Saturday, February 20, 2010

වින්ඩෝස් සෙවන් ටිප්ස්, ටි්‍රක්ස් හා රහස්


මයික්‍රොසොෆ්ට් සමාගම විසින් හඳුන්වාදුන් නවතම මෙහෙයුම් පද්ධතිය වන්නේ වින්ඩෝස් සෙවන් ය. මෙයට ටික කලකට පෙර හඳුන්වාදුන් මෙහෙයුම් පද්ධතියක් වන නිසාම අප රටේ බොහෝ දෙනෙකුට වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය තූළ තිඛෙන අගනා පහසුකම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැත. රූ පරිගණක සගරාව ඔස්සේ වින්ඩෝස් සෙවන් බයිබලය යනුවෙන් අඛණ්ඩ පාඩම් මාලාවක් ඔබට තිළිණ කිරීමට අප තීරණය කළේද වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය ගැන ඔබ දැනගත යුතු දේවල් සියල්ලක්ම අදියරින් අදියර පැහැදිලි කිරීම සඳහායි. වැඩි කාර්යක්ෂමතාවයක්, පරිශීලක මිත්‍රශීලී අතුරු මුහුණතක් තිඛෙන මෙහෙයුම් පද්ධතියක් ලෙසින් ද මෙය හැඳින්වීමේ වරදක් නැත. වින්ඩෝස් සෙවන් තුළ ඇති, විස්ටා තුළ නැති පහසුකම් 18 ක්.

1. Problem Steps Recorder
ඔබටත් පරිගණකවල ඇතිවන දෝෂ නිරාකරණය පිළිබඳව යම් දැනුමක් තිඛෙන්නේ නම් ඔබගේ මිතුරන්ගේ පරිගණකවල ඇතිවන ගැටලූවලට ඔඛෙන් උපකාර ලබාගෙන ඇති. ඇතැම් විට ඔබගේ පරිගණකයේ යම් දෝෂයක් ඇතිවී තිඛෙන අවස්ථාවක අÞළ දෝෂයට හේතුව කුමක්දැයි ඔබට පහසුවෙන් සොයාගැනීමට අසීරු වෙයි. නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම මෙවන් තත්වයකදී ඔබට සහාය වීමට අගනා පහසුකමක් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියට එක්කර තිඛෙයි. එය හඳුන්වන්නේ Problem Steps Recorder යනුවෙනි. වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය තිඛෙන පරිගණකයක ඇති යම් මෘදුකාංගයක් හිතුමතේ කි්‍රයාත්මක වනවිට ීඒරඑ බොත්තම ක්ලික් කර ලැඛෙන ස්ටාට් මෙනුවේ ඇති කවුළුව තුළ යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න. පසුව යනුවෙනි. වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය තිඛෙන පරිගණකයක ඇති යම් මෘදුකාංගයක් හිතුමතේ කි්‍රයාත්මක වනවිට ීඒරඑ බොත්තම ක්ලික් කර ලැඛෙන ස්ටාට් මෙනුවේ ඇති කවුළුව තුළ යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න. පසුව Start Record යන්න ක්ලික් කරන්න. මෙයින් සිදුවන්නේ පරිගණකයේ සිදුවන සම්පූර්ණ කි්‍රයාකාරීත්වයම, ඔබ යතුරු පුවරුව හරහා ලබාදෙන සෑම විධානයක් ම මෙහෙයුම් පද්ධතිය විසින් පටිගත කරගැනීමයි. පසුව එය සිප් කරන ලද MHTML ආකෘතියට අනුව පරිගණකයේ සේව් වීම සිදුවෙයි. මෙම ගොනුව පරිගණක පිළිබඳ දැනුමක් තිඛෙන අයෙකුට පහසුවෙන් ම ඊමේල් කළ හැකිය. එය බලා ඔබගේ පරිගණකයේ ඇතිවී තිඛෙන දෝෂයට නිසි පිළිතුරක් ඔබට ලබාදීමට ඔහුට මෙමගින් හැකියාවක් ලැඛෙයි.

2. ඉමේජ බර්න් කරගැනීම
දැනට නොමිළේ ලබාගත හැකි මෙහෙයුම් පද්ධති විසින් හදුන්වාදෙන පහසුකමක් වන්නේ සී.ඩී. හෝ ඩී.වී.ඩී. වලට අයි.එස්.ඔි ආකාරයේ ඉමේජ බර්න් කරගැනීමට හෙවත් රයිට් කරගැනීමට අවස්ථාව සලසා දීමයි. මෙවන් ෆයිල්ස් භාවිත කිරීම තරමක් අපහසුය. නමුත් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියේදී පරිගණකයේ තිඛෙන මෙවන් අයි.එස්.ඔි ඉමේජයක් මත ඩබ්ල් ක්ලික් කර පරිගණකයේ සී.ඩී. හෝ ඩී.වී.ඩී. රයිටරය පෙන්වා දුන් පසුව ඉමේජය සී.ඩී. එකට නිතැතින්ම පිටපත් වීම සිදුවෙයි. මේ සහා වෙනත් කිසිදු මෘදුකාංගයක් අවශ්‍ය වන්නේ නැත.

3. VHD ෆයිල්ස් නිර්මාණය කරගැනීම හා මවුන්ට් කරගැනීම
මයික්‍රෙසොෆ්ට් වර්චුවල් පරිගණකයක තිඛෙන හාඩ් ඩිස්කයක VHD ආකාරයේ ෆයිල්ස් ගබඩා කර තැබිය හැකිය. පසුව වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය යටතේ මෙම ඩ්‍රයිව් එකෙහි ඇති ෆයිල්ස් මවුන්ට් කරගැනීමේ හා ඒවාට ප්‍රවේශ වීමේ හැකියාවක් ලැඛෙයි. මේ සඳහා Start බොත්තම ක්ලික් කර diskmgmt.msc යනුවෙන් සෙවුම් කවුළුව තුළ ටයිප් කර එන්ටර් කී එක ඔබන්න. පසුව Action > Attach VHD යන මෙනු විධාන ලබාදෙන්න. මී ළගට ඔබට මවුන්ට් කරගැනීමට අවශ්‍ය ෆයිල්ස් තෝරාගන්න. එවිට Explorer මෘදුකාංගය තුළ වර්චුවල් ඩ්‍ර්‍රයිව් එකක් ඔබට දැකගත හැකිවේවි. මෙහි ඇති ෆයිල්ස් ඔබට අවශ්‍ය ඔිනෑම කාර්යයක් සදහා යොÞගත හැකිය. නැවතත a Click Action > Create VHD යන විධානය ලබාදීමෙන් නව වර්චුවල් ඩ්‍රයිව් එකක් සාÞගත හැකිය. මේ සඳහා නිර්මාණය වූ වර්චුවල් ඩ්‍රයිව් එක මත Right click කර Initialise Disk යන විධානය තෝරාගන්න. මී ළගට ඩ්‍රයිව් එකෙහි භාවිත කර නොමැති ඉඩකඩක් පවතින ස්ථානයක Right click කර New Simple Volume යන විධානය තෝරාගත යුතුය. මෙම වර්චුවල් ඩ්‍රයිව් එක තුළට මෘදුකාංග ස්ථාපනය කරගැනීම වැනි කාර්යයන් රැසක්ම ඔබට සිදුකළ හැකිය. කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එක තුළ DISKPART යන විධානය ලබාදීමෙන් VHD ආකාරයේ ෆයිල් එකක් වෙන් කරගත හැකිය. EXPAND විධානයෙන් සිදුවන්නේ වර්චුවල් ඩ්‍රයිව් එකෙහි ධාරිතාවය උපරිම අගයක් දක්වා වැඩි කරගැනීමයි.

No comments:

Post a Comment