීම, වයි-ෆයි නෙට්වර්ක් එකකට සම්බන්ධවීම, නව ඊමේල් එකක් ලැබීම ආදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීම මෙම ස්ථානයෙන් සිදුවනවා. එකම අවස්ථාවකදී එකකට වඩා වැඩි පොප්-අප් ගණනක් මතුවුවහොත් ඒවා අනුපිළිවෙළින් එකමත එකක් පිහිටන ආකාරයෙන් සකස්වීම සිදුවනවා. ඔබට සිස්ටම් , පි‍්‍රෆරන්සස් යන මෙනු විධානය ලබාදීමෙන් මෙසේ පැමිණෙන අවවාද අනුශාසනා ප‍්‍රමාණය අඩුකරගත හැකියි. උබන්ටු මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බොහෝදෙනාගේ චෝදනා අතර ප‍්‍රධාන එකක් වන්නේ උබන්ටු මෙහයුම් පද්ධතියේ යොදාගැනෙන අක්ෂර පැහැදිලි බවෙන් අඩු බවයි. නමුත් මෙම සංස්කරණයෙන් ඒ දෝෂය ද ඉවත්කර තිබෙනවා. මෙම ලිපියේ දැක්වෙන තිර රූපසටහන්වලින් මේ බව ඔබට දැකබලාගත හැකියි.

No comments:

Post a Comment