Thursday, September 10, 2009

බ්ලූටූත් 3.0 හි සම්ප‍්‍රාප්තිය


බ්ලූටූත් 3.0 හි සම්ප‍්‍රාප්තිය

රැුහැන් රහිත ආකාරයකින් හෙවත් වයර්ලස් ආකාරයකින් විවිධාකාර පරිගණක උපාංග එකිනෙක සම්බන්ධකිරීමටත් රැුහැන් රහිතව අන්තර්ඡුාලයට ප‍්‍රවේශවීමටත් තවත් කාර්යයන් රැුසකට යොදාගන්නා තාඏණයක් ලෙසින් බ්ලූ ටූත් හදුන්වන්න පුලූවන්. බ්ලූ ටූත් තාඏණයේ නවතම සාමාýකයා වන බ්ලූටූත් 3ග0 මෙම වර්ෂයේ අපේ‍්‍රල් 21 වන දිනයේ ලෝකයාට හදුන්වාදුන්නා. මෙමගින් අධිවේගී දත්ත සම්පේ‍්‍රශන වේගයක් ලබාගත හැකි බවයි එහි නිර්මාපකයන් හදුන්වාදී ඇත්තේ. මෙයට පෙර හදුන්වාදුන් 2ග0 ූ ඊ.ඞී.ආර් සංස්කරණය හා සසදා බලන විට එයට වඩා අට ගුණයක මෙමගින් ලබාගත හැකියි. එනම් ආසන්න වශයෙන් තත්පරයට මෙගාබිට්ස් 24 කි.
මෙතරම් වේගයක් බ්ලූටූත් 3ග0 ට ලබාගැනීමට හැකිවී ඇත්තේ එය යොදාගන්නා 802ග11 නම් රේඩියෝ ප්‍රොටෝකෝලය නිසා. 802ග11 යනුවෙන් හදුන්වන්නේ වයි -ෆයි තාඏණයට සම්බන්ධ දෙයක් නොවේ. වයි -ෆයි යනුවෙන් හදුන්වන්නේ ද 802ග11 නම් රේඩියෝ ප්‍රොටෝකෝලයේම තවත් දියුණු අවස්ථාවකි. කෙසේවෙතත් වයි -ෆයි තාඏණය ඔස්සේ සිදුකරගත හැකි කාර්යයන් බොහොමයක් මෙම නව සංස්කරණයෙන් සිදුකරගත හැකිබව නිෂ්පාදකයන් සදහන් කරනවා. මෙවන් එක් වාසියක් වන්නේ බ්ලූ ටූත් සබදතාවයක් ඇති පරිගණකයක් හා දුරකථනයක් අතර යෝධ මීඩියා ෆයිල්ස් කෙටි කාලසීමාවක් තුළ හුවමාරු කරගතහැකි වීමයි.
එමෙන්ම බ්ලූ ටූත් සබදතාවයක් ඇති රූපවාහිනියකට මෙම පහසුකම සහිත කැමරා ෆෝන් එකකින් වීඩියෝ කරන ලද දර්ශනයක් වුවද කෙටිකාලයක් තුළ හුවමාරු කරගැනීමේ හැකියාවක් ලැබීමයි. මෙය වයි -ෆයි තාඏණයේදී යොදාගැනෙන ඞී.එල්.එන්.ඒ යන්නට තරමක් සමාන දෙයක්. දැනටත් වයි -ෆයි තාඏණය ඔස්සේ ලබාදී ඇති මෙම පහසුකම් සදහා බ්ලූටූත් 3ග0 නමින් නව තාඏණයක් හදුන්වාදී ඇත්තේ ඇයිදැයි ඔබට සිතේවි. මෙයට පිළිතුර වන්නේ වයි -ෆයි තාඏණයට වඩා ඉතා ඉක්මනින් හා පහසුවෙන් බ්ලූ ටූත් තාඏණය ඔස්සේ උපාංග දෙකක් හෝ කිහිපයක් අතර සන්නිවේදන සබදතාවයක් ගොඩනගා ගැනීම පහසුවීමයි.
ඔබගේ පරිගණකය සමග ඡුංගම දුරකථනයක් වැනි උපකරණයක් රැුහැන් සම්බන්ධයකින් තොරව සම්බන්ධ කර ෆයිල්ස් එකිනෙක හුවමාරු කරගැනීමට ඇති හොදම ක‍්‍රමය වන්නේ බ්ලූ ටූත් ය. අඩු විදුලිබලයක් භාවිත කරමින් කි‍්‍රයාත්මක වීමේ හැකියාවද මෙම නවතම සංස්කරණයේ උපකරණවලට තිබෙනවා. එසේම ඔබගේ ඡුංගම දුරකථනය කලිසමේ සාක්කුවක තිබුණත් කිසිදු අපහසුවකින් තොරව යැ්ාිැඑ එක ඔස්සේ ඇමතුමක් ලබාගැනීමේ හැකියාව මෙහි තිබෙනවා. දුරකථන සංඥා හෙඞ්සෙට් විසන්ධිවීමකට මෙහි ඇත්තේ ඉතා අඩු ඉඩකඩක් වීම මෙයට හේතුවයි. මෙම තාඏණයට සහය දක්වන උපකරණ තවත් මාස කිහිපයකින් වෙළදපොළට එක්වනු ඇති. ඉතිං ඔබත් නවතම මාදිලියේ දුරකථනයක් මිළදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එහි අනිවාර්යයෙන්ම පහසුකම තිබෙනවාදැයි සොයා බලන්න. එය ඉදිරියේදී ඔබට ඉතා වැදගත්වනු නිසැකයි.

No comments:

Post a Comment