Thursday, October 1, 2009

මූණු පොතට ලංකාවෙන් නව මුහුණක්


සමාඡු ඡුාල වෙබ් අඩවි, අන්තර්ඡුාලය පරිහරණය කරන අයට අලූත් දෙයක් නොවේ. මෙවන් සමාඡු ඡුාල වෙබ් අඩවි අතරින් ෆේස්බුක් වෙබ් අඩවියට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. සෑම මොහොතකම ලොව පුරා ලක්ෂ ගණනක් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා එකිනෙකා සමගින් සම්බන්ධ වනවා. තම තමන්ගේ තොරතුරු, ඡුායාරූප, ඔිඩියෝ හා වීඩියෝ ක්ලිප්ස් එකිනෙකා අතර හුවමාරු කරගැනීමටත් ඔබගේ අදහස් ලොවට කියන්නටත් මෙම වෙබ් අඩවිය බොහෝදෙනා පාවිච්චි කරනවා. නමුත් ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසෙන්නේ හොඳ අය පමණක් නොවේ. සමාඡුයට යහපත් දෙයක් තිළිණ කිරීමේ චේතනාවෙන් පිරිසක් ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසෙන්නාක් මෙන්ම ෆේස්බුක් රසිකයන්ට විවිධාකාරයේ බාධා ඇතිකිරීමට බලාසිටින පිරිසක්ද ෆේස්බුක් වටා එක්රොක් වී සිටිනවා.
මෙම ලිපිය සැකසෙන්නේ ෆේස්බුක් වෙබ් අඩවියට එල්ලවී ඇති නවතම තර්ඡුණයක් පිළිබදව ඔබ ද දැනුවත් කිරීමටයි. බොහෝදෙනා එය සලකන්නේ පරිගණක වයිරසයක් වශයෙනි. පරිගණක වයිරස් නිපදවීම අතින් විශාල ප‍්‍රසිද්ධියක් ලබා සිටින්නේ බටහිර රටවල් වුවත් දැන් එම ආකල්පය වෙනස් කරගැනීමට සිදුවී තිබේ. ඒ අප රටින් ද පසුගිය කාලයේදී පරිගණක වයිරස් කිහිපයක් අන්තර්ඡුාලයට නිකුත් වී ඇති බැවිනි. අන්තර්ඡුාලයට නිතර ගොඩවදින ඔබ ද මෙම වයිරස් ගැන දැනසිටිය යුතුය. මෙම ලිපියෙන් අප සාකච්ඡුා කරන්නේ ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදිත පරිගණක වයිරස් ගැන නොවේ. ෆේස්බුක් වෙබ් අඩවියට පසුගිය සැප්තැම්බර් මාසයේ 30 වන දින ශී‍්‍ර ලාංකිකයෙක් විසින් නිකුත් කළ වයිරසයක් ගැනයි.
තවමත් මෙයින් සිදුවන හානිය පිළිබදව සම්පූර්ණයෙන් තක්සේරු කර නොමැත. නමුත් ලොවපුරා ෆේස්බුක් රසිකයන් දහස් ගණනකගේ පරිගණකවලට මෙම වයිරසය ඇතුළු වී අවසන්ය. මෙම වයිරසයේ නාමය වන්නේ ඪසාහ්රඑය් ක්‍දකකැටැ ත්‍්ජැඊදදන ඩසරමි ය. විද්‍යාරත්න යනු නුවර පළාතේ මෙන්ම ශී‍්‍ර ලංකාව තුළ බෙහෙවින් ප‍්‍රසිද්ධ පාසැලකි. මෙම වයිරසයෙන් සිදුවන හානිය වන්නේ ඔබගේ ෆේස්බුක් ගිණුමෙහි ඔබගේ පාසැල සදහන් වන ස්ථානයේ ඇති නාමය ඪසාහ්රඑය් ක්‍දකකැටැ යනුවෙන් වෙනස් කිරීමයි. මෙය දැනට හදුනාගෙන ඇති එක් ලක්ෂණයක් පමණි. බොහෝදෙනා සදහන් කරන්නේ මෙම වයිරසය තවමත් සම්පූර්ණයෙන්ම සකී‍්‍රය වී නොමැති බවයි.
එනිසා ඉදිරියේදී මෙයින් කවරාකාකාරයේ හානියක් ඇතිකරන්නේ දැයි තවමත් නිෂ්චිතව සදහන් කළ නොහැකිය. ෆේස්බුක් වෙබ් අඩවියේ නිළධාරීන් තවමත් මෙම වයිරසය ඇත්ත වශයෙන්ම වයිරසයක් ද නැත්නම් වෙබ් අඩවියේම පවතින දෝෂයක් හෙවත් බග් එකක් ද යන්න සදහන් කර නැත. ෆේස්බුක් වෙබ් අඩවියට මෙවන් වයිරසයක් ඇතුළු වූ පළමු අවස්ථාව මෙය නොවේ. නමුත් මෙම අවස්ථාවේ විශේෂත්වය වන්නේ මෙය නිර්මාණය කර තිබෙන්නේ ශී‍්‍ර ලාංකිකයෙක් වන බැවිනි. එය සැබැවින්ම කණගාටුවට කරුණකි. මෙහිදී ඔබට අවධාරණයෙන් කිව යුතු දෙයක් තිබෙයි. ඔබටත් ෆේස්බුක් වෙබ් අඩවියේ ගිණුමක් තිබෙන්නේ නම් එහි ඇති ලින්ක්ස් මත ක්ලික් කිරීමට පෙර දෙවරක් සිතා බලන්න. ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘවරුන් සදහන් කරන්නේ ඉතා ඉක්මනින් මෙම වයිරසය ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරන බවයි.
නමුත් දින කිහිපයක් ගතවී නැතත් ඔවුන්ගේ පොරොන්දුව ඉටුකරගැනීමට නොහැකි වී තිබීම ලෝකයේම අවධානයට ලක්වී ඇත. මෙවන් වයිරස නිපදවා අන්තර්ඡුාලයට මුදාහරින පුද්ගලයන් එයින් අපේක්ෂා කරන දේවල් කිහිපයක් ඇත. එයින් එකක් වන්නේ ලෝකයේම අවධානය තමන් වෙතට යොමුකරගැනීමයි. එසේම පරිගණක ක‍්‍රමලේඛවලට හානිවනු දැකීමෙන් විනෝදයක් ලැබීම තවත් කරුණකි. අනෙක වන්නේ හුදෙක් විනෝදය පිණිස පරිගණක වයිරස් නිපදවා අත්හදාබැලීමයි. කෙසේවෙතත් මේවායින් සිදුවන්නේ විශාල හානියකි. ඪසාහ්රඑය් ක්‍දකකැටැ වයිරසය පිළිබදව තවත් තොරතුරු ඉදිරියේදී හෙළිවේවි. එතෙක් ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ඔබගේ මිතුරු-මිතුරියන් සමග තොරතුරු හුවමාරු කරගැනීමේදී සැලකිලිමත් වීම ඉතා සුදුසු බව නැවතත් මතක්කර දිය යුතුය.

No comments:

Post a Comment