Monday, October 5, 2009

අතේ පත්තු වූ චැනල් -4 බොරුව


ශී‍්‍ර ලාංකික මාධ්‍යවේදීන් පිරිසක් විසින් මෙයට ටික කාලයකට පෙර ශී‍්‍ර ලංකාවේ හමුදාවේ කීර්තිය යටපත් කිරීමේ අරමුණින් ලෝකයා වෙත නිකුත් කරන ලද එක්තරා වීඩියෝ වැඩසටහනක් බි‍්‍රතාන්‍යයේ චැනල් -4 :ක්‍්‍ය්භභෑඛ-4* රූපවාහිනී සේවයේ විකාශය විය. මෙම වීඩියෝ ක්ලිපය නැරඹූ බොහෝදෙනා මෙය බොරුවක් බව හදුනාගත්ත ද බොහෝදෙනා එය සත්‍යයක් බව තේරුම් ගත්තේය. මේ නිසා ශී‍්‍ර ලංකාවේ හමුදාවට ද යම්තරමක අපකීර්තියක් අත්විය. කෙසේවෙතත් මෙය සම්පූර්ණයෙන්ම බොරුවක් බව අද වනවිට අනාවරණය වී තිබෙයි. මෙහි සදහන් වන්නේ ශී‍්‍ර ලාංකීය මාධ්‍යවේදීන් යනුවෙන් හදුන්වාගන්නා පිරිස විසින් නිකුත් කළ වීඩියෝ ක්ලිපය විශ්ලේෂණය කර එය හුදෙක් බොරුවක් බව ඔප්පු කළ ආකාරයයි. පහතින් දැක්වෙන්නේ වීඩියෝ ක්ලිපයේ ක්ලිපයේ ඔිඩියෝ හා වීඩියෝ ෆ්රේම්ස් සංසන්දනය කළ ආකාරයයි. මෙම රූපසටහන හොදින් බැලීමේදී වෙඩිතැබීමේ අවස්ථාව නිරූපණය කරන අවස්ථාවේදී වීඩියෝ ක්ලිපයේ ශබ්දය සටහන් වන්නේ තුවක්කුවෙන් වෙඩිතබා තත්පර කිහිපයක් ගතවූ පසුව බව හදුනාගත හැකිය.
මෙහි සිව්වන රූප රාමුවෙන් දැක්වෙන්නේ පළමු වෙඩි ප‍්‍රහාරය එල්ල කළ අවස්ථාවයි. වීඩියෝ ක්ලිපයට අනුව වෙඩිතැබීම ආරම්භ වන අවස්ථාවේ හා ඔිඩියෝ ෆ්රේම් එකෙහි ශබ්දය සටහන් වන අවස්ථාව අතර පැහැදිලි වෙනසක් තිබේ. එය මිලිතත්පර 296ක ප‍්‍රමාදයකි.
වීඩියෝ ක්ලිපයට අනුව වෙඩිතැබීම ආරම්භ වන්නේ මිලිතත්පර 05.544 දීය. නමුත් එයට අදාළ ශබ්දය සටහන් වන්නේ මිලිතත්පර 05.840 දීය. මේ අනුව වීඩියෝ ක්ලිපයේ හා ඔිඩියෝ ෆ්රේම් එක අතර කාල වෙනස මෙසේ සෙවිය හැකිය.
ු 05ග840-05ග544
ු තත්පර 0ග296
මෙවන් කාල වෙනසක් ඇතිවීමට ද හේතු කිහිපයක් තිබෙයි.
1. මෙම අවස්ථාවේ දී භාවිත කරන ලද කැමරාවේ තාක්ෂණික දෝෂ එයින් එකකි. එසේම කාලගුණ තත්වය වැනි වෙනත් පාරිසරික තත්වයන් ද මෙයට හේතු විය හැකිය.
2. මෙම සිද්ධිය සිදුවන ස්ථානයට තරමක දුර පිහිටි ස්ථානයක සිට වීඩියෝ ගත කර තිබීම
3. මේ නිසා වීඩියෝ ක්ලිපයේ රූපරාමු ඉක්මනින් කැමරාවට ළගාවුවත් ශබ්දය කැමරාවට ළගාවන්නේ සුළු ප‍්‍රමාදයකිනි. මෙයට හේතුව වන්නේ ආලෝකය ශබ්දයට වඩා වේගයෙන් ගමන් කරන බැවිනි.
4. ඔිඩියෝ දත්ත පසු අවස්ථාවක වීඩියෝ කිලිපයට එක්කර තිබීම හා එය නිසියාකාරව සමකාලික :ිහබජයරදබස‘ැ* කර නොතිබීමයි.
මෙම වීඩියෝ ක්ලිපය ගැන සැක සිතීමට හේතුවන තවත් කරුණක් වන්නේ එය පටිගත කර තිබෙන්නේ ස්වාභාවික ආකාරයකට ද? යන්නයි. මෙය ක්ෂේත‍්‍ර පරීක්ෂණයක් ඇසුරින් අනාවරණය කරගත හැකිය. මෙය සිදුකරන ලද්දේ ශී‍්‍ර ලංකාවේ හමුදාවේ නිළධාරින් පිරිසක් විසිනි. මේ සදහා යොදාගෙන තිබෙන්නේ අදාළ වීඩියෝ ක්ලිපයේ තිබුණු පරිසරයට බොහෝසෙයින් සමාන පරිසරයකි.

මෙහිදී සිදුකරන ලද කි‍්‍රයාදාමය පහතින් දැක්වෙයි.
- සාමාන්‍ය ඔ 56 වර්ගයේ තුවක්කුවක් එළිමහන් ස්ථානයක සිට වෙඩි තබයි
- වීඩියෝ දර්ශනය මොබයිල් ෆෝන් කැමරාවකින් රූගත කරයි
- වෙඩිතබන්නා හා කැමරාව අතර දුර මීටර 4කි.
ඉහතින් දැක්වෙන රූපසටහනට අනුව වෙඩි තැබීමට අදාළ රූපරාමුව දර්ශනය වීමට පෙර ශබ්ද තරංග සටහන් වී ඇතිබව හදුනාගත හැකිය. තාක්ෂණික වශයෙන් ගත් කල මෙයට හේතුව වන්නේ ඔිඩියෝ දත්ත වීඩියෝ දත්තවලට වඩා වැඩි අනුපාතයකින් සටහන් වීමයි. ඔිඩියෝ දත්තවල මෙම සාම්පල අනුපාතය 8000 ක් වන අතර වීඩියෝ දත්තවල සාම්පල අනුපාතය තත්පරයට ෆ්රේම්ස් 7.58 කි. කෙසේවෙතත් ඔවුන් විසින් ව්‍යාඡු ලෙසින් පටිගත කරන ලද වීඩියෝ ක්ලිපයේ ඔිඩියෝ දත්ත සටහන් වී තිබෙන්නේ වීඩියෝ දත්තවලට පසුවයි. මෙය ඔබට ද පහසුවෙන් හදුනාගත හැකිය. මේ නිසා සාමාන්‍ය තත්වයන් යටතේ ලබාගත් වීඩියෝ දර්ශනයක් ලෙසින් මෙය සැලකිය නොහැකිය. මෙහිදී අපගේ අවධානය තවත් කරුණක් දෙසට යොමුවිය යුතුය.
එනම් මෙයට පෙර සදහන් කළ ආකාරයට වීඩියෝගත කිරීම සිදුකර තිබෙන්නේ අදාළ ස්ථානයට බොහෝ දුරක සිට ද? යන්නයි. මෙයද විද්‍යාත්මකව ඔප්පු කර පෙන්විය හැකිය. ශබ්ද තරංග ගමන් කරන්නේ තත්පරයට මීටර 346ක වේගයකිනි. ඒ අනුව මෙම වීඩියෝ ක්ලිපයට අනුව තුවක්කුව කි‍්‍රයාත්මක වන අවස්ථාවේ නිකුත් වූ ශබ්ද තරංග කැමරාව වෙත ළගාවීමට තත්පර 0.296ක් ගතවී තිබේ. මෙය පහත සූත‍්‍රයට අනුව ගණනය කළ හැකිය.
ු ශබ්දයේ වේගය ඞ කාලය
ු 346 ං 0ග296
ු මීටර 102ග4
මේ අනුව කැමරාව හා තුවක්කුව කි‍්‍රයාත්මක වන ස්ථානය අතර තිබිය යුත්තේ මීටර 102 ක දුරකි.
මීටර 102 ක දුරකින් සිට මොබයිල් කැමරාවකින් මෙවන් පැහැදිලි වීඩියෝ හා ඔිඩියෝ සංඥා සහිත වීඩියෝ දර්ශනයක් ලබාගත නොහැකිය. අවසන් වශයෙන් සාකච්ඡුා කළ යුත්තේ වීඩියෝගත කිරීමෙන් පසුව ශබ්දය වීඩියෝ ක්ලිපයට ඇතුළත් කර තිබෙන්නේ ද? යන්නයි. ඉහත දක්වන ලද රූපරාමුවලට අනුව මෙම වීඩියෝ දර්ශනයේ වෙඩිතැබීමේ රූපරාමුවට අදාළ ශබ්ද තරංග සටහන් වී ඇත්තේ යම් ප‍්‍රමාදයකට පසුවයි. එනම් මෙයින් හදුනාගත හැක්කේ ඡුායාරූපගත කරගැනීමෙන් පසුව ශබ්දය පටිගත කර එය වීඩියෝ ක්ලිපයට එක්කර ඇති බවයි. මෙම අනාවරණයෙන් පසු කොටි සම පොරවාගත් මාධ්‍යවේදීන් නිරුත්තර විය.

No comments:

Post a Comment