Saturday, October 17, 2009

විදුලොව විස්මිත අනාවැකි


විද්‍යාවේ දියුණුව නිසා අප ලත් දායාද බොහෝය. එයින් එක් අවස්ථාවක් වන්නේ සඳ තරණය කිරීමයි. එවකට බොහෝ දෙනා සිතා සිටියේ මෙය හුදෙක්ම සිහිනයක් පමණක් වන බවයි. මෙම ඵෙතිහාසික මොහොත සිදුවී අදට වසර හතලිහකි. එනම් ඇපොලෝ 11නම් මිනිසුන් රැුගත් රොකටය චන්ද්‍රයා වෙත ළගාවී නීල් ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස්, යුරි ගගාරින් යන අභ්‍යවකාශගාමීන් තිදෙනා නවීන විද්‍යාවේ ස්වර්ණමය සංධිස්ථානයක් සටහන් කරමින් චන්ද්‍රයා වෙත සංචාරය කළේ මෙයට වසර හතලිහකට පෙරයි.
සඳ මතුපිට පා තැබීමට මිනිසා ගත් පළමු උත්සාහය මෙය නොවේ. කෙසේවෙතත් මෙම උත්සාහයෙන් විද්‍යාවේ දියුණුව ද බොහෝ වේගවත් විය. එදිනෙදා ඡීවිතය සදහා අවශ්‍ය වන උපකරණ බොහොමයක් නිර්මාණය විය. මේ කාලයේ විද්‍යාඥයින්ගේ අවධානය යොමුවී තිබෙන්නේ අපගේ විශ්වය පිළිබදව ගවේෂණය කිරීමටයි. අති විශාල විශ්වයේ සිටින එකම ඡීවියා මිනිසා නොවන බව ඔවුන්ගේ මතයයි. මෙය සනාථ කරන යම් යම් සාදක ඔවුන්ට සොයාගැනීමට හැකිවී ඇත. නමුත් ඒවා සියයට සියයකම නිවැරදි ද යන්න සැක සහිතය. ගෞතම බුදුරඡුානන් වහන්සේ තම දේශනාවලින් විශ්වයේ සිටිනා නොයෙකුත් ඡීවීන් පිළිබදව දේශනා කර තිබේ.
නමුත් එම සීමාවට ළගාවීමට විද්‍යාවට තව බොහෝ කලක් ගතවන බව නම් නිසැකවම කිව හැකිය. සඳ තරණය සැබෑවක් බවට පත්කිරීමට බොහෝ වෙහෙසුණු පුද්ගලයෙක් ලෙසින් එවකට ඇමරිකාවේ ඡුනාධිපතිව සිටි කෙනඩි මහතා සදහන් කළ හැකිය. න්‍යෂ්ටික බලය සොයාගැනීම, රූපවාහිනිය, චන්දි‍්‍රකා තාක්ෂණය, පරිගණකය යන උපකරණ හා මූලධර්ම නිර්මාණය වී ඇත්තේ මිනිසා තුළ ස්වභාවයෙන්ම පවත්නා යමක් දිගින් දිගටම සොයාබැලීමේ පුරුද්ද නිසයි. කෙනඩි ඡුනාධිපතිවරයා විසින් එවකට ඇමරිකානුවන්ට පැවසූයේ ඔවුන් සිතන පතන ආකාරයේ වෙනසක් සිදුවිය යුතු බවයි. ආකල්පමය වෙනසක් ඔවුන් තුළ ඇතිවිය යුතු බවයි.
විද්‍යාව මෙතරමි දියුණු තලයකට පත්වී ඇති යුගයක තවත් බොහෝදෙනා එයින් නිසි ඵල ලබාගන්නා බවක් පෙනෙන්නට නැත. චන්ද්‍රයා මතට පා තැබීමෙන් පසුව අභ්‍යවකාශගාමීන් අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයේ සෙසු ග‍්‍රහලෝක වෙත ගමන් කිරීමට විවිධ උත්සාහයන් රැුසක් දරා තිබෙයි. පහතින් දැක්වෙන්නේ එවන් උත්සාහයන් කිහිපයකි.

අඟහරු ග‍්‍රහයා මතට මිනිසුන් රැුගෙන යාම

මිනිසා තවමත් පය ගසා ඇති එකම ග‍්‍රහලොව වන්නේ පෘථිවියේ අසල්වාසී චන්ද්‍රයා මතට පමණි. නමුත් අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයේ වෙනත් ග‍්‍රහලෝකවලට ද ගමන් කිරීමට මිනිසා මේ දිනවල උත්සාහ කරමින් සිටියි. එවන් එක් ග‍්‍රහලෝකයක් වන්නේ අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයේ සිව්වන ග‍්‍රහලෝකය වන අඟහරු ග‍්‍රහයා වෙතටයි. නමුත් චන්ද්‍රයා වෙත ගමන් කිරීම තරම් පහසුවෙන් මෙය සිදුකළ නොහැකිය. එවකට ඇමරිකානු ඡුනාධිපතිව සිටි ඡෝර්ඡ් බුෂ් මහතාගේ පාලන කාලයේදී මෙම සිහිනය සැබෑවක් කරගැනීමට පර්යේෂණ රැුසක් දියත් කළත් ඇමරිකාවේ වත්මන් ඡුනාධිපති වන බැරැුක් ඔබාමා මහතා මෙම ව්‍යාපෘති කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වන බව පෙනෙන්නට තිබෙයි. අගහරු තරණයෙන් ගගනගාමීන්ට අභියෝගයන් රැුසකට මුහුණදීමට සිදුවෙයි.
මෙයින් එක් අභියෝගයක් වන්නේ අභ්‍යවකාශයේ පවත්නා කොස්මික් කිරණ හෙවත් අන්තරීක්ෂ කිරණවලට ඔවුන් නිරාවරණය වීමයි. මේවායින් සම මත පිළිකා ඇතිකිරීම, ඇස් අන්ධවීම, මොළයේ ආබාධ ඇතිවීම සිදුවෙයි. පෘථිවියේ සිට අඟහරු ග‍්‍රහයා වෙතට ගමන් කිරීමට දින 500ක් පමණ ගතවන අතර මේ සදහා අභ්‍යවකාශ යානා සැලසුම් කිරීම හා ගගනගාමීන් පුහුණු කිරීම ද තරමක අභියෝගයක් වී තිබෙයි. නමුත් වර්තමානයේ පවත්නා දියුණු තාක්ෂණික ක‍්‍රම සලකාබැලීමේදී මෙය සිතන තරම් අපහසු කාර්යයක් ද නොවේ.
නමුත් මෙම චාරිකාවේදී ගගනගාමීන්ට විවිධ රෝගාබාධ රැුසකට මුහුණදීමට සිදුවන බව පර්යේෂණවලින් අනාවරණය කරගෙන තිබේ. දින 500ක් අභ්‍යවකාශ යානයක් තුළ ගමන්කිරීම ගගනගාමීන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි ඇතිකරන්නේ කිනම් ආකාරයක බලපෑමක් දැයි සොයාබැලීම සදහා පර්යේෂණ කිහිපයක් ද සිදුකර තිබෙයි. එවන් එක් පර්යේෂණයකින් සිදුකළේ ගගණගාමීන් ෙදාළොස් දෙනෙක් දින 500ක් අභ්‍යවකාශ යානයකට සමාන පාරිසරික තත්වයක සිටින්නට හැර ඔවුන්ගේ මානසික තත්වය පරික්ෂා කිරීමයි.
නමුත් මෙයින් ඔවුන්ගේ මානසික තත්වයට සැලකිය යුතු බලපෑමක් ඇති නොවන බවත් ඔවුන්ට සාමාන්‍ය පරිදි එදිනෙදා කාර්යයන් හි නිරත විය හැකිබවත් සොයාගන්නා ලදී. ඉහතින් සදහන් කළ ආකාරයට අභ්‍යවකාශයේ පවත්නා අන්තරීක්ෂ කිරණවලින් ඇතිකරන ප‍්‍රබල චුම්භක ක්ෂේත‍්‍ර නිසා අභ්‍යවකාශ යානයේ කි‍්‍රයාකාරීත්වයට ද යම් ආකාරයක බලපෑමක් ඇතිවන අතර එය අවම කළ හැක්කේ කෙසේද යන්න විද්‍යාඥයන් මේ දිනවල සොයාබලමින් සිටියි. කෙසේ වුවත් මිනිසුන් රැුගත් යානයක් මුල්වරට අඟහරු ග‍්‍රහයා වෙතට යන්නේ කෙදිනක දැයි තවමත් නිෂ්චිතව ප‍්‍රකාශ කළ නොහැකිය.

පිටසක්වල ඡීවීන් ගැන සිදුකළ පර්යේෂණ

අපගේ විශ්වයේ ඡීවත්වන එකම ඡීවී කොට්ඨාසය මිනිසා පමණක් නොවන බව බොහෝදෙනාගේ අදහසයි. පියාඹන පීරිසි වැනි අද්භූත යානාවලින් මෙවන් වෙනත් ග‍්‍රහලෝකවල සිටින අය නිතර නිතර පෘථිවියට පැමිණෙන බවත් ඇතැම් අවස්ථාවලදී ඔවුන් පෘථිවි වාසීන් සමග අදහස් හුවමාරු කරගත් ආකාරය පිළිබදවත් පුවත් ඉද-හිට අසන්නට ලැබෙයි. තවත් පිරිසක් සදහන් කරන්නේ එවන් අවස්ථාවල දී හමුවූ අද්භූත ඡීවීන් අදටත් පර්යේෂණාගාරවල පර්යේෂණවලට ලක්කරමින් පවත්නා බවයි. නමුත් මේවා පිළිබද තොරතුරු ප‍්‍රසිද්ධ කිරීමට ඔවුන් මැළිවෙයි. පිටසක්වල ඡීවීන් ගැන සොයාබැලීම සදහා ලෝකයේ දැවැන්ත ව්‍යාපෘති රැුසක් අදටත් කි‍්‍රයාත්මක වෙයි.
එවන් එක් ව්‍යාපෘතියක් වන්නේ සෙටී ය. යෝධ රේඩියෝ දුරේක්ෂවලින් පිටසක්වලින් පැමිණෙන තරංග පිළිබදව සොයාබැලීම මොවුන්ගේ කාර්යයි. අභ්‍යවකාශයේ සිට පෘථිවියට පැමිණෙන නොයෙක් ආකාරයේ රේඩියෝ තරංග සටහන් කරගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් ඒවා පැමිණෙන්නේ විශ්වයේ කිනම් ස්ථානයකින් දැයි සෙවීම මොවුන්ගේ කාර්යයි. නමුත් මෙයින් ද සැලකිය යුතු හෝඩුවාවක් ලබාගැනීමට අදටත් හැකිවී නැත. වොයේඡුර් යානාවේ පෘථිවි වාසීන් පිළිබදව තොරතුරු ඇතුළත් රන් ආලේපිත පත‍්‍රයක් ද සවිකළේ එය කෙදිනක හෝ විශ්වයේ සිටින බුද්ධිමත් ඡීවීන් විශේෂයකට හමුවුව හොත් පෘථිවි වාසීන් පිළිබද තොරතුරු දැනගැනීම සදහාය. වර්තමානය වනවිට අභ්‍යවකාශය පිළිබදව පර්යේෂණ පවත්වන බොහෝදෙනාගේ අවධානය යොමුවී ඇත්තේ චන්ද්‍රයා හා බ‍්‍රහස්පති යන ග‍්‍රහලෝකවල ඡීවීන් වාසය කරන්නේ දැයි සොයාබැලීම කෙරෙහිය. විශේෂයෙන්ම බ‍්‍රහස්පතිගේ යුරෝපා නම් උපග‍්‍රහයා මත යෝධ මුහුදක් ඇති බව අනාවරණය කරගෙන තිබෙන අතර එහි වායුගෝලයේ ප‍්‍රමාණවත් ඔක්සිඡුන් ප‍්‍රමාණයක් ද තිබෙන බව සොයාගෙන තිබෙයි. මේවා ඡීවයක් පැවතීමට අත්‍යවශ්‍ය සාධකවලින් කිහිපයකි.
නමුත් යුරෝපා උපග‍්‍රහයා මත සිටින ඡීවින් සොයායාමට ව්‍යාපෘති කිසිවක් තවමත් සැලසුම් කර නොමැත.


න්‍යෂ්ටික නිරායුධකරණය
මුළු පෘථිවියම අසුරු සැනෙකින් විනාශ කර දැමීමේ හැකියාවක් න්‍යෂ්ටික අවි ආයුධවලට තිබෙයි. න්‍යෂ්ටික ආයුධ නිපදවන කර්මාන්ත ශාලාවල අදටත් සුරක්ෂිතව ගබඩා කර ඇති න්‍යෂ්ටික අවි යම් ලෙසකින් පුපුරා ගියහොත් ලෝකයට අත්වන ඉරණම අමුවෙන් කිව යුතු නැත. විද්‍යාවේම දියුණුව නිසා ලෝකයට දායාද වූ මෙම න්‍යෂ්ටික අවි නිපදවීම නැවැත්වීමට ලෝකයේ ඇතැම් රටවල් එකග ඇත්තේ මෙහි ඇති දරුණු ඵළ විපාක අවබෝධ කරගෙන ඇති බැවිනි. වර්තමානයේදී න්‍යෂ්ටික අවි ආයුධ නිපදවීම හා අත්හදාබැලීමට විරුද්ධව ලෝක ඡුනමතයක් ද ඇතිවී තිබෙයි. 1980 දශකයේ සීතල යුද සමයෙන් පසුව ලෝකයේ න්‍යෂ්ටික අවි නිපදවීම එක්තරා දුරකට අඩු වී තිබෙයි. එසේම එක්සත් ඡුනපදය, රුසියාව වැනි ලෝකයේ න්‍යෂ්ටික අවි නිපදවන ප‍්‍රධාන රටවල් ද ලබන වසරේ සිට ඔවුන්ගේ නිෂ්පාදන හරි අඩකින් නතර කිරීමට එකග වී ඇත. නමුත් ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි ආයුධ සංචිතයට හිමිකම් කියන්නේ රුසියාව හා එක්සත් ඡුනපදයයි.
එය සියයට 95 කි. න්‍යෂ්ටික අවිවලට විරුද්ධව ලෝක ඡුනමතයක් නිර්මාණය වෙමින් පවත්නා මෙවන් පසුබිමක ඊශ‍්‍රායලය, පාකිස්ථානය, ඉන්දියාව, උතුරු කොරියාව වැනි තවත් රටවල් කිහිපයක් ඔවුන්ගේ න්‍යෂ්ටික අත්හදාබැලීම් දිගින් දිගටම සිදුකරගෙන යයි. පසුගිය දස වසර සලකා බැලීමේදී ලෝකයේ න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනයේ කැපීපෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන නිසා බොහෝදෙනා සදහන් කරන්නේ 2020 වන විට ලෝකයෙන් න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන්ම තුරන් වන බවයි.
නිදහස් ශක්තිය
වර්තමානයේ ලෝක බලශක්ති අවශ්‍යතාවයන්ගෙන් හරි අඩකටත් වඩා සපයාගන්නේ ෆොසිල ඉන්ධන දහනය කිරීමෙනි. ලෝක ඡුන සංඛ්‍යාවේ සිදුවන වර්ධනය නිසා මෙවන් ෆොසිල ඉන්ධන දහනය කරන ප‍්‍රමාණයේ ද කැපීපෙනෙන වර්ධනයක් වාර්ෂිකව දක්නට ලැබෙයි. මෙවන් ඉන්ධන දහනයත් සමගම පරිසරය ¥ෂණය වීමේ ප‍්‍රමාණය ද වාර්ෂිකව ඉහළ යමින් පවතී. මේ නිසා පරිසරයට හිතකාමී මෙන්ම නොමිළේ ලබාගත හැකි බලශක්ති ප‍්‍රභව දෙසට ලෝකයේ අවධානය යොමුවී ඇත. මෙය සමාඡීය, දේශපාලනික මෙන්ම ආර්ථිකමය අවශ්‍යතාවයක් බවට අද පත්වී තිබෙයි. ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව පවසන්නේ 2020 දී ලෝක බලශක්ති ඉල්ලූම සියයට 34 කින් ඉහළ යන බවයි. මේ නිසා සූර්ය තාපය, උදම්, සුළං බලය වැනි නොමිළේ ලබාගත හැකි බලශක්ති ප‍්‍රභව දෙසට අවධානය යොමුවී ඇත. මේවායින් ශක්තිය ලබාගැනීමේදී දැරිය යුතු මූලික වියදම වැඩි වුවත් ඒවායින් පරිසරයට සිදුවන හානිය ඉතාමත්ම අඩ මට්ටමක පවතී. තවත් දස වසරක් තුළ ලෝකයෙන් හරි අඩක්ම මෙවන් නොමිළේ ලබාගත හැකි විකල්ප බලශක්ති මූලාශ‍්‍රවලට නැඹුරුවන විචාරකයන්ගේ මතයයි.
එච්.අයි.වී / ඒඞ්ස් සඳහා සහනයක්
බොහෝදෙනා ඇසීමට පවා බිය වන රෝගයක් ලෙසින් එච්.අයි.වී / ඒඞ්ස් හැදින්වීම වරදක් නොවේ. තවමත් මෙම රෝගයට සාර්ථක ඖෂධයක් සොයාගැනීමට ලෝකයේ කිසිවෙක් සමත්වී නැත. නමුත් ලෝකය පුරා විසිරී සිටින වෛද්‍ය විශාරදයන් නිරතුරුව මෙම රෝගය සදහා ඖෂධයක් නිපදවීමේ කාර්යයෙහි යෙදී සිටී. වර්තමානය වනවිට විවිධ එන්නත් වර්ග එච්.අයි.වී / ඒඞ්ස් රෝගය සදහා නිපදවා ඇතත් ඒවායේ සාර්ථකත්වය හා ඇතිවන අතුරු ආබාධ පිළිබදව පොදු එකගත්වයක් ඇතිවී නොමැත. නමුත් ඉදිරි වසර 10 තුළ එච්.අයි.වී / ඒඞ්ස් රෝගයට සාර්ථක ඖෂධයක් සොයාගනු ඇතැයි බොහෝදෙනා විශ්වාසය පළ කරයි.

No comments:

Post a Comment