Saturday, February 20, 2010

පි්‍රන්ටරයක කි්‍රයාකාරීත්වය තාවකාලිකව නතර කිරීම



පරිගණකයක ඇති දෙයක පිටපත් ලබාගැනීමට අප බොහෝදෙනා භාවිත කරන උපකරණයක් ලෙසින් පි්‍රන්ටරය හැදින්විය හැකියි. පි්‍රන්ටරයකින් ලබාදෙන පිටපතක් අප හදුන්වන්නේ හාඩ් කොපි අවුට්පුට් එකක් වශයෙනි. මොනිටරයෙන් ද පරිගණකයේ ඇති දේවල් අපට දැකගත හැකියි. නමුත් මොනිටරයෙන් ලබාදෙන දර්ශනයක් අප හදුන්වන්නේ සොෆ්ට් කොපි අවුට්පුට් යනුවෙනි. පි්‍රන්ටර, මොනිටර වැනි උපකරණ පොදුවේ හදුන්වන්නේ අවුට්පුට් ඩිවයිසස් යනුවෙනි. පි්‍රන්ටරයකින් ලබාදෙන පිටපත් ස්පර්ශ කළ හැකි හෙවත් භෞතික ආකාරයෙන් යුක්ත වන නිසා එය හාඩ් කොපි අවුට්පුට් එකක් යනුවෙන් හදුන්වයි. නමුත් මොනිටරයෙන් දර්ශනය වන දේවල් අභෞතික නිසා එය හදුන්වන්නේ සොෆ්ට් කොපි අවුට්පුට් එකක් යනුවෙනි. පිටු කිහිපයකින් යුත් ලේඛනයක් ඔබ මුද්‍රණය කරගන්නේ යැයි සිතන්න.
මයික්‍රොසොෆ්ට් වර්ඩ් වැනි මෘදුකාංගයක් භාවිතයෙන් යම් ලේඛනයක් මුද්‍රණය කරගැනීමට නම් ඔබට අවශ්‍ය ආකාරයට කඩÞසි වර්ගයක් තෝරා දී ප්‍රින්ට් බොත්තම එබිය හැකියි. එවිට සමස්ත ලේඛනයම හෝ ඔබ තෝරාදුන් පිටු ගණන මුද්‍රණය කරගත හැකියි. නමුත් අත්වැරදීමකින් පිටු කිහිපයක් සහිත ලේඛනයක ඇති පිටු සියල්ලම මුද්‍රණය කරන්න යනුවෙන් ඔබ විධානය ලබාදුන් හොත් පි්‍රන්ටරයෙන් ඒවා නොකඩවා මුද්‍රණය වීම සිදුවනවා. මෙවන් අවස්ථාවලදී පි්‍රන්ටරයේ කි්‍රයාකාරීත්වය වහාම නතර කර නොගත හොත් කඩÞසි හා තීන්ත විශාල ප්‍රමාණයක් නාස්ති වීම සිදුවනවා.
මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ එවන් අවස්ථාවකදී ක්ෂණිකව මුද්‍රණ කාර්යය නතර කරගන්නා ආකාරයයි.පළමුවෙන්ම ඔබගේ අවධානය යොමුවිය යුත්තේ ඔබ භාවිත කරන පි්‍රන්ටරයේ Cancel හෝ Stop යනුවෙන් බොත්තම් තිඛෙන්නේ ද යන්නයි. Canon වර්ගයේ පි්‍රන්ටරවල මෙම බට්න්ස් පිහිටා තිඛෙනවා. නමුත් ඇතැම් පි්‍රන්ටරවල මේවා දක්නට ලැඛෙන්නේ නැහැ. මේ නිසා එම බොත්තම එබීමෙන් මුද්‍රණ කාර්යය නතර කරගත හැකියි.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළින් පි්‍රන්ටරයේ කි්‍රයාකාරීත්වය නතර කරගත හැකි වුවත් මේ සදහා තරමක කාලයක් ගතවීම එයට හේතුවයි.
මෙයට අමතරව පි්‍රන්ටරයේ කි්‍රයාකාරීත්වය තාවකාලිකව නතර කරගත හැකි තවත් ක්‍රමයක් වන්නේ ටාස්ක් බාරයේ සිස්ටම් ටේ්‍ර එකෙහි දැක්වෙන පි්‍රන්ටරය නියෝඡනය කරන අයිකනය මත ඩබ්ල් ක්ලික් කිරීමයි. එවිට ඔබට පි්‍රන්ට් ප්‍රොපටීස් සංවාද කොටුව මතුවන අතර එහි දැනට මුද්‍රණය වන ලේඛනයේ නාමය දැකගත හැකියි. එම ලේඛනයේ නාමය මත රසටයඑ ජකසජන කර ලැඛෙන මෙනුවෙන් ක‍්බජැක යන විධානය තෝරාගැනීමෙන් ඉදිරියට ඇති පිටු මුද්‍රණය වීම වළක්වාගත හැකියි. ලේඛන කිහිපයක් මුද්‍රණය කිරීමට තිඛෙන්නේ නම් Cancel All Documents විධානය තෝරාගන්න. මී ළගට ලැඛෙන්නේ මුද්‍රණය වීම නතර කරන්න ද? යනුවෙන් විමසා සිටින පණිවිඩයකි. එහි Yes බොත්තම ක්ලික් කරන්න. එවිට මුද්‍රණය කරගැනීමට සූÞනම් කර තිබූ සියලූම ලේඛණ මුද්‍රණය නොවනු ඇති.

No comments:

Post a Comment